ලංකාවට මෙවන් දවසක් උදාවේද?
ජනාධිපතිවරණය අවසානයේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ හිලරි ක්ලින්ටන් මහත්මියගේ කථනයන්ගේ කොටස් මෙසේ දැක්විය හැකිය.
"...මට දැන් ක්ලින්ටන් මහත්මියගෙන් සුබ පැතුම් පණිවිඩයක් ආවා.මමත් ඇයට සහ ඇගේ පවුලට සුබ පැතුවා. මේක අපි හැමෝගෙම දිනුමක්. ඇය ඉතාමත්ම හොඳින් ඡන්ද ව්‍යාපාරය කරගෙන ගියා. ඇය සම්පූර්ණ උත්සාහය යෙදුවා. හිලරි අපේ රට වෙනුවෙන් මහඟු සේවයක් කල කාන්තාවක්. ඇය රටට කල සේවය වෙනුවෙන් අපි ඇයට ණයගැතියි. ඇයට කළගුණ සැළකිය යුතුය.
දැන් අපේ සියලු විරසක සහ නොගැලපීම අමතක කොට දමා අපි රටක් ජාතියක් වශයෙන් ඉදිරියට යන්න ඕන. රිපබ්ලිකන් සහ ඩෙමොක්රැටික් සියලුම දෙනාම එක්ව එක ජාතියක් වගේ අපි ඉස්සරහට යමු.
මට ඡන්දය නොදුන් පිරිසට මම කියන්නෙ අපේ රටේ ඉදිරි ගමනට මට ඔබලාගේ සහයෝගය සහ මග පෙන්වීම අවශ්‍යයි කියල. අපි ඔක්කොම එකතු වෙලා ඉදිරියට යමු. අප රටේ සිටිනා සියලුම ජාතීන්, ආගමික විස්වාසයන් ඇති අය, විවිධ තරාතිරම්වලට අයිති අය අපි සියලු දෙනාම එක්සත්ව ඉදිරියට යමු..."
"...ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මම ඔහුට සුබ පැතුවෙමි. ඔහු සියලුම ඇමෙරිකානුවන්ගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන ජනාධිපතිවරයෙකු වන බව මම විශ්වාස කරමි. අපි සියලු දෙනාම ඔහු ඇමෙරිකාවේ ජනාධිපති වශයෙන් පිළිගත යුතු අතර ඉදිරියේදි අප රටේ සුබ සාධනය වෙනුවෙන් ඔහුට සෑම සහයෝගයක්ම අප දිය යුතුය..."
ඡන්ද ව්‍යාපාරය කුමන ආකාරයකින් සිදු වූවත් අවසානයේ රටක් ජාතියක් වශයෙන් එක්ව ඉදිරියට යාමට ඇමෙරිකානුවන් වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන්ගේ මෙම කථනයන් ඇමෙරිකානුවන් සියලු දෙනාටම උත්තේජනයක් වනු ඇත.
ලංකාවේ මැතිවරණයක් අවසානයේ ජයග්‍රහණය කල සහ පරාජිත අපේක්ෂකයන් එකිනෙකාට මඩ ගසා ගැනීමත් දෝෂාරෝපණය කිරීමත් හැරුනු විට මෙවැනි ජාති මාමක ප්‍රකාශ ඉදිරිපත් කල ඇති බව මම නම් අසා නැත.
මා වැරදි නම් නිවැරදි කරන්න.