ලංකාවට වැරදුනේ කොතනද?

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ලංකාවට වැරදුනේ කොතනද?

    අවවාදයයි: පක්ෂ දේශපාලනය කතා කිරීමෙන් වලකින්න.

    එළකිරි එකෙන් ඇවිත් රටක් හදන්ඩ බෑ තමයි ඒ උනාට උබල හැමෝටම තම තමන්ගේ ස්වාධින වූ මතයක් ඇති මේ අපේ රටට වෙලා තියෙන්නේ මොකද්ද කියල. ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක් කියන එක අපි හැමෝම පොඩි කලේ ඉදන් ඉගෙන ගන්නවනේ. එක බොරුවකුත් නෙමේ. එත් මෑත ඉතිහාසය ගත්තම් මේ වගේ එක තැන පල් වෙන රටක් වෙන කොහෙවත් නැතුව ඇති.

    දේශපාලකයන්ගේ වැරදි ඇති එත් මෙච්චර කල් මේ රටේ මිනිස්සු මොනවද කරේ. උදාහරණයක් විදිහට ගත්තම ආසියාවේම ලංකාවට වඩා පහල ආර්ථික මට්ටමක් තිබුණු රටවල් අද කොතනද ඉන්නේ

    ඉන්දියාවේ ලංකාවට වැඩ අන්ත දුප්පත් මිනිස්සු ඉන්න පැත්තකුත් තියනවා., එත් පැහැදිලිවම ලංකාවට වඩා සැහෙන ඉස්සරහින් ඉන්නවා

    සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල් අපි හිතනවට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ ලංකාවට වඩා.. ඒ රට වලටත් තිබුනේ අපිට වගේම සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි. භූගෝලීය පිහිටීම අනුවත් ඉතාම වටිනා තැනක ලංකාව පිහිටලා තියනව. ඇයි අපිට මෙච්චර කාලයක් යනකන් දියුණු රටක් වෙන්න බැරි උනේ.. අනිත් රටවල් දවසින් දවස් ඉදිරියට යනකොට ඇයි ලංකාව පස්සට යන්නේ?

    හරි ඔව් ඔව් වසර 30කට අසන්න කාලයක් දරුණු යුද්ධයක් මේ රටේ තිබ්බ තමයි. එත් එකට කලින් උනත් ඉවර වෙලා උනත් මේ රට දියුණුවක් කරා යන ගමනක් නම් පෙන්න තිබුනෙත් න ඇත්තෙත් නැ ..

    මේක ලංකාවේ මිනිස්සුන්ගේ උදාසීන කම, කම්මැලිකම වගේ දේවලුත් බලපාන්න පුළුවන්.. ඒ වගේම මෝඩකමත් ලොකු හේතුවක්.. එහෙනම් ඇයි මෙච්චර කල් මේක හදා ගන්න බැරි උනේ??

    නැවතත් කියන්නේ තම තමන්ගේ ඔබගේ දේශපාලන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න එපා මෙතන. අරය හොදයි මෙය හරි කියල වැඩක් නෑ.. මෙච්චර කාලෙකට ලංකාවට ගොඩ එන්න බැරි උනේ ඇයි කියල සහ මේ රට ගොඩ එන බවක් පෙන්න තියනව නම් ඒ ගැන ඔබගේ වටිනා අදහස එකතු කරලා යන්න..

    බොහොම ස්තුතියි
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දේශපාලනයෙන් තොරව රට ගැන කතාකරන්න බැහැ. එහෙම බැරි නන් ත්රෙඩ් එක වහලා පලයන් මල්ලි.

    අනික් කාරණාව අනේ වැදලා ඉල්ලන්නේ ලංකාවයි සිංගප්පූරැවයි සමාන කරන්න නන් එපා.
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    දේශපාලනයෙන් තොරව රට ගැන කතාකරන්න බැහැ. එහෙම බැරි නන් ත්රෙඩ් එක වහලා පලයන් මල්ලි.

    අනික් කාරණාව අනේ වැදලා ඉල්ලන්නේ ලංකාවයි සිංගප්පූරැවයි සමාන කරන්න නන් එපා.

    හරි අයියේ මන් කියන්නේ පක්ෂ දේශපාලනය.. නැත්තන් මෙතන හැම එකම මරා ගන්න හදනවනේ එකයි..

    ඇයි ලංකාවයි සිංගප්පූරැවයි සමාන කරන්න බැරි??

    දන්නේ නැති හින්දයි අහන්නෙ. පොඩි මල්ලිලට දැනගන්නත් එක්ක කියල දීපන්
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mekath eka varadimak----Lankave Parliament history eka gatthama, Parliament members la vela sitiye vadi hariyak sudusukam nathi aya. [No qualification]. Srilankave University degree eka best educational qualification nam, srilankave important decision ganna Parliament members lata university degree eka anivarrya karanne natthe ayi ????Degree eke mistake ekakdha ? Nathnam Parliament method eke mistake ekakdha ?
     
    Last edited:
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Mekath eka varadimak----Lankave Parliament history eka gatthama, Parliament members la vela sitiye vadi hariyak sudusukam nathi aya. [No qualification]. Srilankave University degree eka best educational qualification nam, srilankave important decision ganna Parliament members lata university degree eka anivarrya karanne natthe ayi ????Degree eke mistake ekakdha ? Nathnam Parliament method eke mistake ekakdha ?

    :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Parliament history eka gatthama vadi hariyak Parliament members la vela sitiye SAPATA KAPU BEEPU POHOSATH [RICH] ayane. Unta molayak thiyenavadha ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankava parliament history eka gatthama, Attha vasayen vela thiyenne---Parliament members la visin podhu Janayata sevayak kirima nove. Podhu Janaya visin Parliament members lata sevaya kirimai vela thiyenne.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි අයියේ මන් කියන්නේ මෑත කාලයේ දේශපාලනය.. නැත්තන් මෙතන හැම එකම මරා ගන්න හදනවනේ එකයි..

    ඇයි ලංකාවයි සිංගප්පූරැවයි සමාන කරන්න බැරි??

    දන්නේ නැති හින්දයි අහන්නෙ. පොඩි මල්ලිලට දැනගන්නත් එක්ක කියල දීපන්

    සිංගප්පූරැව කියන්නේ කොළඹට වඩා පොඩි දූපතක්. ඒකයි ලනකාවයි සමාන වෙන්නෙ කොහොමද? සිංගප්පුරැවට අදාල ප්රස්න නෙමේ අපිට තියෙන්නේ.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    mekai wade deshapalane nathuwa owa kiyanna ba.e poduwe gaththama parliment ekata yawana minissunwa path kara gaddi poddak therumak athuwa krnna one.

    ඒ කියන්නේ මචන් රටේ ඉන්න මිස්සුන්ගේ වැරදි නිසා නේද., රටේ මිනිස්සු හොද ය පාර්ලිමේන්තුවට යව්වනම් හරිනේ., චන්දෙ කාලෙට බත් පැකට් එකයි බොතක් කාකි දීල රවට්ට ගන්න පුළුවන් කියන්නේ මිනිස්සු මෝඩයි කියන එක නෙමෙයි ද?

    නැත්තන් ඇයි අනිත් රටවල් වලට මෙහෙම වෙන්නේ නැත්තේ..??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example-----Podhu janayata problems vadi una. Ath parliament members la family pitin, develop una. A madivata unta Pension ekakuth set karala deela, PISSU PIKUDU KIWWALU.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    අවවාදයයි: පක්ෂ දේශපාලනය කතා කිරීමෙන් වලකින්න.

    නැවතත් කියන්නේ තම තමන්ගේ ඔබගේ දේශපාලන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න එපා මෙතන. අරය හොදයි මෙය හරි කියල වැඩක් නෑ.. මෙච්චර කාලෙකට ලංකාවට ගොඩ එන්න බැරි උනේ ඇයි කියල සහ මේ රට ගොඩ එන බවක් පෙන්න තියනව නම් ඒ ගැන ඔබගේ වටිනා අදහස එකතු කරලා යන්න..

    බොහොම ස්තුතියි

    මේ මගේ අදහස:

    මෙච්චර කාලෙකට ලංකාවට ගොඩ එන්න බැරි උනේ ඇයි?
    • නිවැරදි සමාජයීය, ආර්ථික, දේශපාලනික ප්‍රතිපත්ති රාමුවක් නැති නිසා.
    • මිනිසුන්ගේ නොදැනුවත් කම.
    • ලාංකීය සමාජය බොහෝවිට හැඟීම් මත තීරණ ගැනීම නිසා
    • පසුගාමී ආකල්ප නිසා
    • අකාර්යක්ෂම කළමනාකාරීත්වය.
    • ....

    මේ රට ගොඩ එන බවක් පෙන්න තියනවද?
    ලඟකදි නෑ, ඇයි?
    • අස්ථාවර රජයක් අස්ථාවර පාලනයක් --> ව්‍යාකූල රටක්.
    • හා ඉහත ප්‍රශ්නයේ හේතු.

    මේ රට ගොඩ ගැනීම:

    අමාරුයි.
    දැඩි තීරණ අවශ්‍යයි.

    වෙනනමම මාතෘකාවක්.....
     
    • Like
    Reactions: awjas2621

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි
    පවාදීම
    දේශීය දේවල් අගය නොකිරීම
    තවත් තියෙනවා උප මාතෘකා:)
     
    • Like
    Reactions: awjas2621

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    සිංගප්පූරැව කියන්නේ කොළඹට වඩා පොඩි දූපතක්. ඒකයි ලනකාවයි සමාන වෙන්නෙ කොහොමද? සිංගප්පුරැවට අදාල ප්රස්න නෙමේ අපිට තියෙන්නේ.

    ඒක හරි මචන්.. එහෙනම් මැලේසියාව අරගනින්කෝ එකම size නේ.. ඔය ඔක්කොම රටවල් වලට ඉස්සරහින් නේ ලංකාව තිබිල තියෙන්නේ. එත් අද කොතනද ලංකාව ඉන්නේ
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    මේ මගේ අදහස:

    මෙච්චර කාලෙකට ලංකාවට ගොඩ එන්න බැරි උනේ ඇයි?
    • නිවැරදි සමාජයීය, ආර්ථික, දේශපාලනික ප්‍රතිපත්ති රාමුවක් නැති නිසා.
    • මිනිසුන්ගේ නොදැනුවත් කම.
    • ලාංකීය සමාජය බොහෝවිට හැඟීම් මත තීරණ ගැනීම නිසා
    • පසුගාමී ආකල්ප නිසා
    • අකාර්යක්ෂම කළමනාකාරීත්වය.
    • ....

    මේ රට ගොඩ එන බවක් පෙන්න තියනවද?
    ලඟකදි නෑ, ඇයි?
    • අස්ථාවර රජයක් අස්ථාවර පාලනයක් --> ව්‍යාකූල රටක්.
    • හා ඉහත ප්‍රශ්නයේ හේතු.

    මේ රට ගොඩ ගැනීම:

    අමාරුයි.
    දැඩි තීරණ අවශ්‍යයි.

    වෙනනමම මාතෘකාවක්.....

    good one bro :yes::yes:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    හරි අයියේ මන් කියන්නේ පක්ෂ දේශපාලනය.. නැත්තන් මෙතන හැම එකම මරා ගන්න හදනවනේ එකයි..

    ඇයි ලංකාවයි සිංගප්පූරැවයි සමාන කරන්න බැරි??

    දන්නේ නැති හින්දයි අහන්නෙ. පොඩි මල්ලිලට දැනගන්නත් එක්ක කියල දීපන්

    සිංගප්පූරුව වගේ රටවල් දියුනු උනේ සල්ලිකාරයන්ට ජොලි කරන්න ප්ලේස් විදියට බන්. අපේ රටේ තියෙනව වගේ පැහැදිලි ජාතියක් ආගමක් පරිස්සම් කරන් ඒ විදියට දියුනු වෙන්න අමාරුවෙයි. මටනම් තේරෙන දේ අපේ රටෙ අයගෙ තියෙන ලොකුම දුර්වලතාවය, දේශපාලකයන්ට දේවත්වයෙන් සලකන්න යන එක. පැත්තක් කියල නෑ. ඒකෙන් හැම එකාගෙම ego එක වැඩිවෙනව. උන් රටට වැඩ කරනව වෙනුවට ලැබුනු චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්නව. උන්ගේ රස්සාව රට හදන එක අපේ සල්ලිවලින්. එහෙම නොකරන උන් මොකා උනත් එකයි එලවන්න ඕනෙ.

    අනිත් කාරනේ බලපන් අපේ රටෙ කොච්චර වටින ඉතිහාසයක් තිබ්බත් පරිණත සංස්කෘතියක් ආගමක් තිබ්බත් කීයෙන් කීදෙනාද ඒව අනුගමනය කරන්නෙ. අනික් හැමදේම වගේ ඒවත් කටින්.

    බොරුවට අනිත් ජාතිවලට රටවල් වලට බැන බැන ඉඳල වැඩක් නෑ බන්. සුද්දො කාලෙත් සල්ලිවලට තත්වයට අපේ රට පාව දුන්න උන් මේකෙ හිටිය. උන් නිසා අපිට තිබ්බ වටිනම දේ, අපේ සිංහල කම අපිට නැති උනා.

    දැන් ඉතින් අපි අපේ දේට හිනාවෙනව සිංහල බැරි උනත් කමක් නෑ ඉංග්‍රිසි වැරදුනොත් හිනාවෙනව. පටු දේශපාලනය ජාතිවාදය වහේ අදහස් ඔක්කොම හිතින් අයින් කරල ඇත්තටම ලංකාවට ආදරේ කරපු දවසට එදා හෙළ දිව පොතේ තියෙන ලංකාව වගේ රටක් හැදෙයි. මිනිස්සු ඇත්තටම ආදරේ නැති රටක් කොහොම දියුණුවෙන්නද බන්??
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankava nam Nava[ship] eka Gilunath, illana deval deepallai kiyala Strike kirmath , development ekata badavaki.[disturbance]