යම් කෙනෙකු ගෙයක් හැදීම, වාහනයක් මිලට ගැනීම වගේ භෞතික වශයෙන් තමන්ට වැදගත් සන්ධිස්ථානයක් පසු කළාම ලංකාවේ සමහරුන් ප්‍රතිචාර දක්වන ඔවුන්ට ම ආවේණික විදියක් තියනවා.
"අයියෝ, මට කිව්වා නම් මීට වඩා අඩුවට හොයලා දෙනවනෙ..." "මේ දවස්වල ඉඩම්වල ගණන් බැහැලා තියෙන්නේ - කාර් එකට සල්ලි යට කරන්නේ නැතුව ඉඩමක් අරන් දාන්න තිබුණෙ..." "මීට වඩා අලුත් මොඩල් එකක් තියනවා අහවල් ගාණට - කෙලින්ම ඒක ගන්න තිබුණෙ..." වගේ ප්‍රතිචාර ලංකාවේ නිතර ඇහෙනවා.
හුඟ දෙනෙක් මේ ගැන වැඩිදුර හිතුවේ නැති වුණාට මේ ප්‍රතිචාරවලින් ලංකාවේ මිනිසුන් ගේ ඇතුළාන්තය ගැන 'දේශපාලනික' කතාවක් කියැවෙනවා.
ලංකාව ඇරුණම මම වැඩිපුර ම ඇවිදලා තියෙන්නේ ඉන්දියාවේ. ලංකාවේ සහ ඉන්දියාවේ මිනිස්සුන් ගේ චර්යා රටාවල සමහර සමානකම් දැකලා තිබුණත් පුද්ගලික ජයග්‍රහණවලට මේ විදියට ප්‍රතිචාර දක්වන ක්‍රමය මම ඉන්දියාවේ එච්චර දැකලා නැහැ. සමහර ආසියානු රටවල ඉන්න මිත්‍රයින්ගෙන් මේ ගැන ඇහුවම ඔවුනුත් කිව්වේ ඔවුන් ගේ රටවලත් මේ විදියේ ප්‍රතිචාර වැඩිය ඇහෙන්නේ නැති බවයි.
ඒ අනුව මේක ලංකාවට විතරක් ආවේණික ප්‍රතිචාර දක්වන විදියක් කියලා අනුමානයකට එන්න පුළුවන්. මම හිතන්නේ මේක ලංකාවෙත් පහුගිය අවුරුදු 40 වගේ ඇතුළත වර්ධනය වුණු දෙයක්. ඊට කලින් ඇස්වහ, කටවහ, වස් දොස්, හදි හූනියම් ගැන මිනිස්සු කතා වුණත් මේ විදියේ ප්‍රතිචාර ගැන ඒ තරම් අහන්න ලැබුණු බවට ආරංචියක් නැහැ.
මේ ප්‍රතිචාර දක්වන විදිය සහ ඊට පදනම් වෙන සාධක ගැන ටිකක් ගැඹුරින් හිතන්න ඕනෙ මේ කිසි දෙයක් අහසින් පාත් වෙන දේවල් නොවෙන හින්දයි. ඒවා මහපොළොවේ පැළවීමට සුවිශේෂී හේතු තියනවා.
යම් කෙනෙකු තමන්ට සතුටුදායක ප්‍රවෘත්තියක් කියන වෙලාවට මේ විදියේ ප්‍රතිචාරයක් දැක්වූවම එතැන මතුපිටින් පෙන්වන්න හදන්නේ කිසියම් ව්‍යාජ හිතවත්කමක්. හැබැයි ඊට යටින් උත්සාහ කරන්නේ ඒ පුද්ගලයා භුක්ති විඳින සතුට ඇල්පෙනෙත්තකින් ඇනලා සිදුරු කරන්න. තමන් ජීවිතයේ පසුකරපු සංධිස්ථානය ගැන සතුටු වෙනවා වෙනුවට "අයියෝ, අපරාදෙ!" වගේ හැඟීමක් ඔවුන් ගේ සිත් ඇතුළට කාන්දු කරන්න.
වෙනත් විදියකට කිව්වොත් ඔවුන් ජයග්‍රහණයක් විදියට දකින දේ ගැන කිසියම් පශ්චාත්තාපයක් ඇති කරවලා සතුට 'ඇල්මැරිමේ' හෝ dilute කිරීමේ (සැර බාල කිරීමේ ) වුවමනාවකුත් එතැන තියෙනවා.
මේක හුදෙක් තනි තනි පුද්ගලයා තුළ තියෙන ඉරිසියාව කියලා විතරක් ලඝු කරන්න මම කැමති නැහැ. ඉරිසියාව කියන්නේ ලෝකය පුරා හුඟක් තැන්වල ඉන්නෙ මිනිසුන් තුළ අඩු වැඩි වශයෙන් පවතින හැඟීමක්. ඒත් මෙතැන තියෙන්නේ ඊට වඩා වෙනස්, ලංකාවට ම විශේෂ මනෝභාවයක් කියලා මම හිතනවා. ඒ මනෝභාවය ඇතිවෙන්න හේතු තියනවා.
අවුරුදු 40ක් වැනි සාපේක්ෂව කෙටි කාලයක් තුළ ලංකාව කියන පුංචි දූපත තමන්ට ඔරොත්තු නොදෙන තරමේ කැළඹිලි විශාල ප්‍රමාණයක් පසු කළා. අවුරුදු 30ක් ඇදුණු සිවිල් යුද්ධයක්, තරුණ නැගිටීම්, ඝාතන, මරණ, හිංසනය, විපත්, දැවැන්ත ආර්ථික විපර්යාස වගේ හැම දෙයක් එක්ක ම සමාජය මත විශාල පීඩනයක් ගොඩනැගුණා. අනෙක් පැත්තෙන් මේ පීඩනය කාටවත් හානියක් නොවන විදියට පිට කරන මාර්ග ලංකාවේ තමත් හැදිලා නැහැ - එහෙම හදන්න කාටවත් ලොකු ඕනෙකමකුත් නැහැ. දියුණු විනෝදාස්වාද හෝ රසවින්දන සංස්කෘතියක්වත් දියුණු ආධ්‍යාත්මික ජීවිතයක්වත් ලංකාවේ මිනිසුන්ට නැහැ. මේ නිසා මේ විශාල සමාජ පීඩනය තනි තනි මිනිස්සු තමන් ගේ උරහිස් මත දරාගෙන ඉන්නවා.
මේ තනි තනි මිනිස්සු දරාගෙන ඉන්න පීඩනය පිටවෙලා යන තැන් හුඟක් අපේ එදිනෙදා ජීවිතවල දකින්න ලැබෙනවා. ඉස්කෝලවල, විශ්ව විද්‍යාලවල, මහ පාරේ වාහන එළවනකොට, පන්සල් පල්ලි කෝවිල්වල, කාර්යාලවල විතරක් නෙවෙයි ගෙවල් ඇතුළෙත් එක එක විදියට මේ පීඩනය පිට වෙනවා.
තනි තනි මිනිස්සු තමන් ගේ පීඩනය පිට කරන එක විදියක් තමයි තමන් අත්විඳින පීඩනය තව කෙනෙකු මත පැටවීම. වෙනත් වචන වලින් කිව්වොත් 'පරපීඩනය'.
යම් කෙනෙකු ජීවිතයේ තමන් ලැබූ පුද්ගලික ජයග්‍රහණයක් ගැන සතුටකින් ඉන්න වෙලාවට ඒ සතුට ඇල්පෙනෙත්තකින් ඇනලා සිදුරු කරන්න හදන පුද්ගලයෙකු තුළ ඇත්තට ම තියෙන්නේ මේ පරපීඩන වුවමනාව. එහෙම සතුට සිදුරු වෙනකොට ඒ ප්‍රතිචාරය දක්වන කෙනාට සියුම් තෘප්තියක් දැනෙනවා. හැබැයි ඒක වටේ ඉතා ම ලස්සන මිත්‍රත්වයේ සහ හිතවත්කමේ අයිසිං එකක් තියනවා. සමහර වෙලාවට මෙය ඔවුන්ටත් නොදැනී සිදුවෙන දෙයක් වෙන්න පුළුවන්.
මේ ලෝකයේ ජීවත් වන ඕනෑ ම කෙනෙකුට තමන් ගේ ම කියලා ප්‍රමුඛතා ලැයිස්තුවක් තියනවා. මේ හැම ප්‍රමුඛතාවක් ම තාර්කික නැහැ. එහෙම තාර්කික වෙන්න ඕනෙත් නැහැ. ඔවුන් ඒ ප්‍රමුඛතා ඔවුන්ගේ ම විදියට, ඔවුන්ට ගැළපෙන අන්දමට සපුරා ගන්නවා. තමන් සපුරාගන්න හැම ඉලක්කයක ම වගකීම තියෙන්නේ තමන්ට. ඒවයේ පිරිවැය ගෙවන්නෙත් තමන්මයි. ඒ නිසා තමන් තමන් ගේ ඉලක්ක සහ ප්‍රමුඛතා සපුරා ගන්නකොට ඕනෑම තරමකට සතුටු වීමේ පරම අයිතියක් තමන්ට තියනවා. එයට ගරු නොකරන යම් කෙනෙකු වේ නම් ඒ ඉතා ම නරක අන්දමේ කුහකයෙකු හෝ පරපීඩකයෙකු පමණයි.
පොදුවේ අප පවත්වන සමාජ සම්බන්ධතාවල දී මෙය තේරුම් ගැනීම වැදගත්. මෙය තේරුම් නොගන්නා තරම අනුන් විසින් මුදාහරින නොයෙක් වස විස අපේ ජීවිතවල ඉතිරි වෙනවා. ඒ විදියට ම අප තුළ ඉතිරි වන වස විස අප අන්‍යයන් මත මුදාහරිනවා. අපටත් නොදැනීම අප මේ අවුල තුළ හිරවෙනවා.
ඒ වගේ ම සමාජයක් විදියට අප මුහුණ දෙන මේ 'සමූහ මානසික ප්‍රශ්න' විසඳාගන්නේ නැතුව යහපත් අනාගතයක් ගැන සිහින මැවිය නොහැකියි. අමාරු දේවල් කතා නොකර, අමාරු ප්‍රශ්නවලට උත්තර නොසොයා අපට අඩියක් වත් ඉදිරියට යාමට පුළුවන් යැයි මා සිතන්නේ නැහැ. එතකොට අඩු තරමින් මොන දේ නැති වුණත් මිනිසුන් ගේ පුද්ගලික සතුටට වැට බඳින්නේ නැති රටක් නිර්මාණය කරගන්න අපට පුළුවන්.
-
රසික ජයකොඩි
21 - 09 - 2021