ලංකාවට වින කරන රාවනා මිථ්‍යාව

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
ලංකාවට වින කරන රාවනා මිථ්‍යාව

ලංකාවට වින කරන රාවනා මිථ්‍යාව Written by මල්ලිකා රත්නායක Friday, 23 July 2010 01:14
killingravan.jpg
Top Lanka News
රාම රාවනා කතාව ශ‍්‍රී ලංකාව සම්බන්ධ පුවතක් නොවේ. ඉතිහාසයේ කිසිම කලෙක රාවනා නමින් රජෙක් ලංකාවේ විසු බවට කටකතා මිස මොනම ඓතිහාසික වාර්තාවක් නැත. මේ කටකතාවක් ලංකාවේ පැතිර ගියේ කෝට්ටේ කාලයේ මිස ඊට ඉස්සර ලංකාවේ රාවනෙක් ගැන කතාවක් නොතිබුණ බව මාර්ටින් වික‍්‍රමසිංහ මහතා හේතු ඇතිව පැහැදිලි කර දි තිබේ. එහෙම තියෙද්දී මේ රාම රාවනා බහු භුතය ඇදගන දගලන පිරිසක් සිටිති. මොවුන් අඩුම තරමින් ලෝකය තියා ඉන්දියාව ගැනවත් නොදන්නා බව නම් ස්ථිරයි.
ඉන්දියාවේ ජනගහණයෙන් ඉතාම වැඩි පිරිසක් හින්දු ආගම අදහති. හින්දු ආගම අදහන ඉන්දියානුවෝ තවත් රටවල් ගණනාවක වෙසෙති. මේ හැමෝම රාම අදහති. රාම සිතා කතාව හරියටම සිදුවුන දෙයක් වශයෙන් ඔවුන් පිළිගනිති.
ඉන්දියාවේ හැම ප‍්‍රාන්තයකම වාගේ හැම වසරකම රාවනා පිලිස්සීමේ සිරිතක් පවතී. ඉන්දියාවේ කලක් විසුවේ මේ කාලයේ රට පුරා පවත්වන උත්සව හා රටේ ජනතාව හැසිරෙන හැටි දනිති. රාවනා හැම දුසිරිතකටම අධිපති යක්ෂයෙක් යයි ඉන්දියාවන්ගේ ලොකු විශ්වාසයක් පවති. හින්දුන් අතර පමණක් නොව ඉන්දියාවේ මුස්ලිම් ආගමිකයින් පවා රාවනා යක්ෂයා යයි සිතති. පසුගිය කාලයේ මෙම අදහස තේමා කරගෙන දිල්ලි 6 නමින් බොලිවුඞ් චිත‍්‍රපටියක් ප නිෂ්පාදනය කෙරුනි. එය නරඹන්නෙකුට ඉන්දියානු චින්තනය රාවනා නැමැති කලූ වදුරාගේ චරිතය කෙරෙහි මොන තරම් අප‍්‍රියාවක් දක්වනාවා ද යන කාරණාව තේරුම් ගන්ඩ පුලූවනි.
රාම රාවනා කතාවේ ඓතිහාසික ඇත්තක් තිබේදැයි සොයා බැලූ ඉන්දීය ඉතිහාසඥයින් කියන්නේ රාම රාවනා කතාවේ සදහන් වෙන පුවත ඉන්දියාව අතුලත සිදුවු දෙයක් බවයි. ඊට ශ‍්‍රී ලංකාව කොහොමටවත් සම්බන්ධ නැතැයි ඔවුන් කියා තිබේ. නමුත් අවාසනාව ලංකාවේ පිරිසක් නෑ නෑ රාවනා අපේ රජෙක්් ය කියමින් රාවනා බදා ගැනිමයි. මෙහෙම කියන කිසිම කෙනෙක් රාවනා ගැන පර්යේෂවන පවත්වපු අය නොවේ. නිකන් ඕපාදුප පඩිවරුයි. රාවනා බදා ගැනිමේ අනුවනකම රජයේ නිලධාරින්ට කිහිප දෙනෙකුට ද වැළදී තියෙන බව කිවයුතු කාරණාවකි. ඔවුන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරිම සදහා ලංකාවේ සිතා හිරකර තැබු තැනක් පෙන්වීමට සුදානම් වෙති. මේක අමුම අමු තකිතීරු ක‍්‍රියාවකි.
ලංකාව රාවනා ගේ රට යයි කීමෙන් කෙරෙන්නේ ලංකාවේ ජනතාව නින්දාවට ලක්විම පමණි. මේ කාරණාව සමහරුන්ට නොතේරී රාවනා යුගයේ ඓතිහාසික තොරතුරු කතා ගොතන්ඩ පවා උනන්දු වි තිබේ. කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලංකාවේ රාවනා යුගයක් ගැන කතා කරති. මේ පිරිස ජාතියටම නින්දාවට කරති.
සිංහල ඉතිහාසයේ මොනම තැනකවත් රාවනෙක් ගැන සදහන් නොවේ. වංශකතාවල එවැනි දෙයක් කෝ?. රාවනා යනු අමුලික මිථ්‍යා කතාවකි. අපි මේ මිථ්‍යා කතාව එය උපන් රට ඉන්දියාවට පවරා අයින් විය යුතුවෙමු. එහෙම නැතිනම් කරගන්නේ මහා විනාශයකි.
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ල0කාවේ රාවණා නම්න් රජෙක් සිටි බවට පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇත..නමුත් ඒ මෑත කාලයක නොව, කෝණාගමන බුදුරදුන් ගේ සමයේයි...
එය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් ඔබට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන රවණා ට අයිතිව තිබු පුස්කොල පොත් නැරඹිමට පුලුවන්...
යම්කිසි දෙයක් කවුරුත් කිව් තරමින් හෝ කාගේ හෝ පොතක පලවී තිබු පමනින් ඒ ගැන නිගමන වලට පමිණීම නුසුදුසු බව මතක තබා ගන්න...
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ල0කාවේ රාවණා නම්න් රජෙක් සිටි බවට පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇත..නමුත් ඒ මෑත කාලයක නොව, කෝණාගමන බුදුරදුන් ගේ සමයේයි...
එය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් ඔබට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන රවණා ට අයිතිව තිබු පුස්කොල පොත් නැරඹිමට පුලුවන්...
යම්කිසි දෙයක් කවුරුත් කිව් තරමින් හෝ කාගේ හෝ පොතක පලවී තිබු පමනින් ඒ ගැන නිගමන වලට පමිණීම නුසුදුසු බව මතක තබා ගන්න...

මචෝ සිරාද බන්..මචෝ පුලුවන් නම් මේ ගැන තවත් විස්තර හොයලා(දන්න විස්තරත් එක්ක)දාන්න.අපේ ගොඩක් අයට වැදගත් වෙයි...
 

tdevinda

Member
Nov 16, 2006
858
19
0
42
Mattegoda
මේ කටකතාවක් ලංකාවේ පැතිර ගියේ කෝට්ටේ කාලයේ මිස ඊට ඉස්සර ලංකාවේ රාවනෙක් ගැන කතාවක් නොතිබුණ බව මාර්ටින් වික‍්‍රමසිංහ මහතා හේතු ඇතිව පැහැදිලි කර දි තිබේ. එහෙම තියෙද්දී මේ රාම රාවනා බහු භුතය ඇදගන දගලන පිරිසක් සිටිති. මොවුන් අඩුම තරමින් ලෝකය තියා ඉන්දියාව ගැනවත් නොදන්නා බව නම් ස්ථිරයි.

රාම රාවනා කතාවේ ඓතිහාසික ඇත්තක් තිබේදැයි සොයා බැලූ ඉන්දීය ඉතිහාසඥයින් කියන්නේ රාම රාවනා කතාවේ සදහන් වෙන පුවත ඉන්දියාව අතුලත සිදුවු දෙයක් බවයි. ඊට ශ‍්‍රී ලංකාව කොහොමටවත් සම්බන්ධ නැතැයි ඔවුන් කියා තිබේ.


එතකොට ඉන්දියාවෙ වඳුරො‍ කියන කථා 100% හරි නේ?
අම්මප කීයක් දුන්නද දන්නෙ නෑ මේක ලියන්න!

එතකොට මේ හම්බ උණ සෙල් ලිපි එහෙම මාටිං අයිය දැක්කෙ නැතුව ඇති!
 

GMBC

Member
Jun 19, 2010
33
4
0
valmikige ramayane vidihata hari ravana kathava kiyana eken lankavata vena haniya poddak pahadili karanavada??
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Rawana gana magenam adahasa lankawe hitapu balawath raja kenek kiyana ekay. E wagema Hoda waydya warayek. dasa his kiyana eke artha godak thiyenawa. minisun 10 denekge shakthiya thibuna bawath danuma thibuna bawath kiyawenawa.. E wagema lanka ithihaasaye man wadathma agaya karana rajathuma.. Rawana kiyala raja kenek lankawe hitapu eka gana mata attatama adambaray. Rama rawana kathawanam hindunta oni widiyata edit karala liyagattu ekak wenna athi..
 

narakaya

Member
Oct 30, 2006
325
3
0
Colombo
මූට නම් ඉන්දියාවෙ එකෙක් මොනවා හරි කරල තියෙනවා...(ශිස්ට සම්පන්න විය යුතු නිසා නියම වචන පාවිච්චි කලේ නැත)
 

srilion

Member
May 24, 2007
2
0
0
:frown::frown:නැ නැ බන් ඉස්සර ඉදන්ම රට පවලා දුන්න ජාතික දොහොයො හිටියනේ බන් මු උන්ගේ එකේක්
මැටි මොලා
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
වට්එවර්.... කිං රාවනා රොක්ස්!!
non of indian kings could come to sri lanka and stole a queen.
 

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
rawana sri lankawata sambanda kathawak newei kiyala oke writer kohomada kiyanne.
anith eka oka Religious section1ta aithi deyak nemei.
onama nam History section1ta ekata gihilla discuss karanna.
 
Jan 21, 2010
721
278
0
Italy
අපේ රාවණා රජුගේ රු සපුව දැක සිතා කුමරිය රාවණා අජු සමග පෙමින් බැදුනා.. ඉතින් රාවණා රජු සමග ඇය අවා.... අනික ඔය කියන රාම කුමරුගේ අතින් අප මහා රජු මිය ගියේ නැහැ... එක සත්‍යක්....
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

කොහොමත් අර ලන්දේසි ලංකාවට ඇවිත් ගියාට පස්සේ ලන්දේසි පැටව්
මෙහෙත් දගලන්න පටන් ගත්තනේ... නැත්තන් මමත් කියනව හොන්දවයෙන් දෙකක්... දෙපැත්තේම ඇඟිලි ගහ ගන්න... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මචෝ සිරාද බන්..මචෝ පුලුවන් නම් මේ ගැන තවත් විස්තර හොයලා(දන්න විස්තරත් එක්ක)දාන්න.අපේ ගොඩක් අයට වැදගත් වෙයි...

    ඔව් මචන් ඇත්තටම ගොඩක් වැදගත් වෙයි අපි ආසයි ඒවා බලන්න