ලංකාවට_අලුත්_වැඩක් One & Only Cha...

_nimal

Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    ලංකාවට_අලුත්_වැඩක් One & Only Cha...

    ඔන්න යලුවනේ කලෙකට පස්සෙ මම ත්‍රෙඩ් එකක් දාන්නෙ. එළ කිරියෙ ඉන්න ගොඩ දෙනෙක් මාව දන්නෙ නෑ. කොහොම වුනත් දෙතුන් දෙනෙක් දන්නව මම මොනවද කරන්නෙ කියල.

    ඇත්තටම මට ඔයලට කියන්න අවශ්‍ය වුනේ. අපි ලංකාවට අලුත් වැඩක් කරා කියල කියන්න. මේක ලංකාවට අලුත් දෙයක් වුනාට ලෝකෙට අලුත් දෙයක් නෙවි කියලත් කියන්න ඕන. නමුත් දැනට ලෝකයේ ඩිවෙලොප්ඩ් කරපු මේවගෙ සිස්ටම් වලින් 80%ක් පමන ප්‍රමාණයක් නිර්මනය කරල තියෙන්නෙ ලංකාවෙන් බිහිවුන අපේ කොල්ලෙක්ගෙ මොළයෙන්.(අප්‍රසිද්දියට ඉත ප්‍රිය කරන මෙම පරිඝණක ඉංජිනේරුවා එළකිරියේ සාමාජිකයකු වීම, ඔබ සැමටද ආඩම්බර වියහැකි කරුනකි )

    දැන් කියන්නම් මොකක්ද අපි කල වැඩේ කියල.

    මෙන්න මෙකයි වැඩේ. "ලංකවෙ ප්‍රථම ප්‍රයිවෙට් චැට් ලයින්" (One & Only Private Chat Line in Sri Lanka) එක නිර්මාණය කිරීම.
    මේක ලබන මාසෙ තමා ඕපන් කරන්න තියෙන්නෙ. නමුත් හැමදේම ප්‍රථමයෙන් අපේ එළ කිරියෙ යාලුවන්ට කියන නිසා. ඔයාලට බීටා ටෙස්ටින් එකට මෙතනින් දැන්ම ජොයින් වෙන්න පුලුවන්.

    දැනට මෙම සේවාව සදහා නවීනතම Google Chrome (Windows, Linux, OSX & Android) වෙබ් බ්‍රවුසරය පමණක් භාවිතා කරන්න.(වර්ශන් 31 හෝ ඊට ඉහල )

    භාවිතා කිරීම පිලිබද කෙටි විස්තරයක්
    මේක ලංකාවෙ අයට හුගක් අලුත් අත්දැකීමක්. මම වොයිස් චැට් කරන විදිය ඔයාලට වෙනම ලිපියකින් කියල දෙන්නම්. නමුත් ඔයාලට වැඩේ වෙන විදිය ගැන පොඩි අදහසක් දෙන්නම්.

    ප්‍රයිවට් වොයිස් චැට් වලදි වෙන්නෙ මේකයි. ඔයාල "චැට් රූම්" එකට ජොයින් වුනාම ඔයාලට පුලුවන් තමන් ගැන පොඩි හැදින්වීමක් රෙකෝඩ් කරන්න (ඔයාල කැමති මොනවගේ අය එක්ක කතාකරන්නද, මොනව ගැන කතාකරන්නද, මොනවටද කැමති කියල ). ඊට පස්සෙ ඔයලට පුලුවන් චැට් රූම් එකට ජොයින් වෙල ඉන්න අනිත් යූසර්ලගෙ (ෆ්‍රි යූසර්ස් ) හැදින්වීම්වලට සවන් දෙන්න. ඔයාල කැමති ග්‍රීටින් එකක්/හැදින්වීමක් ඇසුනු ගමන් ඔයාලට පුලුවන් ඒ යුසර් එක්ක ප්‍රයිවට් චැට් එකකට යන්න. මේ සදහා "KeyPad" එකේ අංක 2 හෝ "Talk" බටනය ක්ලික් කරන්න. ඔබ චැට් කර කර ඉන්න යුසර් හොද නැතිනම් "Kick" බටන් එක ක්ලික් කර ප්‍රයිවට් චැට් එකෙන් ඉවත් වන්න පුලුවන්. ඊට පසු ඔබට අනෙක් ෆ්‍රී යුසර්ලගෙ හැදින්වීම් වලට නැවතත් සවන්දෙන්න පුලුවන්.

    1 වන පියවර.
    මේ ලින්ක් (http://goo.gl/fjx6Ez) එක Google Chrome වලින් ඕපන් කරන්න.

    2 වන පියවර.
    "Sign In" බටන් එක ක්ලික් කරන්න.
    ඔයාලට "Connected" කියල "Join Chat Rooms" බටන් එකට යටින් දැක ගන්න පුලුවන් නම් ඔයාල සිස්ටම් එකට "Signed" වෙලා ඉවරයි. දැන් 3 වන පියවරට යන්න.

    3 වන පියවර.
    "Join Chat Rooms" බටන් එක ක්ලික් කරන්න.
    එතකොට ඔයලට මෙන්න මේ වගේ පොඩි ඇලට් එකක් බ්‍රවුසර් එකේ දකින්න පුලුවන්
    WbyCgra.png

    ඒක "Allow" කරන්න. ඊට පස්සෙ "KeyPad" බටන් එක ක්ලික් කරන්න එතකොට ඔයලට කීපෑඩ් දැකගන්න පුලුවන්. ටික වේලාවක් ඉන්න කොට ඔයාලට උපඩෙස් මලාවක් English වලින් අහන්න ලැබේවි. ඊට පස්සෙ සිස්ටම් එක කියන විදියට ක්‍රියාකරන්න.

    මේ සම්බන්ධව ඔයාලට ගැටලු තියෙනවනම් කරුණාකරල අහන්න.

    ස්තුතියි!

    සැ. යු. : ඔයාලට සිංහල භාශාව භාවිතා කිරීමට පුලුවන. සිංහල උපදෙස් මාලාවක් නුදුරු දිනකදී ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.

    Last edited:
    • Like
    Reactions: wapw

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    අලුත් එකට වැඩ!!!:). සයිට් එකට ගියාම එන මැසේජ් එක OK කරන්න:lol: මගේ 26 තියෙන්නෙ. නමුත් ලිනක්ස්
    ඔයා හරි. ඒත් Chrome යූස් කරන්න කියල තමයි. අපි ඉල්ලන්නෙ. මොකද Google Chrome හොදට WebRTC සපෝර්ට් කරන නිසා :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අලුත් එකට වැඩ!!!:). සයිට් එකට ගියාම එන මැසේජ් එක OK කරන්න:lol: මගේ 26 තියෙන්නෙ. නමුත් ලිනක්ස්

    mage 24:(

    ආ නිමල් හුග කාලෙකට පස්සෙ. ඔන්න මගෙනුත් බම්පියක්.

    :eek:
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    Mata pahadili madi
    මේක ලංකාවෙ අයට හුගක් අලුත් අත්දැකීමක්. මම වොයිස් චැට් කරන විදිය ඔයාලට වෙනම ලිපියකින් කියල දෙන්නම්. නමුත් ඔයාලට වැඩේ වෙන විදිය ගැන පොඩි අදහසක් දෙන්නම්.

    ප්‍රයිවට් වොයිස් චැට් වලදි වෙන්නෙ මේකයි. ඔයාල "චැට් රූම්" එකට ජොයින් වුනාම ඔයාලට පුලුවන් තමන් ගැන පොඩි හැදින්වීමක් රෙකෝඩ් කරන්න (ඔයාල කැමති මොනවගේ අය එක්ක කතාකරන්නද, මොනව ගැන කතාකරන්නද, මොනවටද කැමති කියල ). ඊට පස්සෙ ඔයලට පුලුවන් චැට් රූම් එකට ජොයින් වෙල ඉන්න අනිත් යූසර්ලගෙ (ෆ්‍රි යූසර්ස් ) හැදින්වීම්වලට සවන් දෙන්න. ඔයාල කැමති ග්‍රීටින් එකක්/හැදින්වීමක් ඇසුනු ගමන් ඔයාලට පුලුවන් ඒ යුසර් එක්ක ප්‍රයිවට් චැට් එකකට යන්න. මේ සදහා "KeyPad" එකේ අංක 2 හෝ "Talk" බටනය ක්ලික් කරන්න. ඔබ චැට් කර කර ඉන්න යුසර් හොද නැතිනම් "Kick" බටන් එක ක්ලික් කර ප්‍රයිවට් චැට් එකෙන් ඉවත් වන්න පුලුවන්. ඊට පසු ඔබට අනෙක් ෆ්‍රී යුසර්ලගෙ හැදින්වීම් වලට නැවතත් සවන්දෙන්න පුලුවන්.

    1 වන පියවර.
    මේ ලින්ක් (http://goo.gl/fjx6Ez) එක Google Chrome වලින් ඕපන් කරන්න.

    2 වන පියවර.
    "Sign In" බටන් එක ක්ලික් කරන්න.
    ඔයාලට "Connected" කියල "Join Chat Rooms" බටන් එකට යටින් දැක ගන්න පුලුවන් නම්
    ඔයාල සිස්ටම් එකට "Signed" වෙලා ඉවරයි. දැන් 3 වන පියවරට යන්න.

    3 වන පියවර.
    "Join Chat Rooms" බටන් එක ක්ලික් කරන්න.
    එතකොට ඔයලට මෙන්න මේ වගේ පොඩි ඇලට් එකක් බ්‍රවුසර් එකේ දකින්න පුලුවන්
    WbyCgra.png

    ඒක "Allow" කරන්න. ඊට පස්සෙ "KeyPad" බටන් එක ක්ලික් කරන්න එතකොට ඔයලට කීපෑඩ් දැකගන්න පුලුවන්. ටික වේලාවක් ඉන්න කොට ඔයාලට උපඩෙස් මලාවක් English වලින් අහන්න ලැබේවි. ඊට පස්සෙ සිස්ටම් එක කියන විදියට ක්‍රියාකරන්න.

    අපැහැදිලි දෙයක් තියෙනව නම් අහන්න.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    machang chrome 32 thiyenne. sing in gahuwata connect wenne ne ne. mata english site ekak kiyanne mekata udaharanayak widiyata.