ලංකාවතාර සූත්‍රය සහ ලංකාව
පසුගිය දිනවල ඩැනිස්ටර් පෙරේරා මහතා විසින් ලංකාවතාර සූත්‍රය ගැන ලිපියක් පල කර තිබූ අතර ඊට විවිධාකාරයේ අදහස් පාඨකයන් විසින් පල කර තිබිනි. එහිදී රාවණ පිළිබඳව සාකච්ඡා කර තිබූ අතර ලංකාව ගැන ද සාකච්ඡා කර තිබිණි. මේ ලිපිය පරිශීලනය කල විට මා හට ද ඒ සම්බන්ධයෙන් ලිපියක් පල කිරීමට සිතිනි.
සුසිත් රුවන් මහතා ලංකාව තුළ දක්ෂ සහ ජනප්‍රිය කතෘවරයෙකි. ඔහුව මා හඳුනාගත් මුල් කෘතිය වන්නේ රාවණ මෙහෙයුම කෘතියයි. මේ වන විට එම කෘතියේ තෙවන වෙළුම ද සුසිත් රුවන් මහතා විසින් එළිදක්වා අවසන් ය. එම කෘතියේ දී රාවණා ලංකාවේ සිටි බවට මූලාශ්‍රයක් ලෙසින් ලංකාවතාර සූත්‍රය දක්වා තිබේ. ඩැනිස්ටර් පෙරේරා මහතාගේ ලිපිය කියවන්නට ලැබුනේ ඉන් පසුව ය.
ලංකාවතාර සූත්‍රය කෙරේ යොමුවන්නේ නම් බහුතරයකගේ විශ්වාසය වන්නේ ලංකාවතාර සූත්‍රය ලංකාවේ අභයගිරිය ආශ්‍රය කර ගනිමින් රචනා වූවක් බවයි. අප දන්නා පරිදි වළගම්බා රජුගේ කාලයේ ඇරඹෙන අභයගිරි ගුරුකුලය ථෙරවාදයට වඩා වෙනත් සම්ප්‍රදායන්ට තම දොරගුලු විවර කල ගුරුකුලයකි. ලංකාවේ මහායානයේ මූල්‍යස්ථානය වූයේ අභයගිරිය යි. බුද්ෂඝෝෂ හිමියන් දඹදිව වැඩම කිරීමට පෙර ඔවුන්ව ද පිනවීමට සිදුව තිබේ. ඒ අනුව සංස්කෘත භාෂාවෙන් අභයගිරියේ භික්ෂූන්වහන්සේලා ඉදිරිපිට බණ කීමට බුද්ධඝෝෂ හිමි කටයුතු කර ඇත.
රාවණා ගැන ලංකාවේ පමණක් නොවේ ඉන්දියාව ඇතුලු තවත් රටවල කතා කරයි. ඒ රටවල ඔහු සම්බන්ධ මූලික මූලාශ්‍රය වන්නේ රාමායණය වේ. කෙසේවෙතත් ලංකාවේ මෑත කාලීන පණ්ඩිතයන් (පණ්ඩිතයන් ලෙසින් මෙහිදී මා අදහස් කලේ ප්‍රඥාවතුන්ය) විසින් රාවණා ලංකාවේ සිටි බව පෙන්වීම සඳහා රාමායණය හැරුණු විට ලංකාවතාර සූත්‍රය ද සාක්ෂියක් ලෙසින් දක්වයි. ලංකාවතාර සූත්‍රයට අනුව රාවණා ඉන්නේ ලංකාවේ ය. මේ ලංකාවතාර සූත්‍රය මහායාන බෞද්ධ සම්ප්‍රදායේ ප්‍රධාන සූත්‍රයන්ගෙන් එකක් වන අතර එහි මහායාන ඉගැන්වීම් ඇතුළත්ව තිබේ. මේ වන විට මෙකී සූත්‍රය කියැවීමේ හැකියාව සිංහලයන්ට ඇත. ථෙරවාදී සම්ප්‍රදාය විසින් මේ සූත්‍රය පිළිගන්නේ නැත. එය සයවැනි ධම්ම සංගායනාවේදී ත්‍රිපිටකයට අදාළ සූත්‍රයක් ලෙසින් සලකා නැති අතර කණිෂ්ක රජ කල පැවැත් වූ පළමු මහායාන සංගායනාව නැත්නම් නිලනොලත් සිව්වන ධම්ම සංගායනාවට ද අයත් වූ බවක් පෙනෙන්නේ නැත. එයින් එය එතරම් පැරණි සූත්‍රයක් නොවන බව සිතා ගත හැක. නමුත් ලංකාවතාර සූත්‍රය අද වන විට මහායාන සම්ප්‍රදායේ මූලික සූත්‍රයකි, ඉගැන්වීමකි.
ලංකාවතර සූත්‍රයේ චීන සංස්කරණ කීපයක් ඇති අතර එයින් පැරණිම සංස්කරණය වන්නේ ක්‍රි.ව. 443 දී පමණ ගුණබද්‍ර විසින් කරනු ලැබූ සංස්කරණය යි. මෙහි රාවණා පිළිබඳව සඳහන් වන්නේ නැත. නමුත් බෝධිරුචිගේ සංස්කරණයේ සහ සික්ෂානන්දගේ සංස්කරණයේ දී රාවණ පිළිබඳ කොටස ඇතුළත්ව තිබේ. සංස්කෘත සංස්කරණයේ ද ඒ පිළිබඳව සඳහන් වේ. රාවණා ගැන සඳහන් වන්නේ ලංකාවේ අධිපති රාවණා ලෙසින් ම ය. අනෙක් අතට දස හිස් ඇති රාවණා ලෙස ද හැඳින් වේ. ඒ අනුව මේ කියන්නේ රාමායණයේ සඳහන් රාවණා ම බව පැහැදිලි ය. මේ බව සඳහන් කරන්නට යෙදුනේ සමහරු විසින් රාවණා යනු ‘නාමයක්’ බවට කරුණු ඉදිරිපත් කරන නිසාවෙනි.
තවත් සමහරු මෙම සූත්‍රයේ සඳහන් බුදුරජාණන්වහන්සේ මේ භද්‍රකල්පයේ පහල වූ ගෞතම බුදුරජාණන්වහන්සේ නොවන බව ද සඳහන් කරයි. එය හිත සනහා ගැනීමට කිව හැක්කක් මිස තාර්කික කතාවක් නොවේ. මන්දයත්, මහායානය තුළ කතාකරන්නේත් ථෙරවාදයේ කථා කරන ගෞතම බුදුරජාණන්වහන්සේ ගැනම නිසාවෙනි. වෙනත් බුදුවරුන් ගැන සඳහන් කරන්නේ නම් මහායානයේ වුවත් ථෙරවාදයේ වුවත් ඒ පිළිබඳව නිශ්චිතව සඳහන් කරයි. නිදසුනකට විපස්සි හෝ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ.
එය එසේ තිබියදෙන්. ලංකාවතාර සූත්‍රයට අනුව රාවණා යනු බෞද්ධයකු බව සැක නොමැතිව සිතිය හැක. නමුත් රාවණා යනු උග්‍ර ශිව භක්තිකයකු බවට ද පිළිගනී. ඔහු විසින් ශිව දෙවියන් සතුටු කිරීමට ශිව තාණ්ඩවය නිර්මාණය කර ගායනා කළ අතර තපස් ද රැක්කේ ය. ඒ තපසේ ගුණයට පැහැදුන ශිව දෙවියන් රාවණට දුන් බලමහිමයේ ප්‍රභලතාවය අවසන්වූයේ රාම අතින් මරණයට පත්වීමෙනි. ලංකාවේ රාවණවාදීහු මෙය විශ්වාස නොකරති.
ලංකාවතාර සූත්‍රයෙ රාවණාට අමතරව සඳහන්වෙන අනෙක් ප්‍රසිද්ධ පුද්ගලයා වන්නේ මහාමතී බෝධිසත්වයන් ය. මහාමතී යන නාමය ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ ද යොදාගැනෙන නාමයකි. දීපවංශය තුළ අවස්ථා කීපයක දී මහාමතී නාමය යොදා ගෙන තිබේ. ඒ ආකාරයට උපාලි මහරහතන්වහන්සේ, යෝනකධම්මරක්ඛිත මහරහතන්වහන්සේ, ත්‍රිපිටකය දරා සිටි භික්ෂූන්වහන්සේලා මහාමතී ලෙසින් හඳුන්වා ඇත. මහාමතී යන නාමය දීපවංශයේ දී යොදාඇත්තේ විශේෂ පුද්ගලයකු හඳුන්වා දීමට වන අතර එයම ලංකාවතාර සූත්‍රය තුළ බෝධිසත්වයන් හඳුන්වා දීමට යොදාගෙන ඇති බව පැහැදිලි ය.
දීපවංශයේ මෙන්ම මහාවංශයේ ද බුදුරජාණන්වහන්සේගේ ලංකාගමන් තුන ගැන සඳහන් වේ. ලංකාවේ සිටි යක්ෂයින් ගිරි දිවයිනට පිටත් කිරීම ගැන කතාව එහි සඳහන් ය. ලංකාවතාර සූත්‍රයට අනුව රාවණා යනු යක්ෂයින්ගේ රජු වේ. ඔහු බුදුරජාණන්වහන්සේට ධර්ම දේශනය සඳහා ආරාධනා කරයි. මේ අනුව මහාවිහාරික සම්ප්‍රදායානුකූල ස්ථාවරයට වෙනස් ස්ථාවරයක් මේ මහායාන සූත්‍රය තුළ ඇති අතර එයින් එය මහාවිහාරයට විරුද්ධ මත පල කරන ගුරුකුලයක් මුල් කරගෙන ඇති බව පෙනී යයි. අනෙක් අතට ථෙරවාදී සම්ප්‍රදාය මුල් කරගත් කතාවම මහාවංශය තුළින් බිඳහෙලන අතර දීපවංශයේදී එය එසේ නොවේ. මා මෙහිදී අදහස් කලේ විජය එන විට යක්ෂයින් ලංකාවේ සිටි බවට මහාවංශය ඉදිරිපත් කරන අදහස ගැන ය. මේ සියල්ල නිරීක්ෂණය කළ කතුවරයකු විසින් ලංකාවතාර සූත්‍රය සම්පාදනය කර තිබේ.
ෆා හියංගේ ලංකා ගමන, ගුනබද්‍රගේ ලංකාගමන සහ බෝධිරුචිගේ පරිවර්ථනය සැලකීමේ දී රාවණා පිළිබඳ කොටස ඇතුලත් වන්නේ බෝධිරුචිගේ සංස්කරණයට ය. ගුනබද්‍ර ඊට පෙර ලංකාවට පැමිණ තිබේ. එයින් රාවණ පිළිබඳ කොටස පසුව ලංකාවතාර සූත්‍රයට ඇතුළු වී ඇති බව සනාථ වේ.
විවිධාකාරයට රාවණා ලංකාවේ සිටි බව පෙන්වීමට උත්සාහ දැරීම සඳහා ලංකාවතාර සූත්‍රය යොදා ගත්තද එය පසුව ලංකාවතාර සූත්‍රයට එක්ව ඇති කොටසක් බව පෙනී යන නිසා එකී තර්කයෙන් ඵලක් නොවේ. නමුත් සිත සනහා ගැනීමට එයින් හැකියාව ලැබේ.