ලංකාවම_රත්වෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ලංකාවම_රත්වෙයි

    dcb4143c591703c41acedd610475aa1b.jpg


    මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ ගණනාවක් දැඩි උණුසුමක පවතින අතර පසුගිය දින කිහිපයේදී පමණක් උපරිම උෂ්ණත්වය රත්නපුර, කුරුණෑගල, යාපනය, මහඉලුප්පල්ලම, වවුනියාව, අනුරාධපුර හා පොළොන්නරුව, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී. ඒ අනුව දැනට වාර්තා වී ඇති උපරිම උෂ්ණත්වය ලෙස, (සෙල්සියස්)

    * කුරුණෑගල – 37.9
    * අනුරාධපුර – 37.8
    * මහඉලුප්පල්ලම – 37.7
    * වවුනියාව – 37.00
    * යාපනය – 36.3
    * රත්නපුර – 36.1
    * පොළොන්නරුව – 36.1
    * මොනරාගල – 36.0

    මේ දිස්ත්‍රික්කවල වාර්තා වී ඇති අතර
    මත්තල – 34.5
    කටුනායක – 33.5
    කටුගස්තොට – 35.2
    කොළඹ – 31.4
    හලාවත – 30.2
    ගාල්ල – 32.2
    හම්බන්තොට – 32.1
    මන්නාරම – 33.2
    නුවරඑළිය – 24.1
    පොතුවිල් – 32.0
    පුත්තලම – 33.5
    රත්මලාන – 33.5
    ත්‍රිකුණාමලය – 32.8
    දැඩි උෂ්ණත්වයක් පවතින බව වාර්තා වී තිබේ.

    සාමාන්‍යයෙන් පවතින සෙල්සියස් අංශකයට වඩා අංශක 2ක හෝ 3ක උෂ්ණත්වයක් මේ දිනවල වැඩි වී ඇති අතර පහළ වායුගෝලයේ පමණක් ජල වාෂ්ප වැඩිවීමත් සමඟ අන්තර් මෝසම් සක්‍රිය නොවීම මේ කාලගුණික තත්ත්වයට හේතුව බවද ඔවුහු කීහ.

    සාමාන්‍යයෙන් මේ දිනවල උණුසුම වැඩි වුවද පසුගිය වර්ෂවලදී අන්තර්මෝසම් සක්‍රිය වීම හේතුවෙන් උණුසුම දැඩි ලෙස බල නොපෑවද මේ වසරේදී අන්තර් මෝසම් සක්‍රිය නොවීම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඍජුවම දැනෙන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ උෂ්ණත්වය අප්‍රේල් මස අවසානය වනතුරුම පැවැතිය හැකි බවද පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ තත්ත්වය සම්පූර්ණයෙන් පහව යනු ලබන්නේ මැයි මසදී අන්තර් මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ බවද අවධාරණය කෙළේය.

    කුරුණෑගල ඇතුගල පර්වතයේ පැළුමක් ඇතිවීමට උෂ්ණත්වය ඍජුවම බලපා ඇති බවට තොරතුරු මේවන තුරු වාර්තා නොවී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    පවතින දැඩි උෂ්ණත්වය කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද දැඩිව බලපාන බවත් මේ තත්ත්වය ලබන මාසය වනතුරු පවතින බැවින් සමේ රෝග තත්ත්වයක් ඇතිවිය හැකි බවද ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. කුඩා දරුවන්ගේ සමේ දහදිය බිබිළි මේ තත්ත්වය යටතේ ඇති විය හැකි බැවින් කුඩා ළමයින් විනාඩි 20-30ක කාලයක් ජලයේ තැබීමෙන් මේ තත්ත්වය අවම කරගත හැකි බවද ඒ මහතා ‘මව්බිම’ට කීවේය. මේ තත්ත්වය යටතේ දැඩිලෙස දහදිය වහනය වීම නිසා විජලන තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වැඩිපුර ජලය පානය කිරීමට වගබලා ගත යුතු බවද ළමා රෝග පිළිබඳ විශේෂඥ දීපාල් පෙරේරා මහතා තවදුරටත් සඳහන් කෙළේය.

    උපුටා ගැනීම මව්බිම පත්තරෙන්
    මල්ෂා නානායක්කාර
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ ගණනාවක් දැඩි උණුසුමක පවතින අතර පසුගිය දින කිහිපයේදී පමණක් උපරිම උෂ්ණත්වය රත්නපුර, කුරුණෑගල, යාපනය, මහඉලුප්පල්ලම, වවුනියාව, අනුරාධපුර හා පොළොන්නරුව, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

    උපුටා ගැනීම මව්බිම පත්තරෙන්
    මල්ෂා නානායක්කාර

    :D:D:D:shocked:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අන්තර් මෝසම් සක්‍රිය නොවීම.........:baffled::baffled:
    සක්‍රිය වෙයන් ඉක්මනින් හැබැයි වදයක් වෙන්න එපා ඕන්........:eek:
     
    • Haha
    Reactions: Akithama