ලංකාවෙන් පලමු වරට් YouTube එකට නඩුවක්. 🤐🤐🤐

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අමෙරිකාවේ YouTube ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා. ඒ, අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්. සිය අධ්‍යාපන ආයතනය සිදු කළ පැමිණිලි සහ එන්තරවාසි නොතකා YouTube ආයතනය එම අපහසාත්මක වීඩියෝ පටය ඉවත් නොකිරීම හේතු කොටගෙන Education Center (REC) විසින් යූ ටියුබ් (You tube LLC) ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ‘‘කලම්බෝ ටුඩේ’’ යන නමින් යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යනු ලබන කීර්ති දුනුවිල නමැති අයකු සහ අමරිකා එක්සත් ජනපදයේ සිය මූලස්ථානය පවත්වාගෙන යනු ලබන YouTube ආයතනය නම් කර තිබෙනවා. පැමිණිලිකරු වෙනුවෙන් දැක්වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු කේ.කේ. ලියනගේ අදාළ අපහාසාත්මක වීඩියෝ තවදුරටත් විකාශනය කිරීම වළක්වමින් ‘කලම්බෝ ටුඩේ’ හි කීර්ති දුණුවිලට සහYouTube ආයතනයට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කළා.YouTube ආයතනය වාණිජමය වාසි තකා සත්‍යතාව සහ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව YouTube සමාජ ජාලයේ විවිධ නාළිකා නිර්මාණය කර ගැනීමට පහසුකම් සලසන බව අධිකරණයට දන්වා සිටින පැමිණිලිකරුවන්, YouTube ජාලයේ ක්‍රියාත්මක වන කලම්බෝ ටුඩේ (Colombo Today) නම් වූ රහසිගතව මෙහෙයවන ලද නාළිකාවක් පළ කරන ලද අපහාසාත්මක වීඩියෝ පටයක් මෙම නඩුකරයට පාදක වූ බවද දන්වා සිටියා.

    සැබෑ පුද්ගල අනන්‍යතාවක් නොමැතිව සහ නිශ්චිත ලිපිනයක් නොමැතිව කලම්බෝ ටුඩේ නමින් නාළිකාවක් නිර්මාණය කිරීමට YouTube එල්.එල්.සී. ආයතනය අවසර දී තිබෙන බවද පැමිණිලිකරු දන්වා සිටිනවා.

    අදාළ නාළිකාව ලියාපදිංචි කිරීමේදී ලබාදී ඇති ලිපිනය සැබෑ ලිපිනයක් නොවන බවත් එය ලන්ඩන් නගරයේ පිහිටි විනෝදාත්මක ස්ථානයක ලිපිනයක් බවත් දන්වා සිටින පැමිණිලිකරුවන් අපහාසාත්මක වීඩියෝපටය ඉවත් කරන ලෙස කළ දැනුම්දීමද YouTube ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි අධිකරණයට දන්වා සිටියේ. අපහාසාත්මක යැයි කියන වීඩියෝව මගින් REC කැම්පස් ආයතනය සිසුන්ගේ මුදල් වංචා කරන, වංචාකරුවකු ලෙස දන්වා තිබෙන අතර එමගින් තමන් දැඩි අවමානයකට ලක්වූ බවත් පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් කොළඹ දිසා අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.


    -ගොසිප් ලංකා-
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සැබෑ පුද්ගල අනන්‍යතාවක් නොමැතිව සහ නිශ්චිත ලිපිනයක් නොමැතිව කලම්බෝ ටුඩේ නමින් නාළිකාවක් නිර්මාණය කිරීමට YouTube එල්.එල්.සී. ආයතනය අවසර දී තිබෙන බවද පැමිණිලිකරු දන්වා සිටිනවා.:rofl::rofl::rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උන්ට වෙන වැඩ නැත්නම් හොඳයි ලංකාවේ මඟුල් බල බල ඉන්න..
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    යු tube එක ඉවරයි...පව් සකර් බරි
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: මේ පකයල නිසා ලංකාවටම යූටියුබ් බෑන් වෙන සීන් එකක් වෙයි කියල හීනියට පොඩි බයකුත් එනව,ඊලගට අර කුස්සි අම්මල දෙන්නත් යූටියුබ් එකට එරෙහිව නඩු දාන්න පටන් ගනී රෙසෙපි කොපි කරන්න යූටියුබ් එකෙන් අවසර දුන්නය කියල :lol:
    අර මනිය කියන බේසිගෙ කොල්ල රට වටේම උන්ට අපහාස කරනව, ඒකටත් තව එකෙක් දිසා අධිකරණය හමුවේ නඩු පවරයි.. :lol: එහෙම බැලුවොත් කීයක් කියල නඩු දායිද බන් අපේ බේසිගෙ දූලා පුතාලා.. අනේ මන්ද බන්, ලංකාවට මේ services දෙන යූටියුබ් එකේ උන්ට කෙලින්න ඕන 😂😆
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    සැබෑ පුද්ගල අනන්‍යතාවක් නොමැතිව සහ නිශ්චිත ලිපිනයක් නොමැතිව කලම්බෝ ටුඩේ නමින් නාළිකාවක් නිර්මාණය කිරීමට YouTube එල්.එල්.සී. ආයතනය අවසර දී තිබෙන බවද පැමිණිලිකරු දන්වා සිටිනවා.:rofl::rofl::rofl:
    fake kochchara thiyanawada oke...lol
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ohoma madak kapu eka tamai eke raha danne. new channel walta mokak hari niyamanayak tibba nan hodai. hujja kollo channel ato gena minissunta mada gahnwa. (deshapaluwo neme) :yes:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,298
    26,808
    113
    Kandy
    මාත් ඇවිත් බැලුවේ " අපේ අම්මා " ද කියලා
    එයාට පිස්සු යුටියුබ් ප්‍රතම රන්සම්මාන ලාබිනිය කිය කිය යුටියුබ් එකෙන් ඩුන්න එක වර්නන්නා කර කර යුටියුබ් එකෙන් එයාගේ විඩියෝ පහල දානවා ට්‍රෙන්ඩින් එන්නේ නෑ කිය කිය අදෝනා දෙනවා.මම නම් බලන් නෑ ඒ චැනල් එක.m .r kitchen athal kitchen bandi full ee wage ewa balanne
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    :lol: මේ පකයල නිසා ලංකාවටම යූටියුබ් බෑන් වෙන සීන් එකක් වෙයි කියල හීනියට පොඩි බයකුත් එනව,ඊලගට අර කුස්සි අම්මල දෙන්නත් යූටියුබ් එකට එරෙහිව නඩු දාන්න පටන් ගනී රෙසෙපි කොපි කරන්න යූටියුබ් එකෙන් අවසර දුන්නය කියල :lol:
    අර මනිය කියන බේසිගෙ කොල්ල රට වටේම උන්ට අපහාස කරනව, ඒකටත් තව එකෙක් දිසා අධිකරණය හමුවේ නඩු පවරයි.. :lol: එහෙම බැලුවොත් කීයක් කියල නඩු දායිද බන් අපේ බේසිගෙ දූලා පුතාලා.. අනේ මන්ද බන්, ලංකාවට මේ services දෙන යූටියුබ් එකේ උන්ට කෙලින්න ඕන 😂😆
    Loku deyak ban keroth 😋
     
    • Haha
    Reactions: Rahula Kasun