සුදාට එරෙහිව යසාරාගෙන් අපහාස නඩුවක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    BUP_DFT_DFT-28-39




    අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ තමාට අපහාස කළේ යැයි සුදත්ත තිලකසිරි හෙවත් සුදා නැමැත්තාට එරෙහිව යසාරා අබේනායක විසින් නඩු පවරා තිබෙනවා.

    ගල්කිස්ස අධිකරණයේ නඩු අංක 67710 යටතේ මෙම නඩුව පවරා තිබෙන බව වාර්තා වනවා.

    සුදත්ත තිලකසිරි විසින් තමාට පෞද්ගලික අපහාසයක් කර ඇති බව දක්වමින් යසාරා අබේනායක මෙම නඩු පැවරීම සිදුකර තිබෙනවා.

    මිට අමතරව, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව සුදත්ත තිලකසිරි සෘජුව හෝ වක්‍රව අපහාස වන අයුරින් ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම සම්බ්න්ධයෙන්ද ඔහුට එරෙහිව පසුගිය ජූලි 30 වැනිදා කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

    මේ අතර, අධිකරණය විසින් සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන අයට, ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම තහනම් කරමින්ද ජූලි 16 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.