ලංකාවෙන් වදවූ ලොකුම අලි - “විල් අලියා”

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    ශ්‍රී ලංකාවෙන් වඳවුනු “විල් අලියා”

    මෙයින් වසර හතළිහකට පමණ පෙර ශ්‍රී ලංකාවේ විශාලතම වන අලි රංචුව දැකගත හැකිවෙන පෙතක් වූවා නම් ඒ පොළොන්නරුව සෝමාවතී වනාන්තරය වූවාට කිසිම සැකයක් නැත. එකල එම අලි රංචුව සාමාජිකයෝ තුන්සීයකින් පමණ සමන්විත වූහ.

    facebook video link

    එවකට සෝමාවතී අභය භූමිය භාරව සිටි සුප්‍රකට වනජීවී නිලධාරියෙකු වූ ඒ.බී. ප්‍රනාන්දු මහතා මහත් අභිමානයෙන් යුතුව ඒ ගැන තබා තිබුණු සටහනක් අදත් මා සිත උද්දාමයට පත් කරයි.

    ඒ නිසාම වත්මනේ සිදුවෙමින් පවතින සිද්ධීන් හරිම වේදනාකාරීය. පොලොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්‍ය කේන්ද්‍රස්ථානය කර ගනිමින් පොලොන්නරු දිස්ත්‍රික්කයේ උතුරු කොටසත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දකුණු කොටසත් වසා පැතිර ගිය සුවිශාල ගන වනාන්තරය සෝමාවතියේ විල් අලින්ගේ නිජ භූමියයි. මෙය මුළුමනින්ම ආරක්ෂා වී ඇත්තේ මහවැලි නදියේ ස්වභාවික පිහිටීම නිසා බව පැවසීම නිවැරදිය.

    සෝමාවතී වනාන්තරයට බටහිරින් ගලා බසින මහවැලි නදියේ ප්‍රධාන ගංගාවත් දකුණින් හා නැගෙනහිරින් එහි ප්‍රධාන අතු ගංගාව වූ වෙරුගල් ගඟත්, කන්දකාඩු ආරත් ගලා බසින අතර අඩම්පන් ආර, මදු ආර, පවන ආර, පෙරිය ආර, මාවිල් ආර, කොමනවිචි ගඟ, වෙල්ලෙයි ආර වැනි තව කුඩා ගංගා රටා රාශියක් සෝමාවතී වනයටත් එහි ජීවත්වෙන අලි ඇත් සම්පතටත් නිරන්තර රැකවරණයත්, පෝෂණයත් ලබා දීමට සමත් වී ඇත.

    මේ නිසාම සෝමාවතීයේ වන අලි ලංකාවේ අනිකුත් ප්‍රදේශවල අලින්ට වඩා විශාලත්වයෙන් වැඩිය. විල් අලි යන විශේෂිත උප නාමයෙන් (Swamp Elephant) හඳුන්වනු ලබන මේ අලි ඇතුන් දැකුම්කළුය. එසේම චණ්ඩය. ප්‍රසිද්ධ වනසත්ව ඡායාරූප ශිල්පියෙකු වූ එරික් ස්වෝන් මහතා සෝමාවතී විල්ලුවේ දී මැරුම් කෑවේ ද මේ දැකුම්කළු විල් අලියකු අතින්ය. මෙතෙක් ලංකාවේ වනාන්තරයක දී වෙඩි තබන ලද උසම අලියා ලෙස වාර්තා වී ඇත්තේ ද 1919 ද ඊ.එල්. වෝකර් නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් සෝමාවතී විල්ලුවේ දී වෙඩි තබන ලද අඩි 10 අඟල් 9 ක් පමණ උසැති අලියාය.

    වස්ගමුව ජාතික වන උද්‍යානය තුළ දී අඹන් ගඟ හා අතිනත් ගන්නා මහවැලි නදිය දිඹුලාගල, මනම්පිටිය ඔස්සේ මහවැලි තැන්නේ ජල ගැලීම් නිම්න ප්‍රදේශයට ප්‍රවිෂ්ට වී වියළි වනපෙත පෝෂණය කිරීමේ භාරදූර කාර්ය ඉටු කිරීමට යෝග්‍ය වෙන පරිදි ශාඛා ගංගා දෙකකට බෙදයි. එතැන් පටන් වන විල්ලු හා අප ශාඛා රාශියක් නිර්මාණය කර ගන්නා මේ ගංගා දෙකෙන් එකක් උතුරු දිසාවට බරව නැගෙනහිරට ගලා ගොස් වෙරුගල් ආර නමින් නැගෙනහිර වෙරුගල් මුහුදේ මුහුදු තීරයෙන් මුහුදට පිවිසෙයි. ප්‍රධාන මහවැලි නදිය තවදුරටත් උතුරු දිසාගතව ඉදිරියට ඇදී ගොස් කොට්ටියාරම් බොක්කෙන් සමුද්‍රගත වෙයි.

    නැගෙනහිර වියළි කලාපයට ස්වභාවික ආශිර්වාදයක් බඳු වූ මහවැලි නදිය නමැති මේ අපූර්ව නිර්මාණය සෝමාවතී වනාන්තරයේ ගහකොළවලට පමණක් නොව එහි ජීවත්වෙන වන සත්ත්ව සම්පතට ද සුවිශේෂී ගති ලක්ෂණ උරුම කර දීමට සමත්ව තිබේ. ගංගා පිටාර ජලයෙන් පෝෂණය වෙන්නා වූ අපමණවත් විල්ලුවල සරුවට වැඩෙන තෘණ හා ජලජ පැළෑටි බුදිමින් ජීවත් වෙන එහි අලි සම්පත විල් අලි නමින් හඳුන්වනු ලබන්නේ ද උන්ගේ ඇති මේ සුවිශේෂී ජීවන රටාව නිසාය. 1939 දී රාජකීය ආසියාතික සංගමයේ (ලංකා ශාඛාව) ප්‍රකාශනයට ලිපියක් සැපයූ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂවරයකු වූ පී.ඊ.පී. දැරංගල මහතා මහවැලි ගඟේ පහළ නිම්න ප්‍රදේශවල ජීවත්වෙන අලි ඇතුන් ලංකාවේ අන් ප්‍රදේශවල වාසය කරන අලි ඇතුන්ට වඩා විශේෂිත ගති ලක්ෂණ වලින් යුක්ත බව පෙන්වා දුන්නේය. මේ අලි විල් අලි යනුවෙන් ප්‍රථම වරට හඳුන්වනු ලැබුවේ එතුමන් විසින්මය.

    ලංකාවේ ජීවත්වෙන අලි ඇතුන්ගේ විශේෂ ලක්ෂණ සලකා බලා මහවැලි ගඟේ පහළ නිම්න ප්‍රදේශවල සැරිසරන අලි සම්පත විල් අලියා යන උප ගණයට වර්ග කර දක්වා තිබේ. මෙහි විල් අලි විශාල රංචු වශයෙන් ජීවත් වෙති. මහවැලි ගඟේ ජල ගැලීම් නිම්නය ආශ්‍රිත විල්ලුවලට පමණක් උන්ගේ ජීවිතය බොහෝ දුරට සීමා වී තිබේ. වර්තමානයේ ඉමහත් අර්බුදයකට ලක්ව තිබෙන ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය දිවි පරදුවට තබා හෝ අප ආරක්ෂා කරගත යුත්තේ ඒ නිසාය. 1980 දී ස්ථාපිත කෙරුණු කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ දී වස්ගමුව හා සෝමාවතී ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් මහවැලි ගඟ දෙපස වනාන්තර යාය ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යාන නමින් සුරක්ෂිත කරන ලද්දේ මේ භූමියේත් එහි වාසය කරන විල්ලු අලි සම්පතේත් වැදගත්කම නිසා බව බලධාරීහු මෙන්ම ජනතාව ද අමතක නොකළ යුතුය. වස්ගමුව සිට ත්‍රිකුණාමලය දක්වාම මහවැලි ගඟ දෙපස වසාගෙන විසිරී පැතිරී තිබුණු මහ වනාන්තර යායත්, මහවැලි ගඟේ විල්ලු සම්පත පෝෂණය කරමින් වසර සිය දහස් ගණනක් තිස්සේ ගංගා නිම්නයත් සෝමාවතී ජාතික වනෝද්‍යානයත් ආරක්ෂා කළ මහා වාලුකා වැලි නිධි ද ඉවක් බවක් නොමැතිව විනාශ කර දැමීමේ මහා පාපකර්මය ආරම්භ වූයේ 2009 වසරෙන් පසුව බව කනගාටුවෙන් හෝ පැවසීමට සිදුවී තිබේ.

    මහවැලි ගඟ මනම්පිටිය පසුකර වියළි තැනිතලා භූමිය ඔස්සේ වේගයෙන් සමුදුර බලා ඇදී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගඟේ ඉවුරු දෙපසින් ඛාදනය වූ ලම්බාකාර වැලි වැටි නිර්මාණය වී තිබුණේය. මේ ඉවුරු වැටි ගඟදිය මට්ටමේ සිට අඩි හය දහය දක්වා උසට දර්ශනය විය. ගඟ දිය පිටාර ගලන සමයට මේ ඉවුරු වැටි වසාගෙන සැතපුම් ගණන් ඈතට රොන් මඩ ගලා ගොස් තැන්පත් වෙන බිම් තීරු ගඟ දෙපස එමට තිබිණි. අප විල්ලු ලෙස හඳුන්වනු ලබන මේ සුවිශේෂී භූමි කලාප නොඉඳුල් හරිත තෘණ තලාවෙන් ආරක්ෂා විය. අඩි හත අට උසට වැඩෙන සරුසාර තෘණතලාව විල් අලින්ගේ ආහාර අවශ්‍යතා නොඅඩුව සපුරාලයි. මේ තෘණ භූමි මැදින් අලින්ගේ ගමන් මාර්ග විහි දී ඇත. මඩ සහිත දියළු පොළොවේ අලි ඇතුන් නිරතුරුව එහා මෙහා ගමන් කිරීම නිසා අඩි තුන හතර පළලින් ද අඩි දෙකක් පමණ ගැඹුරට ද නිර්මාණය වෙන අලින්ගේ අඩි පාරවල් මේ විල්ලු බිම්වල දක්නට ලැබේ. දෙපසින් ඉහළට නැඟුණු හරිත වර්ණ තෘණ වැටිවලින් මේ අඩිපාරවල් ආවරණය වී ඇත.

    බැලූ බැල්මට මේ අඩි පාරවල් දර්ශනය වෙන්නේ අඳුරු උමං මාර්ග ලෙසය. තෘණ පීරාගෙන ඒ මැදින් ඇවිද එන අලි රංචු වතුර බීම සඳහා දියකඩවල් අතරින් ගඟට බසිති. අලින්ගේ මෙවන් ගඟදිය පිවිසුම් මහවැලි ගඟ දෙපස එමට දැකගත හැකිය. දළ කෝණයකින් ගඟට බෑවුම් වෙන ජල පිවිසුම් ඉතාමත් ප්‍රපාතාකාරය. ගං ඉවුරේ සිට මේ බෑවුම් ඔස්සේ එමින් අලි ගඟට බසිති. ඒ නිසාම ඇතැම් බෑවුම් කදිමෙට මැදී ඔප මට්ටම් වී තිබේ. ඉදිරි දෙපා ගඟ දෙසට විහිදුවා පසු පාද යුගළ නමාගෙන බෑවුමේ බඩ අතුල්ලාගෙනම රූටා ගඟට බසින විල් අලින්ගේ දර්ශනය වරක් දුටු කෙනෙකුට ජීවිතයේ කවදාවත් එය අමතක වෙන්නේ නැත. 1980 දශකය මුල් භාගයේ දී ඒ වාසනාව මම නොඅඩුව විඳගතිමි.

    මහවැලිය ලංකාවේ ඉපැරණිම ගංගාවලින් එකකි. එහි වඟුරු බිම් කඳුරටින් සෝදාගෙන එන සාරවත් ඛණිජවලින් පොහොසත්ය. එම නිසා වර්ෂය පුරාම මහවැලි බිම් තලාව තෘණ ආහාර වලින් පොහොසත්ය. වියළි තැනිතලා භූමියක පිහිටි පහළ මහවැලි ගංදෑල දිගේ රට මැදට යන තෙක්ම සුවිශාල අලි ගහනයක් නඩත්තු කිරීමට සමත් වී ඇත්තේ පහළ මහවැලියේ පිහිටි මේ ස්වභාවික භූමි රටාව නිසාය. එය වෙනස් කිරීමට මිනිසාට කිසිදු අයිතියක් නැත. එහි සැබෑ උරුමක්කරුවෝ ස්වභාවික වනාන්තරය හා වනසතුන් පමණි.

    උපුටාගැනීම - https://www.lankadeepa.lk/Thaksalawa/වල-අලනග-පරදසය-ඛදවචකය/55-586342
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    awesome

    අදටත් වස්ගමුව පාක් ආශ්‍රිතව ජීවත් වෙන අලි, ලන්කාවෙ වෙනත් පැති වලට වඩා උස, අදුරු පැහැථි සහ දරුනු ස්බාවයකින් යුක්තයි
    ඒක ප්‍රසිද්ද කාරනාවක්.

    අනිවා මෙ අය ඔය පැරනි "විල් අලියා" ට ජානමය සම්බන්දයක් ඇති.
    වස්ගමුව, සෝමවතී සෙට් එකම මහවැලි නිම්නයෙ ආශිත ප්‍රදෙස

    බොහොම වටිනා ලිපියක්

    මිනිසා තරම් ස්බාව දර්මයාට වින කෙටූ වෙනත් ජීවී විසේසයක් තවත් නොමැත
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93

    TFS
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    C7IsBSM.png

    හොඳ විස්තරයක්.... ස්තුතියි..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    awesome

    අදටත් වස්ගමුව පාක් ආශ්‍රිතව ජීවත් වෙන අලි, ලන්කාවෙ වෙනත් පැති වලට වඩා උස, අදුරු පැහැථි සහ දරුනු ස්බාවයකින් යුක්තයි
    ඒක ප්‍රසිද්ද කාරනාවක්.

    අනිවා මෙ අය ඔය පැරනි "විල් අලියා" ට ජානමය සම්බන්දයක් ඇති.
    වස්ගමුව, සෝමවතී සෙට් එකම මහවැලි නිම්නයෙ ආශිත ප්‍රදෙස

    බොහොම වටිනා ලිපියක්

    මිනිසා තරම් ස්බාව දර්මයාට වින කෙටූ වෙනත් ජීවී විසේසයක් තවත් නොමැත

    sapiens පොතේ තියෙන විදිහට මහද්වීප වල හිටපු දරුණුම, විශාලම සතුන් කෙලින්ම වඳ වෙලා තියෙන්නේ මිනිස්සු මහද්වීප වලට සංක්‍රමණය උනාට පස්සෙලු. උන් දරුණු කාලගුණ විපර්යාස වලින් පවා බේරිලා හිටියත් මිනිහට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනව. කොහොමද වැඩේ.