ලංකාවේ දැවැන්ත අායෝජන වලට UAE සූදානම්..❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැමැත්ත

    ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා සහ (Khaled Nasser AIAmeri)බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර හමුවක් සිදුව තිබේ.

    එහිදී අදහස් දැක්වූ තානාපතිවරයා පවසා ඇත්තේ තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ද හමුවු බවත් ඉතා සමීප මිත්‍ර සම්බන්ධයක් ඇති රටක් ලෙස ලංකාවේ සිදු වූ දේශපාලන පරිවර්තනය ඉතා සුබවාදී ලෙස දකින බවත්ය.

    විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව ඉතා උනන්දුවෙන් සිටින බව ද ඒ මහතා පවසා තිබේ.

    තවද ඉදිරි දිනවලදී කිරීමට නියමිත ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය, ඉහත අයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට හා විවිධ එකඟතා ඇතිකර ගැනීමට ඉතා සුදුසු අවස්ථාවක් වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

    ලාංකිකයන් විශාල වශයෙන් රැකියා කරන ලංකාවේ හයවෙනි අපනයන වෙළෙදපොළද වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ධනවත් හා සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙසත්, දැඩි මිත්‍රත්වයකින් බැදුණු රටක් ලෙසත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බැදුණු සියළුම ආකාරයේ සම්බන්ධතා ඉතාමත් අගය කරන බවත් එහිදී කරුණු දැක් වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසා තිබේ.

    විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සම්බන්ධතා එම මිත්‍රත්වය තවත් දැඩි කරනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    කලාපයේ බලශක්ති ස්ථාවරත්වය සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළ ඇමතිවරයා ජනාධිපතිවරයා සමග ඉදිරි සංචාරයට සහභාගී වන නිසා එහිදී තවත් එකඟතා රැසැක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කර තිබේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    "පොල් රොටියි සමග ඌරු මස්" කර්මාතයට අත හිත දෙයිද දන්නේ නැහැ :love2:
     
    • Haha
    Reactions: kinkon

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    "පොල් රොටියි සමග ඌරු මස්" කර්මාතයට අත හිත දෙයිද දන්නේ නැහැ :love2:
    Naa... Podi SaadulaTa Arinna Lokusaduta lesi wenna lihisi thel Factoryak Daavida danne naha...
    Loku Saadula Polwathu Rabar wathu okkoma SathuTu wei Akata...

     
    Last edited: