ශ්‍රී ලංකාව පලමු මිසයිලය, හා මල්ටි බැරල් රොකට් ලෝන්චරය, සාර්ථකව අත්හදා බලයි ... (100%ක් දේශීය අමුද්‍රව්‍ය.)
පසුගිය යුධ සමයේ අපිට අවහ්‍ය ආයුධ විදෙස් රටවලින් ගෙන්නුවත් ඒවා වෙනුවෙන් කෝටි ගණන් මුදල් වැය කරන්න අපිට සිදු උනා. ඒ වගේම සමහර රටවල් අපිට ආයුධ දෙන එක ප්‍රතික්ෂේප කලා. එහෙත් පසු ගියදා යුධ හමුදාව විසින් මෙරට නිපද වූ පලමු මල්ටි බැරල් රොකට් ලෝන්චරය හා මිසයිලය සාර්ථකව අත්හදා බැලුනා. ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වන සංවත්සර ප්‍රදර්ශනයේදී මේවා මහජනතාවට දැක බලාගන්න හැකි උනා. යුධ හමුදා පර්යේෂන හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩිය ආචර්ය හිරාන්ද සිල්වා මහතා ප්‍රකාශ කලේ මෙය ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇති බවයි. මෙම මල්ටි බැරල් රොකට් ලෝන්චරයට වගේම මිසයිලයටද යොදාගෙන ඇති අමුද්‍රව්‍ය 100%ක් දේශීය අමුද්‍රව්‍ය වන අතර රොකට් ලෝන්චරය වරකට උන්ඩ 04ක් නිකුත් කරයි. ඉන් කිලෝමීටර 22ක දුරකට ප්‍රහාර එල්ල කල හැකිය. නාවික හමුදාවේ නෞකා ආරක්ෂා කිරීමට මෙම මල්ටි බැරල් භාවිත කිරීමට නියමිතයි. එසේම මිසයිලය මගින් කිලෝමීටර 10 ක දුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත. එහි නිර්මාණ ප්‍රධානී ලෙස භෞතික විද්‍යාඥ විශ්‍රාමික කමාන්ඩර් චන්දන පෙරේරා මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාව පමනක් නොව ජාතියක් ලෙස අපි දැවැන්ත ඉදිරි පිම්මක් පනින්න සූදානම් වනවා.
Last edited:


