අද දවල් බුෆේ කියලා බෝර්ඩ් එකක් ගහපු කඩයකට ගියා දවල්ට කන්න. චිකන් කෑම එකකට සල්ලි දීලා පිඟාන අරන් බත් පොඩ්ඩකුයි පරිප්පුයි දාගෙන චිකන් හට්ටිය ලගට යද්දි චිකන් බෙදන්න විතරක් නාකි ගෑනියෙක් ඉන්නවා. කොහොමහරි ඒකි චිකන් කෑල්ලකුයි හොදි ටිකකුයි දැම්මා. මම කිව්වා මේ දවස් වල ප්‍රෝටීන් වැඩිපුර ගන්න නිසාත් කැලරි calculate කරලා කෑම ගන්නෙ ඒ නිසා චිකන් කෑලි වැඩිපුර දාන්න කියලා. මේකි මූන දිහා බලාගෙන ඉදලා තව පොඩි කෑල්ලක් දැම්මා. මම කිව්වා මේක මදි මෙන්න මේ කෑල්ල දාන්න කියලා හට්ටියෙ ලොකු චිකන් කෑල්ලක් පෙන්නුවා . ඒකි මට බැන්නා මේ ගානට ඔච්චර චිකන් දුන්නොත් කඩෙත් වහන්න වෙන්නෙ කියලා. මම ඒ නූගත් ගෑනි එක්ක රන්ඩුවෙන්න ගියෙ නෑ තේරුමක් නැති නිසා. ඒ හුත්තිට පාඩමක් උගන්වන්නත් එක්ක බත් පිඟන් දෙකක් කාලා තුන්වෙනි පාර බෙදාගන්න යද්දි කැශියර් එකෙ ඉන්න ඩයල් එක ඇවිත් අහනවා මල්ලි උබට අපිත් එක්ක තරහක් තියෙනවද කියලා. කැරිම අඩුකුලෙ කඩයක්. මටනම් හිතෙන්නෙ වැඩි කල් කරන එකක් නෑ ඕකුන්.