කදු හදුනා ගැනීම
- - - - - - - - - - - - - - -
සාමාන්‍යයෙන් කන්දක් කියන්නේ පොලොව මට්ටමට වඩා උසින් තියෙන ගල් පර්වතයකට.කන්දක උස බලන්නේ මුහුදු මට්ටමේ ඉදන්, මොකද මුහුද යනු හැම රටකටම පොදු පොලොව මට්ටම නිසා. හැම කන්දක්ම එකිනෙකට වෙනස් ඒ නිසාම මුලින්ම අපි කන්දක් හඳුනාගන්න ඕන අපේ පියවි ඇසට පේන ආකාරයෙන්. මොකද චයරුපයකට වඩා ඇස් දෙකට කන්ද මුදුනේ හැඩය, කන්දේ ශාක ව්‍යාප්තිය, කන්ද පොලව මට්ටමේ සිට ඉහලට පිහිටි ආකාරය හොදින් අදුරගන්න පුළුවන් වෙන්නේ අපේ ඇස් දෙකෙන් විතර නිසා.
එකම කන්ද විවිද දිශා වලින් පෙන්නේ එක එක විදිහට වෙන්න පුළුවන්. එත් ලංකාවේ තියෙන සමහර කදු හතර අතින් බැලුවත් එකම වගේ හැඩය හින්ද ඕන දුරකදී අදුරගන්න ලේසියි.
උදා- සමනල කන්ද (උස මොල්ලිය), පිදුරුතලාගල (මුදුනේ කුළුණු වල පිහිටීම), යහන්ගල/බතලේගල (පෙට්ටියක් වැනි හැඩය), කෙහෙල්පොත්දොරුවෙගල (උලක් ලෙස පිහිටීම), නමුනුකුල (කදු වැටි නවය), ඩෙල් (දිගු බව)
මේ වගේ මුලින්ම තමන් නගින කන්ද ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනා. එහෙම කන්දක් මුලිකව හඳුනාගැනීමට අවබෝදයක් නැත්නම් මේ කියන ක්‍රම වලින් උත්සහ කිරීම තේරුමක් නොවනු ඇත.
පියවි ඇසින් දැකිය හැකි නමුත් කන්ද නිශ්චිතව කුමක්ද කියා තීරණය කිරීමට අපහසු නම් මුලින්ම ඔබ දකින කන්ද මාලිමවට අනුව තියෙන දිශාව බලන්න, ඒ අවට පිහිටි අනිත් කඳු සහ විශේෂයෙන් ගංගා, ජලාශ, වැව්, පතන ගැන විපරම් කරන්න. හැකි විදියට චයරුපයක් ගන්න. පස්සේ ගෙදර ඇවිත් PC එකක් මාර්ගයෙන් Google Earth සහ Google Topography/ Terrain Maps Open කරගන්න. Google එකේ Search කරන්න Google Topography Maps ලෙස,
maps.google.com
ම තමයි එන්නේ. Google Maps; Road Map, Satalite Map , Street View සහ Terrain ලෙස ගන්න පුළුවන් බව මතක තබා ගන්න. Terrain Maps වලින් පෙන්නන්නේ මුහුදු මට්ටමේ සිට උස, Terrain Maps ගොඩක් Zoom කරන්න එපා, එතකොට Numbers පෙනෙන්නේ නැහැ.
ඒ එක්කම Google Earth 3D view එක Open කරගන්න. 3D සිතියම මාර්ගයෙන් දැකපු කන්ද හොයාගන්න, එකෙන් ඔය දැක්ක කන්ද, ඒ අවට ඔයා දැකපු වෙනත් කදු,ජලාශ අදුරගන්න පුළුවන්. ඒ කන්ද/ස්ථානය මත mouse එක Click/hold කලාම වෙනම ඔයාට කන්දේ පිහිටීම අක්ෂාංශ දේශාංශ වලින් (GPS Cordinations) පෙන්නාවි. එක නිකන්ම නිකන් ඉලක්කම් කිහිපයක් විතරයි. (උදා- 80.162154, 6.154258) මේ ඉලක්කම් ටික මුල් ඉලක්කමේ සිට අග ඉලක්කම තෙක් Copy කරගෙන Terrain maps වල සාමාන්‍යයෙන් ඔයාල නගරයක් Search කරනවා වගේ Paste කරලා Search කරන්න. එතකොට ඒ කන්දේ උස අසන්න 100ට වටයලා තිබෙන තැන Terrain maps වල පෙන්නාවි.
පස්සේ කන්දේ හැඩය සහ පිහිටීම 3D සහ Terrain maps වලට සමාන නම් ඊලග කොටසින් කන්දේ නම හොයාගන්න පුළුවන්. ඒ තමයි Survey Dept අගලේ සිතියමින්. ඒ Printed සිතියම් නාරාහේන්පිට Survey Dept එකෙන් එක කොටසක් රු.250 ට වගේ ගන්න පුළුවන්. නැත්නම් Tiff Image file (ඔක්කොම files ටික 700MB පමණ High Resolution Image Files) එක තියෙන කාගෙන් හරි ඉල්ලගන්න. (Internet එකේ ඒ Tiff Files තිබ්බා, දැන් Link එක ගැන නම් දන්නේ නැත) අගලේ සිතියමේ ලංකාවේ බොහොමයක් කදු උසත් එක්කම තියෙනවා. ඒ හින්ද එකෙන් කන්දේ නම හොයාගන්න පුළුවන්. අගලේ සිතියමේ කදු විතරක් නෙවෙයි හැම දේම තියෙන නිසා එක හරියට කියවන්න ඕනා.
අගලේ සිතියමින් හොයාගන්න අමාරු නම් හෝ එකේ කන්ද නැත්නම් සමහරවිට ඒ කන්ද මිට පෙර තරණය කරපු කෙනෙක් Internet එකේ පින්තුර දාලා තියෙන්න පුළුවන්. දැන් ඔයා කන්ද තියෙන ප්‍රදේශය දන්නා නිසා Net එකේ ඒ ප්‍රදේශයේ කඳු ලෙස Search කරන්න. එතකොට ඔය දැක්ක කන්ද තිබ්බොත් එකේ නම එතනින් දැනගත්තහැකි. නැත්නම් බොහෝ වෙලේට අගලේ සිතියමේ කඳු තියෙනවා.
ඉතාමත් දුර්ලබ විදියට ඔය දැක්ක කන්ද අගලේ සිතියමෙත් නැතුව Net එකෙත් මිට පෙර ඒ කන්ද තරණය කරපු හෝඩුවාවක් නැත්නම් එක Travel Field එකට අලුත් කන්දක්. එතකොට ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වරයා හෝ ප්‍රදේශයේ දන්නා කෙනෙක් මාර්ගයෙන් කන්ද ගැන හොයාගන්නවා. මෙහෙම හොයන්න වන අවස්තා ඉතාමත් විරලයි.
ඉතාමත් සරලව මේ කිව්වේ සිතියම් මාර්ගයෙන් කදු හොයාගන්න විදිය. Terrain and 3D Maps භවිතා කරද්දී එකේ භූමියේ පිහිටිම් පෙන්වන ආකාරය ගැන භාවිතා කරද්දිම වැටහෙවි.
තාක්ෂණය මාර්ගයෙන් හදුනා ගන්න කලින් කඳු මතකයේ තබාගෙන අදුරගන්න එක තමයි හොදම දේ. කඳුකරයේ යද්දී හොදට වටපිටේ බලනවානම් කඳු ගැන හොද දැනීමක් ලබාගන්න පුළුවන්. පරිසරේ විදීමේ අවංක උනන්දුවෙන් Traveling වල යෙදෙනවානම් ඔය දේවල් අත්දැකීමෙන්ම ඇගට එනවා. හැමවෙලේම කන්දක් නගිනවානම් ඒ කන්ද ගැන ඒ ගමේ මිනිස්සුන්ගෙන් විස්තර දැනගන්න, කන්දේ නම හැදුන විදිය, කන්දේ ශාක සහ ජෛව විවිදත්වය ගැන දැනගන්න. එතකොට යන්නන් වාලේ රැල්ලට Travel කරනවට වඩා අර්ථවත් සහ අත්දැකීම් වලට ප්‍රයෝජනවත්.
ඒ වගේම කඳු නගින්නත් ඔබට මෙම තාක්ෂණික සිතියම් යොදා ගන්න පුළුවන් මෙහෙම:,
අපි සාමාන්යෙන් Offline Maps පාවිච්චි කරනවා අපි යන route එක record කරගන්න. එතකොට ඒ record වුන සිතියම KMZ file එකක් විදියට තියෙනවා. offline maps වල ඔයාලට යන්න ඕන තැන කලින් ලකුණු කරන යන්න පුළුවන්, එතකොට කොච්චර කැලේ ගියත් Destination එක map එකේ පෙන්නනවා අපි ඉන්න Current location එකත් එක්ක.පාරක් තොටක් නැති ඉසව් වල අපේ Destination එක හොයාගෙන යන්නේ එහෙමයි. එහෙම යන්න කලින් හොදට Google Earth 3D maps හොදට බලල යන්නේ, මොකද එකෙන් පුළුවන් අපිට මහා කැලේ තියෙන පුංචි වතුර පාරක තියෙන ගල් පවා දැකගන්න. තාක්ෂනේ මෙච්චර hikes වලට උදව් කරන නිසා Printed Maps අරන් මාලිමාවෙන් බලල කැලේ ගිය කාලේ ඉවරයි, කාලය ඉතුරු කරන අතරමං නොවී සාර්ථක ලෙස ඕන ඉසව්වක යන්න පුළුවන් වෙන්නේ අපිට එකයි.
සටහන - Shaminda Ranshan © 2018
Travel in Sri Lanka-Sobasiri