නූගත් ගොඩේ හැත්තවල් එක්ක මොන සාමුහික ක්‍රියාකාරකම් ද බන්... ඕකුන්ට අරක්කු කාලක්, බත් පැකට් එකක් දුන්නම පුක,ප##ක, හු1$$$ත්ත ඔක්කොම බැති සිතින් පුද කරනවා.. අනික ඉරිසියාව, කුහකකම් ඇඟේ ජාන වලින් එන ජාතියක්, පරම්පරාගත වහල් ස්වභාවය නිසා කොඳු නාරටිය උපතින් ම නැවිලා තියෙන්නේ ඉතින් කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න බැ... වහල් භාවය එක්ක දෙකට නැවෙනවා...
මේ මතය එක්ක මාත් ගොඩක් එකඟයි
ලොකු දේවල් නෙමෙයි, පොඩ්ඩක් බලහං මිනිස්සුන්ගේ හැසිරීම්
ප්‍රධාන පාරක වාහනයක් ඩ්‍රයිව් කරද්දී අතුරු පාරකින් එන වාහන නවත්තන විදිය බලහං වාහනෙන් භාගයක් විතර ආපු වේගෙන්ම ප්‍රධාන පාරට ඇතුලු කරලා නවත්තන්න වගේ හදනවා නමුත් පැහැදිලිවම ප්‍රධාන පාරෙන් එන වාහනේට නවත්තන්නම වෙනවා. අතුරු පාරවල් වලින් එන බයිසිකල් ත්‍රීවිල් නම් නවත්තන්නේ ම නැති තරම් අඩුම ගානේ බලන්නෙවත් නැතුව පාරට දානවා
බැංකුවක, ඉස්පිරිතාලෙක කොහේහරි ඉන්ටවිව් එකක හරි පෝලිමක ඉදිද්දී ඉස්සරහින් ඉන්න අයව bypass කරන්න හදන හැටි. පොඩි ග්‍රොසරියකට ගියත් එහෙමයි එතන කවුන්ටරේ ඉන්න එවුන්ගේ බඩු දෙන්න කලින් එහෙන් මෙහෙන් සල්ලි දික් කරලා සද්දේ දාලා අවශ්‍ය දේවල් ගන්න යනවා
විශේෂයෙන් රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් සර් මැඩම් මිස් කිව්වෙ නැත්නම් වැඩේ කරන්නෙ නැතුව අදිනවා. ඒ ගැන ප්‍රශ්ණ කලොත් වැඩ කරන්න දෙන්නෙ නෑ කියල නැගිටල යනවා
මේවා බොහොම පොඩි දේවල් නමුත් පුංචි කාලේ ඉදන්ම මේවා පුරුදු වුනා නම් අපිට තියන ප්‍රශ්න ගොඩක් විසදෙනවා කියල මට හිතෙනවා
අපි පුංචි කාලේ ඉදන්ම අනුන්ගෙන් යැපෙන්න බලං ඉන්නවා. ආදරේ නිසා කරනවා කිව්වට දෙමව්පියන් මෙතන කරන්නේ ලොකු වැරද්දක්. වැඩකරපු රට වලදී දැකපු දෙයක් තමයි ලමයින් අතදරු වයසේ ඉදන්ම වගේ ගොඩක් දුරට ස්වාධීනයි. උන් වැටුනත් අඩන්නේ නෑ පොඩ්ඩක් කෙදිරිගාලා උන්ම නැගිටිනවා. දෙමව්පියෝ යන්නේ නෑ නැගිට්ටවන්න සීරියස් කේස් එකක් නෙවෙයි නම්
කොහොම නමුත් අනුන්ගේ මතයත් ඉවසන්න පුරුදු වෙන්න ඔ්නෙ. වැරදිනම් ඒක පෙන්වල දෙන්න පුලුවන්. ඒක පිලිගැනීම හෝ නොගැනීම ඔවුන්ගේ අයිතිවාසිකමක්.