Flutter වලට මාකට් එකක් තියනවා
හැබැයි ගොඩක් තැන් වල හයර් කරද්දි flutter විතරක් දන්න එවුන් ගන්නෙ නැහැ
හොයන්නෙ native iOS/Android දෙකෙන් එකක් හරි දෙකම හරි එක්ක Flutter දන්න එවුන්, අනික මොබයිල් වල මොනවද කරන්න පුලුවන් සහ බැරි කියලා අයිඩියා එකක් එන්න native development ගැන අයිඩියා එකක් කොහොමත් ඕන
ඒක නිසා මොබයිල් වලට ආස නං නේටිවු සයිඩ් එකත් එක්කම Flutter ඉගෙනගන්න එක තමයි හොඳම දේ
සාමාන්යෙන් මොබයිල් ඩිවලොපර්ස්ලාට පඩි හොඳයි, විශේශයෙන් iOS කරන එවුන්ට. ලංකාවෙ iOS කරන එවුන් ටිකක් අඩුයි, හොඳට දන්න එවුන් තවත් අඩුයි. මැක් එකක් නැතිව ඉගෙනගන්න අමාරු නිසා ආස කෙනෙක්ට උනත් මැක් එකකට වියදම් කරන්න අමාරු නං ඉගෙන ගන්න බැහැ ඔය වගේ සීන් නිසා iOS ඩිවලොපර්ස්ලා අඩුයි
දැනටත් අපිට iOS කරන එවුන් ඕන උනොත් අලුත් එවුන් හොයනවට වඩා fresh එකෙක් අරගෙන ඌව ට්රේන් කරන එක ලේසියි.