ලංකාවේ අවසන් පරම්පරාව අපි
පෘථිවියේ දරුණුතම ශීත කාලගුණය 2030දී එළැඹෙන බවට අනාවැකි

තව ත් වසර 15කින් පෘථිවියේ උත්තර අර්ධගෝලය කුඩා අයිස් යුගයකට මුහුණදෙනු ඇතැයි බ්‍රිතාන්‍ය තාරකා භෞතික විද්‍යාඥයින් පුරෝකථනය කර තිබේ.
බ්‍රිතාන්‍ය තාරකා භෞතික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් 2030 වසර වනවිට පෘථිවි වැසියන්ට දීර්ඝ ශීත කාලවලට හා අධික සීතලට මුහුණ පෑමට සිදුවනු ඇති අතර එය දශකයක පමණ කාලයක් පවතිනු ඇති බව ය.
හිරුගේ සූර්යය චක්‍රය නිරීක්ෂණය කළ එංගලන්තයේ නොදම්බ්රියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ 2030 වසර වනවිට සුර්යයාගේ ක්‍රියාකාරීත්වය 60%න් අවම වනු ඇති බව ය.
මීට පෙර එවන් තත්ත්වයක් වාර්තා වූයේ 1645ත් 1715ත් අතර කාලයේදී වන අතර ඒ හේතුවෙන් ලන්ඩන් නුවර තේම්ස් නදිය සති 7ක කාලයක් සම්පූර්ණයෙන්ම මිදී පැවැතිනි.
ඓතිහාසික වාර්තා පෙන්වා දෙන්නේ, එම අවධියේදී එංගලන්තය, ප්‍රංශය, බෙල්ජියම හා නෙදර්ලන්තය යන රටවල වෙරළ තීරය අවට විශාල ප්‍රදේශයක් ද අයිස්වලින් වැසීගොස් තිබූ බව ය.
ඒ අනුව වසර 370කින් පසු පෘථිවියට 2030දී දරුණුතම ශීත කාලගුණය වාර්තාවනු ඇතැයි බ්‍රිතාන්‍ය තාරකා භෞතික විද්‍යාඥයින් පුරෝකථනය කරයි.
විද්‍යාඥයින් පවසන්නේ මේ පිළිබඳව තවමත් පරීක්ෂණ පවත්වන නමුත් මෙම අනාවැකිය සාර්ථක වීමට 97% ක අවස්ථාවක් ඇති බව ය
නිව්ස් ෆස්ට්