ලංකාවේ අවසන් පරම්පරාව අපි

deepaldas

Well-known member
  • ලංකාවේ අවසන් පරම්පරාව අපි

    පෘථිවියේ දරුණුතම ශීත කාලගුණය 2030දී එළැඹෙන බවට අනාවැකි

    ice-age.jpg

    පෘථිවියේ දරුණුතම ශීත කාලගුණය 2030දී එළැඹෙන බවට අනාවැකි
    තව ත් වසර 15කින් පෘථිවියේ උත්තර අර්ධගෝලය කුඩා අයිස් යුගයකට මුහුණදෙනු ඇතැයි බ්‍රිතාන්‍ය තාරකා භෞතික විද්‍යාඥයින් පුරෝකථනය කර තිබේ.

    බ්‍රිතාන්‍ය තාරකා භෞතික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් 2030 වසර වනවිට පෘථිවි වැසියන්ට දීර්ඝ ශීත කාලවලට හා අධික සීතලට මුහුණ පෑමට සිදුවනු ඇති අතර එය දශකයක පමණ කාලයක් පවතිනු ඇති බව ය.

    හිරුගේ සූර්යය චක්‍රය නිරීක්ෂණය කළ එංගලන්තයේ නොදම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ 2030 වසර වනවිට සුර්යයාගේ ක්‍රියාකාරීත්වය 60%න් අවම වනු ඇති බව ය.

    මීට පෙර එවන් තත්ත්වයක් වාර්තා වූයේ 1645ත් 1715ත් අතර කාලයේදී වන අතර ඒ හේතුවෙන් ලන්ඩන් නුවර තේම්ස් නදිය සති 7ක කාලයක් සම්පූර්ණයෙන්ම මිදී පැවැතිනි.

    ‍ඓතිහාසික වාර්තා පෙන්වා දෙන්නේ, එම අවධියේදී එංගලන්තය, ප්‍රංශය, බෙල්ජියම හා නෙදර්ලන්තය යන රටවල වෙරළ තීරය අවට විශාල ප්‍රදේශයක් ද අයිස්වලින් වැසීගොස් තිබූ බව ය.

    ඒ අනුව වසර 370කින් පසු පෘථිවියට 2030දී දරුණුතම ශීත කාලගුණය වාර්තාවනු ඇතැයි බ්‍රිතාන්‍ය තාරකා භෞතික විද්‍යාඥයින් පුරෝකථනය කරයි.

    විද්‍යාඥයින් පවසන්නේ මේ පිළිබඳව තවමත් පරීක්ෂණ පවත්වන නමුත් මෙම අනාවැකිය සාර්ථක වීමට 97% ක අවස්ථාවක් ඇති බව ය


    නිව්ස් ෆස්ට්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුහුදු ජල මට්ටම ඉහල යනකොට අපිට අවුලක් නැති වෙයි ඉන්දිියාවට තමයි දුවන්නන වෙන්නේ
    හිම දියවෙල මුහුද පිරුනොත් යටවෙයි..සීතල නම් වැඩි අවුලක් නැතිවෙයි සමකය නිසා :rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපිට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ, මේක වැඩියෙන්ම බලපානවා කියන්නේ උත්තර ධ්‍රැවය පැත්තටයි, අනික මුහුදු වතුර ගල් වෙන්න ගත්තම පරිමාව අඩු වෙන නිසා මුහුදු මට්ටම බහිනවා.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකො 2005 ආහාර හිඟයක් එනවා කිවුවා ලංකාවට!
    ඒ වුනාට ආවේ කවුද?
    මහින්ද! :dull:

    ආහාර හිඟයක් ආවා නං තමයි!

    ඒත් ඉතින් විද්‍යාඥයින් පුරෝකථනය කරන්නෙ කොහොමද ඒක! :dull:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මට නම් බයක් නෑ. මට හොඳට අයිස් ගහල පුරුදුයි. දැනුත් ඉන්නේ එහෙම නේ. 2030 කියල වෙනසක් නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකො 2005 ආහාර හිඟයක් එනවා කිවුවා ලංකාවට!
    ඒ වුනාට ආවේ කවුද?
    මහින්ද! :dull:

    ආහාර හිඟයක් ආවා නං තමයි!

    ඒත් ඉතින් විද්‍යාඥයින් පුරෝකථනය කරන්නෙ කොහොමද ඒක! :dull:

    :D