ලංකාවේ එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලංකාවේ එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව.

    1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේද ඉංගිරියේ කළුඅප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම කළුඅප්පු කළ වරද විය. ගස් හැමතැනම තිබුණද එල්ලූම් ගස් හැමතැනම නැත. දැනට ලංකාවේ එල්ලූම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනෙක බෝගම්බර බන්ධනාගාරයේය. යාපනය බන්ධනාගාරයේද එල්ලූම් ගසක් තිබුණද පසුකාලයේදි එය ඉවත් කර තිබේ.
    ඉංගිරියේ කළුඅප්පු එල්ලා මැරුවේ වැලිකඩදී බෝගම්බරදී හෝ යාපනයේදී හෝ නොව පෑලියගොඩදීය. එයට හේතුව, මුල් කාලේදී එල්ලා මැරීම කරනු ලැබුවේ මිනීමැරුම් සිදුවූ ස්ථානයට ආසන්නම නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයකය. ඉංගිරියේ කළුඅප්පු එල්ලූමගහට ගියේ පෑලියගොඩ ප‍්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පෝරකයකය.


    කළු අප්පු එල්ලා දැමූ කඹයෙහි දිග අඩි 30කි. ගණකම අඟල් 3/4ත් 1ත් අතර විය. වැනිලා ගණ පැළෑටියෙන් ලබාගත් කෙඳි පළමුව හොඳින් තම්බා තිබේ. ඒ ”ඇදීම” අවම කර ගැනීම සඳහාය. එයට හේතුව එල්ලූම් ගසේ වේදිකාවේ දොරපළු දෙක විවෘත වී මරණකරු පහළට ඇද වැටුණු පසු යළි ඉහළට හෝ පැත්තට හෝ දුන්නක් මෙන් පොළා පැන වේදිකාවේ වැටීමේ සිදුවිය හැකි අමතර හානි වළක්වා ගැනීමටය. කළුඅප්පුගේ ගෙලට වැටුණ තොණ්ඩුවේ හා කඹයේ ඉටි සබන් හෝ ග‍්‍රීස් ගල්වා තිබේ. ඒ තොණ්ඩුවේ ගැටේ පහසුවෙන් ලිස්සා ගොස් සිරවීම පහසු කිරීම පිණිසය.
    එල්ලා මැරීමේ නියමිත මරණකරු පහතට හෙළීමට ගතවන කාලය තත්ත්පරෙන් හතරෙන් පංගුවෙන් තුනෙන් පංගුවක් අතර වේ. ඔහුගේ සිරුරේ බර අනුව යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයත් වැටෙන දුරේ බලයත් එකින් එක වැඩි කිරීමෙන් ලැබෙන අගයට තොණ්ඩුවේ ගැටේ ස්ථානගත කරන ස්ථානය හා සම්බන්ධ කර සලකා බලන කල මරණකරුගේ ගෙල ප‍්‍රදේශයේ අස්ථි ක්‍ෂණිකව විසන්ධි කිරීමට එම බලපෑම සමත් වේ. මේ ආකාරයෙන් එල්ලා මැරීමකදී විනාඩි තුනත්-හයත් අතර කාලයක් ඇතුළත මොළය මිය යාමත්, විනාඩි පහක් පහළොවක් අතර කාලයක් තුළ සමස්ත සිරුරම මිය යාමත් අපේක්‍ෂා කෙරේ. ඇතැම්විට විනාඩි විසි පහක පමණ කාලයක් ගත වන තුරු හදවත ස්පන්දනය වෙමින් පැවතීමට ඉඩ තිබේ.
    ඉංගිරියේ කළුඅප්පු එල්ලූම් ගහට ගිගේ එසේය. ඒ මොහොතේදී කළු අප්පුට වේදනාවක් දැනුනේදැයි කීමට සමතෙක් නැත. එල්ලා මරා දැමීමට ලක් වූ ඕනෑම අයකුට ඒ වේදනාව දැනුනේදැයි කීමට සමතෙක් නැත. විද්‍යාඥයන්ගේ මතයට අනුව එල්ලූම් ගහට ගිය අයකුට වේදනාවක් දනෙන්නේ නම් ඒ ගෙලෙන් අස්ථි විසන්ධි වන මොහොතේදී පමණි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සෝමාරාම ඉතිහාසයට එක්වූයේ බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයේ වැරැුදිකරුවා ලෙසය. මාපිටිගම බුද්ධරක්ඛිත එම්.පී. ජයවර්ධන යන දෙදෙනාද වැරැුදිකරුවෝ වූහ. එහෙත් ඒ දෙදෙනාට හිමි වූයේ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමය. එහෙත් තල්දුවේ සෝමාරාමට එල්ලූම් ගහ නියම විය. ඒ අනුව 1962 වසරේ ජූලි මාසයේ දී වැලිකඩ බන්ධනාගාරයේදී තල්දුවේ සෝමාරාම එල්ලා මරා දැමූ බව බන්ධානාගාර වාර්තාවන්හි සඳහන්ය.
    තල්දුවේ සෝමාරාම එල්ලූම් ගහට ගියේ ගිහියකු ලෙසය. එහෙත් ඔහු වරද කරන අවස්ථාව වන විට භික්‍ෂුවක ලෙස සිටියේය. එහෙත් ඉතිිහාසයේ සඳහන් වන්නේ තල්දුවේ සෝමාරාම එල්ලූම්ගහට ගිය බවය. එය එසේ වූවද එල්ලූම්ගහට ගිය පළමු බෞද්ධ භික්‍ෂුව තල්දුවේ සෝමාරාම නොවේ. එල්ලූම්ගහට ගිය පළමු බෞද්ධ භික්‍ෂුව ලෙස ඉතිහාස ගත වූයේ ”කහවත්තේ උන්නාන්සේය.”
    කහවත්තේ උන්නාන්සේ එල්ලූම්ගහට ගියේ සමාජ විරෝධි කි‍්‍රයා හෝ නීති විරෝධී කි‍්‍රියා හේතුවෙන් නොවේ. මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සටන් කිරීම කහවත්තේ උන්නානසේ කළ එකම වරද විය. 1823 වසරේදී මාතලේ ප‍්‍රදේශයෙන් නිපැදුණ අධිරාජ්‍ය විරෝධි සටනට දායකත්වය සැපයීම උන්වහන්සේගේ නමට ඉදිරියෙන් වැරැද්ද ලෙස සටහන්ව තිබේ. එහෙත් එය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට රාජ්‍ය විරෝධී කැරැල්ලකි. දඬුවම වූයේ එල්ලූස් ගහය. බෞද්ධ භික්‍ෂූවක එල්ලා මරා දැමීමට එරෙහිව ජන උද්ඝෝෂණ ඇවිලී ගියද මරණ දඬුවම අත්හිටුවීමට එවකට ආණ්ඩුකාරධූරය ඉසිලූ මේජර් ජෙනරල් සර් කැමල් ප‍්‍රතික්ෂේප කළේය. මාතලේදි අත්අඩංගුවට පත් ”කහවත්තේ උන්නාන්සේ” මාතලේ ප‍්‍රදේශයේදී එල්ලා මරා දමන ලදැයි බන්ධනාගාර වාර්තාවන්හි සඳහන්ය.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    එල්ලූම්ගහට නියම වූ පළමු කාන්තාව වශයෙන් ඉතිහාසගත වූයේ පහළගෙදර ඩිංගිරි මැණිකාය.


    බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරටට පැමිණෙන සමයේදී ස්ත‍්‍රීන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූ එක් දඬවම් ක‍්‍රමයක් වූයේ දියේ ගිල්වා මරා දැමීමය. විශේෂ පනතක් මගින් එම දඬුවම් ක‍්‍රමය අහෝසි කළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු කාන්තාවන්ටද පොදුවේ මරණ දඬුවම නියම කෙරෙන නීති සම්පාදනය කළහ. ඒ එල්ලූම්ගහට නියම වූ පළමු කාන්තාව වශයෙන් ඉතිහාසගත වූයේ පහළගෙදර ඩිංගිරි මැණිකාය. ඒ වන විට ඇය ගැබිණියක්ව සිටියාය. එහෙයින් දරු ප‍්‍රසූතියෙන් දෙමසක් කල් ඉක්ම යනතුරු මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අත්හිටිවිණි.
    දරුවා ඉපදිණි. දෙමසක් කල් ඉක්ම යන තැන සිය ආදරණීය මව එල්ලූම් ගහට යන බව නොදැන කිරි කැටියා එම මව් උකුලේ සැනසුනේය. දුටු දුටුවන්ගේ සිත් කම්පා විය. වරද, දඬුවම, නීතිය අතරට මානුෂිකත්වය කඩාපාත් විය. ප‍්‍රතිඵලය වූයේ ඇයගේ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුකාර එඞ්මන්ඞ් බාන්ස් අත්හිටුවීමය. ඒ වෙනුවට ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය.
     
    • Like
    Reactions: minipura

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    1964 වසරේ මාර්තු 12 වැනිදා කොළඹ කොටුවේ කයිමන් දොරකඩ තාවකාලික එල්ලූම් ගහක් ඉදිවිය. ඒ එල්ලූම් ගහ ඉදිවූයේ ජේ. අප්පුතම්බි වෙනුවෙන් බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු වූ ජේ.බී. වින්සර් මහතා මරා දැමීම ඔහුට එරෙහිව නැගුණ චෝදනාව විය. ඔහු එයට වරදකරු විය. ඒ අනුව කොළඹ කොටුවේ කයිමන් දොරකඩ ඉදිවූ තාවකාලික එල්ලූම් ගහෙන් ජේ. අප්පුතම්බි අවසන් ගමන් ගියේය.
    බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු මරා දැමීමට වරදකරු වූ අප්පුතම්බි එල්ලූම් ගහ නියම වූවා සේම බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරු වූ බි‍්‍රතාන්‍ය ජාතිකයකු එල්ලූම් ගස් යාමට සිදුවිය. ඒ කොළඹ ගාලූ මුවදොර ඉදිකළ තාවකාලික එල්ලූම් ගහකදීය. කපිතාන් හැඞ්න් ස්මිත් හා ජෝන් ස්ටීවන් අඹ යාළුවෝ වූහ. එහෙත් ඔවුන් අතර විසඳාගත නොහැකි ප‍්‍රශ්නයක් මතු විය. ප‍්‍රතිඵලය වූයේ ඉතාම රහසිගත ලෙස කපිතාන් හැඞ්න් ස්මිත් මරා දැමීමය. වරදකරු වූයේ ජෝන් ස්ටීවන්ය. 1868 වසරේ එක්තරා දිනකදී ගාලූ මුවදොර පිටියේදී ඔහු එල්ලූම් ගස් ගියේය.
     
    • Like
    Reactions: delmar

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    1857 වසරේ ජුනි මස 12 වැනිදා කෑගල්ල නගරය සිසාරා භීතියද ශෝකයද ගලා ගියේය. ඒ එකම දිනක් තුළදී පුද්ගලයන් අට දෙනෙකු කෑගල්ල නගරය මධ්‍යයේදී එල්ලූම් ගස් යාමය. කෑගල්ලේ ගම්මුලාදෑනියෙකුව සිටි ජූනියස් අප්පුආරච්චි මරා දැමිණි. කෑගල්ලේ විසූ පුද්ගලයන් 15 දෙනකුට චෝදනා එල්ල විය. නඩු විභාගයේදී ඉන් අට දෙනෙක් වැරදිකරුවෝ වූහ. කෑග්ලල නගරය මධ්‍යයේ ඉදිවූ තාවකාලික ඉල්ලූම්ගහේදී මෙම වැරැුදිකරුවෝ අට දෙනාම අවසන් ගමන් ගියහ.
    1871 වසරේදී වැලිකට බන්ධනාගාරයේදී ස්ථිරවම ඉල්ලූම්ගහ ස්ථාපනය කෙරෙනතුරුම අපරාධය සිදුවූ ප‍්‍රදේශයේම තාවකාලිකව ඉදි කෙරෙන එල්ලූම්ගහකදී පුද්ගලයෝ අවසන් ගමන් ගියහ.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    23-page7-S2-2.jpg


    23-page7-S2-3.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙය නැති නිසා තමයි මිනිස්සු අනිත් මිනිස්සුන්ව කපන්නේ කොටන්නේ.මෙය ක්‍රියාත්මක කරා නම් මේ අපරාධ බොහෝ දුරට අඩුවෙවි. හැබැයි දුප්පත් කම නිසා නඩු කියන්න සල්ලි නැතුව නිවැරදි කරුවන් එල්ලුම්ගස් යන එක නම් පව්.

    කොහොම උනත් මිනිස් ජීවිතයක් නසනවා කියන්නේ හෙණ ගහන අපරාදයක්.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මෙය නැති නිසා තමයි මිනිස්සු අනිත් මිනිස්සුන්ව කපන්නේ කොටන්නේ.මෙය ක්‍රියාත්මක කරා නම් මේ අපරාධ බොහෝ දුරට අඩුවෙවි. හැබැයි දුප්පත් කම නිසා නඩු කියන්න සල්ලි නැතුව නිවැරදි කරුවන් එල්ලුම්ගස් යන එක නම් පව්.

    කොහොම උනත් මිනිස් ජීවිතයක් නසනවා කියන්නේ හෙණ ගහන අපරාදයක්.

    rape cases walata nam aniwa meka denna ona..
     
    • Like
    Reactions: nalinweer

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලංකාවෙ එල්ලුම් ගහ ක්‍රියාත්ම කිරීම හොදද නරකද...???
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කුඩු නව්ෆර් සරත් අඹේපිටිය විනිසුරු තුමා මැරෙව්වට පස්සෙ චන්ද්‍රිකා මහ ලොකු සද්දයක් දැම්මා....එල්ලුම් ගහ ගේනවා ගේනවා කියලා...
    අන්තිමට කුඩු නව්ෆර් හිර ගෙදර උගෙ ගෙදර කරගෙන ආතල් ගන්නවා....උගෙ දුවගෙ මගුලට යන්නත් අවසර ඉල්ලලා තිබුනා..හරි ගියේ නැද්ද කොහෙදෝ.
    මම නම් කියන්නෙ සාවද්‍ය මිනීමරුවො,කුඩු නව්ෆර් ඇතුලු කුඩු පාතාලයො,ස්ත්‍රී දූෂකයො,ලමා අපචාරකයො එල්ලන්න ඕන.
    නැත්නම් උන්ට වගෙම ඉදිරියට එන උන්ගෙ අනුගාමිකයින්ට නීතිය,දඬුවම් ගැන බයක් නැති නිසා දිගටම මේ සිද්ධ වෙන දේවල් කරන්න ඉඩක් ලැබෙනවා.
    අඩුම ගානෙ මේ පාදඩයො කීප දෙනෙක් හරි එල්ලුවෙ නැත්නම්.....
    යුද්ධය,ආස්චර්ය,අධිවේගය,චින්තන වගෙ කෝකටත් තෛලය ගාලා සාමාන්‍ය මිනිස්සු දිනාගන්න බැරි වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: nalinweer

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කුඩු නව්ෆර් සරත් අඹේපිටිය විනිසුරු තුමා මැරෙව්වට පස්සෙ චන්ද්‍රිකා මහ ලොකු සද්දයක් දැම්මා....එල්ලුම් ගහ ගේනවා ගේනවා කියලා...
    අන්තිමට කුඩු නව්ෆර් හිර ගෙදර උගෙ ගෙදර කරගෙන ආතල් ගන්නවා....උගෙ දුවගෙ මගුලට යන්නත් අවසර ඉල්ලලා තිබුනා..හරි ගියේ නැද්ද කොහෙදෝ.
    මම නම් කියන්නෙ සාවද්‍ය මිනීමරුවො,කුඩු නව්ෆර් ඇතුලු කුඩු පාතාලයො,ස්ත්‍රී දූෂකයො,ලමා අපචාරකයො එල්ලන්න ඕන.
    නැත්නම් උන්ට වගෙම ඉදිරියට එන උන්ගෙ අනුගාමිකයින්ට නීතිය,දඬුවම් ගැන බයක් නැති නිසා දිගටම මේ සිද්ධ වෙන දේවල් කරන්න ඉඩක් ලැබෙනවා.
    අඩුම ගානෙ මේ පාදඩයො කීප දෙනෙක් හරි එල්ලුවෙ නැත්නම්.....
    යුද්ධය,ආස්චර්ය,අධිවේගය,චින්තන වගෙ කෝකටත් තෛලය ගාලා සාමාන්‍ය මිනිස්සු දිනාගන්න බැරි වෙයි.

    Kathawanam attha Machoo