ලංකාවේ එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව.
1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේද ඉංගිරියේ කළුඅප්පුය. ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම කළුඅප්පු කළ වරද විය. ගස් හැමතැනම තිබුණද එල්ලූම් ගස් හැමතැනම නැත. දැනට ලංකාවේ එල්ලූම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනෙක බෝගම්බර බන්ධනාගාරයේය. යාපනය බන්ධනාගාරයේද එල්ලූම් ගසක් තිබුණද පසුකාලයේදි එය ඉවත් කර තිබේ.
ඉංගිරියේ කළුඅප්පු එල්ලා මැරුවේ වැලිකඩදී බෝගම්බරදී හෝ යාපනයේදී හෝ නොව පෑලියගොඩදීය. එයට හේතුව, මුල් කාලේදී එල්ලා මැරීම කරනු ලැබුවේ මිනීමැරුම් සිදුවූ ස්ථානයට ආසන්නම නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකය. ඉංගිරියේ කළුඅප්පු එල්ලූමගහට ගියේ පෑලියගොඩ ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පෝරකයකය.
කළු අප්පු එල්ලා දැමූ කඹයෙහි දිග අඩි 30කි. ගණකම අඟල් 3/4ත් 1ත් අතර විය. වැනිලා ගණ පැළෑටියෙන් ලබාගත් කෙඳි පළමුව හොඳින් තම්බා තිබේ. ඒ ”ඇදීම” අවම කර ගැනීම සඳහාය. එයට හේතුව එල්ලූම් ගසේ වේදිකාවේ දොරපළු දෙක විවෘත වී මරණකරු පහළට ඇද වැටුණු පසු යළි ඉහළට හෝ පැත්තට හෝ දුන්නක් මෙන් පොළා පැන වේදිකාවේ වැටීමේ සිදුවිය හැකි අමතර හානි වළක්වා ගැනීමටය. කළුඅප්පුගේ ගෙලට වැටුණ තොණ්ඩුවේ හා කඹයේ ඉටි සබන් හෝ ග්‍රීස් ගල්වා තිබේ. ඒ තොණ්ඩුවේ ගැටේ පහසුවෙන් ලිස්සා ගොස් සිරවීම පහසු කිරීම පිණිසය.
එල්ලා මැරීමේ නියමිත මරණකරු පහතට හෙළීමට ගතවන කාලය තත්ත්පරෙන් හතරෙන් පංගුවෙන් තුනෙන් පංගුවක් අතර වේ. ඔහුගේ සිරුරේ බර අනුව යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයත් වැටෙන දුරේ බලයත් එකින් එක වැඩි කිරීමෙන් ලැබෙන අගයට තොණ්ඩුවේ ගැටේ ස්ථානගත කරන ස්ථානය හා සම්බන්ධ කර සලකා බලන කල මරණකරුගේ ගෙල ප්‍රදේශයේ අස්ථි ක්ෂණිකව විසන්ධි කිරීමට එම බලපෑම සමත් වේ. මේ ආකාරයෙන් එල්ලා මැරීමකදී විනාඩි තුනත්-හයත් අතර කාලයක් ඇතුළත මොළය මිය යාමත්, විනාඩි පහක් පහළොවක් අතර කාලයක් තුළ සමස්ත සිරුරම මිය යාමත් අපේක්ෂා කෙරේ. ඇතැම්විට විනාඩි විසි පහක පමණ කාලයක් ගත වන තුරු හදවත ස්පන්දනය වෙමින් පැවතීමට ඉඩ තිබේ.
ඉංගිරියේ කළුඅප්පු එල්ලූම් ගහට ගිගේ එසේය. ඒ මොහොතේදී කළු අප්පුට වේදනාවක් දැනුනේදැයි කීමට සමතෙක් නැත. එල්ලා මරා දැමීමට ලක් වූ ඕනෑම අයකුට ඒ වේදනාව දැනුනේදැයි කීමට සමතෙක් නැත. විද්‍යාඥයන්ගේ මතයට අනුව එල්ලූම් ගහට ගිය අයකුට වේදනාවක් දනෙන්නේ නම් ඒ ගෙලෙන් අස්ථි විසන්ධි වන මොහොතේදී පමණි.