ලංකාවේ ඒක පුද්ගල ආදායම

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ලංකාවේ ඒක පුද්ගල ආදායම

    ලංකාවේ ඒක පුද්ගල ආදායම 2016 වසරේදී ඩොලර් 4000 ක් දක්වා වැඩි කිරීමේ ඉලක්කය සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මනින්ම ළඟාකර ගත හැකි බවත් 2016 වනවිට ලබාගත යුතු ඉලක්කය ඩොලර් 5000 ක් දක්වා වැඩි කිරීමට සිදුවිය හැකි බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.

    මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මේ බව අනාවරණය කළේ 2013 මහ බැංකු වාර්තාව එළිදැක්වීම සඳහා අද ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති උත්සවය අමතමිනි.

    මහ බැංකු වාර්තාවට අනුව 2013 වසරේ මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 3280 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2012 වසරේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2922 ක් විය.

    මහ බැංකු වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් පී.බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ 2014 වසරේදී මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 3800 ක මට්ටමක් දක්වා වර්ධනය වනු ඇති බවත් ලබන වසරේදී එය ඩොලර් 4400 ක් පමණ වනු ඇති බවයි.

    මේ නිසා, 2016 වසර වනවිට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ක පමණ ඉලක්කයක් දක්වා වර්ධනය කළ හැකියැයි හෙතෙම මෙහිදී විශ්වාසය පළ කළේය.

    මීට පෙර, ලංකාව ඉලක්ක කර තිබුණේ මෙරට ඒක පුද්ගල ආදායම 2016 වසර වනවිට ඩොලර් 4000 ක් දක්වා වර්ධනය කිරීමටයි.

    2013 මහ බැංකු වාර්තාව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මහ බැංකුවේ පැවති උත්සවයේදී අද පෙරවරුවේදී ප්‍රදානය කරන ලදී.


    Source
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    xmt.gif