ලොකු වෙනසක් නෑ බං,
මමත් රටවල් 6 කට ගිහිල්ල තියෙනව
රටේ තියෙන පහසුකම් , වත්කම් අනුව තමා මිනිස්සුංගෙ හැසිරීම තීරනය වෙන්නෙ
මෙහෙ උනත් මිනිස්සුන්ට සල්ලි තියෙනව නං , හැසිරීම මීට වඩා සිවිලයිස් වෙනව
සරල උදා : උඹේ රූට් එකට විනාඩි 10 - 10 ට බස් එක එනව නං , තව එකෙක් තල්ලු කරං බස් එකට නගින්න හදන්නෙ නෑ, පෝලිම පනින්නෙ නෑ
සංස්තික දේවල් අතිං නං වෙනස් වෙනව, හැදුන පරිසරය අනුව, උදා : ලංකාවෙ එකා අවුරුදු 40 වෙලත් අම්මල කියන විදිහට තීරණ ගන්නව, යුරෝප් වල එකා 16 පනිද්දි ඌට ඕන දේවල් තමා කරන්නෙ.
ඔය වගේ වෙනස් කම් මිසක්, මිනිස්සු මිනිස්සුමයි බං කොහෙ උනත්
මෙන්න මේ වාක්‍යය
(//සරල උදා : උඹේ රූට් එකට විනාඩි 10 - 10 ට බස් එක එනව නං , තව එකෙක් තල්ලු කරං බස් එකට නගින්න හදන්නෙ නෑ, පෝලිම පනින්නෙ නෑ//)
දැක්කාම ඒ ගැන ටික දිනකට පෙර මම ලියූ කතාවක් මතක් උනා. ඒක පහලින් පේස්ට් කරනවා.
1990 දී මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ බිරිඳත්, එවකට වයස මාස හතක අතදරුවෙක් උන දියණියත් සමගයි. අපි, තායි එයාවේස් එකෙන් බැංකොක් (හරහා මෙල්බර්න්) යාමට කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ රැඳී සිටියා. අද මෙන් Passenger Boarding Bridge නොතිබුණු ඒ කාලයේ, සියළුම මගීන් පර්යන්තයේ සිට බස් මගින් මීටර් හාර පන්සීයක් දුරින් නවතා ඇති ගුවන් යානයේ පඩිපෙළ දක්වා රැගෙන ගියා. මේ කියන ගුවන් යානයටත් මගීන් රැගෙන යාමට බස් දෙකක් පර්යන්තයේ දොරකඩ නවත්වා තිබුනා.
අපි එසේ ඉන්නා විට, තායි ගුවන් සේවයේ flight attendant කොල්ලෙක් ඇවිත් හොර රහසේ මට කතා කරලා, වයිෆ් වයි ලමයාවයි අරගෙන එයාගේ පස්සෙන් එන්න කියලා, අපේ හෑන්ඩ් ලගේජ් මලුත් ඒකාම උස්සාගෙන, ප්‍රධාන දොරටුව මග හැර, ගුවන් තොටුපොල සේවකයන්ගේ දොරටුවකින් බස් රථයට අපිව රැගෙන ගියා. අපිව දොර ලඟම ආසනයක හිඳවා, ඔහු බැස ගොස් ප්‍රධාන දොරටුව විවෘත කොට, මගීන්ට බස් වලට නගින ලෙස ඉල්ලා සිටියා.
ඒ බස් දෙකට නගින්න ආපු අපේ මිනිස්සු, පොර කාලා, එකිනෙකා තල්ලු කරලා, හෑන්ඩ් ලගේජ් වල අඬු කඩාගෙන, ඇඳුම් පැළඳුම් විනාස කරගෙන දඟලපු දැඟලිල්ල දැකපු කෙනෙක් කවදාවත් අපේ අවුරුදු 2500 ඉතිහාසය ගැන හෝ අපේ හැදියාව ගැන කතා කරන්නේ නැහැ. පේන දුරින් නවතා ඇති ගුවන් යානයට විනාඩියකටත් අඩු කාලයක් ගතවන මේ බස් ගමනටත් ආසන අල්ලා ගන්න, ජනේල අයිනේ ආසන අල්ලා ගන්න, යනාදී වශයෙන් බස් එක ඇතුලෙත් ආරවුල් ඇති කරගත්තා.
ලැජ්ජාවට කරුණ නම්, අපේ මිනිසුන්ගේ හැදියාව ගැන දන්නා පළපුරුදු (තායි)ගුවන් සේවකයෝ, ළදරුවෙකු සමග ගමන් ගන්නා අපිට අත්විය හැකි ඉරණම ගැන කලින්ම දැනගෙන, අපිව ඒ අනවශ්‍ය පොර කෑමෙන් බේරා ගැනීමයි.