ලංකාවේ ක්‍රිකට්වලට වුණේ මොකක්ද කියලා ක්‍රිකට්වලින් විතරක් තේරුම් ගන්න බැහැ.
මේක තේරුම් ගන්න නම් ක්‍රිකට්වලින් එහාට ගිය සමාජ කියවීමක් අවශ්‍යයි.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කතාවත් පරම්පරා තුනක් තිස්සේ දිවෙන පවුල් ව්‍යාපාරයක කතාවට සමානයි.
බොහෝ වෙලාවට ඉතා ම සාර්ථක පවුල් ව්‍යාපාරයක් වුණත් පවතින්නේ පරම්පරා තුනක් විතරයි කියලා ජනප්‍රිය කතාවක් අපේ සමාජයේ තියෙනවා.
ඒ කියන්නේ පළමුවෙනි පරම්පරාව ඉතා ම මහන්සි වෙලා, දුක් විඳලා, කට්ට කාලා කිසියම් ව්‍යාපාරයක් බිංදුවේ ඉඳලා ගොඩනගනවා. ඒ වෙනුවෙන් ඔවුන් තමන් ගේ දහඩිය, රුධිරය, කඳුළු වගුරනවා. ඔවුන්ට ප්‍රාග්ධනයවත්, මූලික පහසුකම්වත්, අඩු තරමේ හරියකට කෑමක් බීමක්වත් නැහැ. ඔවුන්ට හුඟක් වෙලාවට තියෙන්නේ හිතේ හයිය පමනයි. ඇත්තට ම ඒ ව්‍යාපාරය ගොඩනගන්න දරපු වෙහෙස, ඒ කරපු කැපවීම දන්නේ මේ පළමුවෙනි පරම්පරාව විතරයි. තමන් ගේ සාර්ථකත්වයේ ඵල නෙලන කාලය වෙනකොට ඔවුන් ගේ ජීවිතවල හොඳ හරිය ගෙවිලා ඉවරයි.
ඒ පළවෙනි පරම්පරාවේ දරුවන් විදියට එන දෙවැනි පරම්පරාවට ඒ තරම් ලොකු දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ශක්තිමත් අඩිතාලමක් ඔවුන්ට උරුමයෙන් ම ලැබිලා තියෙනවා. ඔවුන්ට තියෙන්නේ ඒ ශක්තිමත් අඩිතාලම පදනම් කරගෙන ඒ ව්‍යාපාරය තවත් පුළුල් කරගෙන, ඉදිරියට ගෙන යන එක විතරයි. පළමුවෙනි පරම්පරාව තරම් ලොකු කට්ටක් ඒ අයට කන්නට වෙන්නේ නැහැ. ඒ වුණත් ඔවුන්ට මේ පළමුවෙනි පරම්පරාව විඳපු දුෂ්කරතා ගැන අවබෝධයක් තියෙන නිසා තමන්ට තියෙන කාර්‍යභාරයේ බැරෑරුම්කම ඔවුන්ට තේරෙනවා. ඔවුන් ව්‍යාපාරය නවීකරණය කරනවා. අලුත් තාක්ෂණය එයට ගෙනෙනවා. මේ නිසා ම දෙවැනි පරම්පරාව බොහෝ වෙලාවට ඒ ව්‍යාපාරය පළමුවෙනි පරම්පරාවට ගෙනයන්න බැරි වුණු තරම් ඉහළට ගෙනියනවා.
දෙවනි පරම්පරාවේ දරුවන් විදියට එන තුන්වෙනි පරම්පරාව හුඟක් වෙනස් පිරිසක්. ඒ අය උපදිනකොට ම ඔවුන්ට රෝස මල් යහනාවක් ලැබිලා තියෙනවා. ඔවුන්ට මහන්සි වෙන්න දෙයක් නැහැ. හැම දෙයක් ම තමන්ට අවශ්‍ය අයුරින් සිදු විය යුතුයි කියලා විශාල entitlement මානසිකත්වයක් ඔවුන් තුළ තියෙනවා. මේ මානසිකත්වය නිසා ම පැමිණි උද්දච්චකමක් සහ මුග්ධකමක් ඔවුන්ට තියෙනවා. ඒ වගේ ම ඔවුන් අසීමාන්තික ලෙස මුදල් නාස්ති කරන ජේත්තුකාර ජීවන රටාවකටත් පුරුදු වෙලා ඉන්නවා. ව්‍යාපාරය ගොඩනගන්න පළමුවෙනි හෝ දෙවැනි පරම්පරාව කරපු දේවල් ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඔවුන්ට වැදගත් ඔවුන් ගේ සුඛ විහරණය, ජේත්තුකාර ජීවිතය සහ මෝඩ උද්දච්චකම පමණයි. මේකෙ ප්‍රතිඵලයක් විදියට තුන්වැනි පරම්පරාව අතින් ඒ ව්‍යාපාරය විනාශ මුඛයට යනවා. පළවෙනි පරම්පරාව සහ දෙවැනි පරම්පරාව ගොඩනැගූ සියලු දේ තුන්වෙනි පරම්පරාව අතින් විනාශ වෙලා යනවා.
ලංකාවේ ක්‍රිකට්වලට සිදුවුණේත් මේ දෙය ම තමයි. 90 දශකයේ මුල සිට පළමුවෙනි පරම්පරාව විසින් ගොඩනැගූ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව, 2000න් පස්සේ දෙවැනි පරම්පරාව අතට ගියා. 2015න් 2016න් පස්සේ මෙය භාර වුණේ තුන්වැනි පරම්පරාවටයි. තුන්වැනි පරම්පරාව විසින් අද එය විනාශ කරලා තියෙනවා.
ලංකාවේ ක්‍රිකට් ගැන මෑත කාලයේ වඩාත් ම යථාර්ථවාදී පහැදිලි කිරීම් කරපු එක ම මනුස්සයා මුත්තයියා මුරලිදරන් විතරයි.
මුරලිදරන් කිව්වේ ලංකාවේ ක්‍රිකට් කියන්නේ හදන්න බැරි දෙයක් කියලයි. ඒ කියන්නේ 1996-97 කාලයේ ඉඳන් 2014-15 කාලයේ තිබුණ "ශ්‍රී විභූතියට" ආපහු යන්නට බැරි බවයි. ඒ කියන්නේ කවුරුන් එළියට දැම්මත්, කවුරුන් ඇතුළට ගෙනාවත්, කාව වෙනස් කළත්, කාට බාර දුන්නත් මේ අවුල ලිහාගන්න බැරි බවයි. ඒකට හේතුව වන්නේ මෙතැන තියෙන්නේ පැහැදිලිව පෙන්වන්න පුළුවන් එක අවුලක් විතරක් නොවීමයි. මෙතැන තියෙන්නේ අවුල් ගොඩක් ගැටගැහිලා හැදුණු අවුලක්. කොටින් ම ලංකාවේ "හැඟීම්බර ක්‍රිකට් ප්‍රේක්ෂකයා" කියන්නෙත් ඒ අවුලෙම කොටසක් පමණයි. .
නායකයා වෙනස් කළා කියලා, පුහුණුකරුවන් වෙනස් කළා කියලා, තේරිම් කමිටුව වෙනස් කළා කියලා, පාලක මණ්ඩලය විසුරුවා හැරියා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මොකක් හරි බිල්ලක් දීලා හිත සනසවා ගන්නට ඕනෙ නම් එහෙම දේවල් හොඳයි. ඒත් ඒකෙන් අවසන් ප්‍රතිඵලයට වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙනකොට විනාශ මුඛයට ගිහින් ඉවරයි.
එතකොට ඉස්සරහට මොකක් වෙයිද?
එහෙම විශේෂ දෙයක් වෙන්නේ නැහැ. ක්‍රිකට් ලෝක කුසලානය දෙවතාවක් දිනපු, අවුරුදු විස්සකට ආසන්න කාලයක් ලෝකයේ ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනගාගෙන හිටපු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද ක්‍රිකට් සිතියමෙන් අතුගෑවිලා ගිහින් තියෙනවා. මේ ලෝක කුසලානයට ඔවුන් සුදුසුකම් ලබාගෙනවත් නැහැ. මීළඟ චැම්පියන්ස් කුසලානයට ඔවුන් කොහොමටත් එන්නේ නැහැ. තවමත් කොදෙව් දූපත්වල ක්‍රිකට් ක්‍රීඩකයන් සිටිනවා. T20 ලීග් ක්‍රිකට් තියෙනවා. ඒත් ලෝක ක්‍රිකට් සිතියමෙන් ඒ කණ්ඩායම අතුගෑවී ගිහින් තියෙනවා. දැන් කවුරුත් කොදෙව් දූපත්වල ක්‍රිකට් හැදෙයි කියලා බලාගෙන ඉන්නේ නැහැ.
ලංකාවත් යන්නේ ඒ ගමනමයි. අපේ රටෙත් ජේත්තුකාර ක්‍රීඩකයන්, T20 ලීග්, ක්‍රිකට් කානිවල් ඕනෑ තරම් දකින්න ලැබෙයි.
ඒත් කණ්ඩායමක් විදියට ලෝක ක්‍රිකට් සිතියමේ අපට තිබුණ තැන නැවත ලැබෙන එකක් නැහැ.
මේක තේරුම් ගන්නවා මිසක් මේ ගැන අමුතුවෙන් දුක්වීමේ හෝ කම්පා වීමේ තේරුමක් නැහැ.
-
Copied