ලංකාවේ ක්‍රිකට්වලට වුණේ මොකක්ද

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    ලංකාවේ ක්‍රිකට්වලට වුණේ මොකක්ද කියලා ක්‍රිකට්වලින් විතරක් තේරුම් ගන්න බැහැ.

    මේක තේරුම් ගන්න නම් ක්‍රිකට්වලින් එහාට ගිය සමාජ කියවීමක් අවශ්‍යයි.

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කතාවත් පරම්පරා තුනක් තිස්සේ දිවෙන පවුල් ව්‍යාපාරයක කතාවට සමානයි.

    බොහෝ වෙලාවට ඉතා ම සාර්ථක පවුල් ව්‍යාපාරයක් වුණත් පවතින්නේ පරම්පරා තුනක් විතරයි කියලා ජනප්‍රිය කතාවක් අපේ සමාජයේ තියෙනවා.

    ඒ කියන්නේ පළමුවෙනි පරම්පරාව ඉතා ම මහන්සි වෙලා, දුක් විඳලා, කට්ට කාලා කිසියම් ව්‍යාපාරයක් බිංදුවේ ඉඳලා ගොඩනගනවා. ඒ වෙනුවෙන් ඔවුන් තමන් ගේ දහඩිය, රුධිරය, කඳුළු වගුරනවා. ඔවුන්ට ප්‍රාග්ධනයවත්, මූලික පහසුකම්වත්, අඩු තරමේ හරියකට කෑමක් බීමක්වත් නැහැ. ඔවුන්ට හුඟක් වෙලාවට තියෙන්නේ හිතේ හයිය පමනයි. ඇත්තට ම ඒ ව්‍යාපාරය ගොඩනගන්න දරපු වෙහෙස, ඒ කරපු කැපවීම දන්නේ මේ පළමුවෙනි පරම්පරාව විතරයි. තමන් ගේ සාර්ථකත්වයේ ඵල නෙලන කාලය වෙනකොට ඔවුන් ගේ ජීවිතවල හොඳ හරිය ගෙවිලා ඉවරයි.

    ඒ පළවෙනි පරම්පරාවේ දරුවන් විදියට එන දෙවැනි පරම්පරාවට ඒ තරම් ලොකු දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ශක්තිමත් අඩිතාලමක් ඔවුන්ට උරුමයෙන් ම ලැබිලා තියෙනවා. ඔවුන්ට තියෙන්නේ ඒ ශක්තිමත් අඩිතාලම පදනම් කරගෙන ඒ ව්‍යාපාරය තවත් පුළුල් කරගෙන, ඉදිරියට ගෙන යන එක විතරයි. පළමුවෙනි පරම්පරාව තරම් ලොකු කට්ටක් ඒ අයට කන්නට වෙන්නේ නැහැ. ඒ වුණත් ඔවුන්ට මේ පළමුවෙනි පරම්පරාව විඳපු දුෂ්කරතා ගැන අවබෝධයක් තියෙන නිසා තමන්ට තියෙන කාර්‍යභාරයේ බැරෑරුම්කම ඔවුන්ට තේරෙනවා. ඔවුන් ව්‍යාපාරය නවීකරණය කරනවා. අලුත් තාක්ෂණය එයට ගෙනෙනවා. මේ නිසා ම දෙවැනි පරම්පරාව බොහෝ වෙලාවට ඒ ව්‍යාපාරය පළමුවෙනි පරම්පරාවට ගෙනයන්න බැරි වුණු තරම් ඉහළට ගෙනියනවා.

    දෙවනි පරම්පරාවේ දරුවන් විදියට එන තුන්වෙනි පරම්පරාව හුඟක් වෙනස් පිරිසක්. ඒ අය උපදිනකොට ම ඔවුන්ට රෝස මල් යහනාවක් ලැබිලා තියෙනවා. ඔවුන්ට මහන්සි වෙන්න දෙයක් නැහැ. හැම දෙයක් ම තමන්ට අවශ්‍ය අයුරින් සිදු විය යුතුයි කියලා විශාල entitlement මානසිකත්වයක් ඔවුන් තුළ තියෙනවා. මේ මානසිකත්වය නිසා ම පැමිණි උද්දච්චකමක් සහ මුග්ධකමක් ඔවුන්ට තියෙනවා. ඒ වගේ ම ඔවුන් අසීමාන්තික ලෙස මුදල් නාස්ති කරන ජේත්තුකාර ජීවන රටාවකටත් පුරුදු වෙලා ඉන්නවා. ව්‍යාපාරය ගොඩනගන්න පළමුවෙනි හෝ දෙවැනි පරම්පරාව කරපු දේවල් ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඔවුන්ට වැදගත් ඔවුන් ගේ සුඛ විහරණය, ජේත්තුකාර ජීවිතය සහ මෝඩ උද්දච්චකම පමණයි. මේකෙ ප්‍රතිඵලයක් විදියට තුන්වැනි පරම්පරාව අතින් ඒ ව්‍යාපාරය විනාශ මුඛයට යනවා. පළවෙනි පරම්පරාව සහ දෙවැනි පරම්පරාව ගොඩනැගූ සියලු දේ තුන්වෙනි පරම්පරාව අතින් විනාශ වෙලා යනවා.

    ලංකාවේ ක්‍රිකට්වලට සිදුවුණේත් මේ දෙය ම තමයි. 90 දශකයේ මුල සිට පළමුවෙනි පරම්පරාව විසින් ගොඩනැගූ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව, 2000න් පස්සේ දෙවැනි පරම්පරාව අතට ගියා. 2015න් 2016න් පස්සේ මෙය භාර වුණේ තුන්වැනි පරම්පරාවටයි. තුන්වැනි පරම්පරාව විසින් අද එය විනාශ කරලා තියෙනවා.

    ලංකාවේ ක්‍රිකට් ගැන මෑත කාලයේ වඩාත් ම යථාර්ථවාදී පහැදිලි කිරීම් කරපු එක ම මනුස්සයා මුත්තයියා මුරලිදරන් විතරයි.

    මුරලිදරන් කිව්වේ ලංකාවේ ක්‍රිකට් කියන්නේ හදන්න බැරි දෙයක් කියලයි. ඒ කියන්නේ 1996-97 කාලයේ ඉඳන් 2014-15 කාලයේ තිබුණ "ශ්‍රී විභූතියට" ආපහු යන්නට බැරි බවයි. ඒ කියන්නේ කවුරුන් එළියට දැම්මත්, කවුරුන් ඇතුළට ගෙනාවත්, කාව වෙනස් කළත්, කාට බාර දුන්නත් මේ අවුල ලිහාගන්න බැරි බවයි. ඒකට හේතුව වන්නේ මෙතැන තියෙන්නේ පැහැදිලිව පෙන්වන්න පුළුවන් එක අවුලක් විතරක් නොවීමයි. මෙතැන තියෙන්නේ අවුල් ගොඩක් ගැටගැහිලා හැදුණු අවුලක්. කොටින් ම ලංකාවේ "හැඟීම්බර ක්‍රිකට් ප්‍රේක්ෂකයා" කියන්නෙත් ඒ අවුලෙම කොටසක් පමණයි. .

    නායකයා වෙනස් කළා කියලා, පුහුණුකරුවන් වෙනස් කළා කියලා, තේරිම් කමිටුව වෙනස් කළා කියලා, පාලක මණ්ඩලය විසුරුවා හැරියා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මොකක් හරි බිල්ලක් දීලා හිත සනසවා ගන්නට ඕනෙ නම් එහෙම දේවල් හොඳයි. ඒත් ඒකෙන් අවසන් ප්‍රතිඵලයට වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙනකොට විනාශ මුඛයට ගිහින් ඉවරයි.

    එතකොට ඉස්සරහට මොකක් වෙයිද?

    එහෙම විශේෂ දෙයක් වෙන්නේ නැහැ. ක්‍රිකට් ලෝක කුසලානය දෙවතාවක් දිනපු, අවුරුදු විස්සකට ආසන්න කාලයක් ලෝකයේ ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනගාගෙන හිටපු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද ක්‍රිකට් සිතියමෙන් අතුගෑවිලා ගිහින් තියෙනවා. මේ ලෝක කුසලානයට ඔවුන් සුදුසුකම් ලබාගෙනවත් නැහැ. මීළඟ චැම්පියන්ස් කුසලානයට ඔවුන් කොහොමටත් එන්නේ නැහැ. තවමත් කොදෙව් දූපත්වල ක්‍රිකට් ක්‍රීඩකයන් සිටිනවා. T20 ලීග් ක්‍රිකට් තියෙනවා. ඒත් ලෝක ක්‍රිකට් සිතියමෙන් ඒ කණ්ඩායම අතුගෑවී ගිහින් තියෙනවා. දැන් කවුරුත් කොදෙව් දූපත්වල ක්‍රිකට් හැදෙයි කියලා බලාගෙන ඉන්නේ නැහැ.

    ලංකාවත් යන්නේ ඒ ගමනමයි. අපේ රටෙත් ජේත්තුකාර ක්‍රීඩකයන්, T20 ලීග්, ක්‍රිකට් කානිවල් ඕනෑ තරම් දකින්න ලැබෙයි.

    ඒත් කණ්ඩායමක් විදියට ලෝක ක්‍රිකට් සිතියමේ අපට තිබුණ තැන නැවත ලැබෙන එකක් නැහැ.

    මේක තේරුම් ගන්නවා මිසක් මේ ගැන අමුතුවෙන් දුක්වීමේ හෝ කම්පා වීමේ තේරුමක් නැහැ.

    -

    Copied
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    කවුරුන් ඇතුළට ගෙනාවත්, කාව වෙනස් කළත්, කාට බාර දුන්නත් මේ අවුල ලිහාගන්න බැරි බවයි. :yes::yes:

    Domestic & School awula hadanakam Yes :yes::yes:. Min 10-15 years ona results balaganna, api ada system change eka start kaloth

    dan inna national players lage skill thawa develop karnana ba. eyala ochara thama

    Birthday eka 2010 to foward born wecha podi unge skill develop karala, tournament competitive karanna ona

    School walata eka age group ekaka thiyanna puluwan one team only, A,B,C,D,E team kiyala magule nathima karala danna ona

    club system eka aiyin karalama danna ona. inter provincial structure genna ona, ehama play karana ayata SLC un pay karanna ona hondata.

    Provinicial team ekath team wise nathuwa player wise selection wenna ona

    ekata thama SLC gothayoo unta ICC ekan cricket development walata dena salli use karanna ona, owa ithin wenne na ne
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    ලංකාවේ ක්‍රිකට්වලට වුණේ මොකක්ද කියලා ක්‍රිකට්වලින් විතරක් තේරුම් ගන්න බැහැ.

    මේක තේරුම් ගන්න නම් ක්‍රිකට්වලින් එහාට ගිය සමාජ කියවීමක් අවශ්‍යයි.

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කතාවත් පරම්පරා තුනක් තිස්සේ දිවෙන පවුල් ව්‍යාපාරයක කතාවට සමානයි.

    බොහෝ වෙලාවට ඉතා ම සාර්ථක පවුල් ව්‍යාපාරයක් වුණත් පවතින්නේ පරම්පරා තුනක් විතරයි කියලා ජනප්‍රිය කතාවක් අපේ සමාජයේ තියෙනවා.

    ඒ කියන්නේ පළමුවෙනි පරම්පරාව ඉතා ම මහන්සි වෙලා, දුක් විඳලා, කට්ට කාලා කිසියම් ව්‍යාපාරයක් බිංදුවේ ඉඳලා ගොඩනගනවා. ඒ වෙනුවෙන් ඔවුන් තමන් ගේ දහඩිය, රුධිරය, කඳුළු වගුරනවා. ඔවුන්ට ප්‍රාග්ධනයවත්, මූලික පහසුකම්වත්, අඩු තරමේ හරියකට කෑමක් බීමක්වත් නැහැ. ඔවුන්ට හුඟක් වෙලාවට තියෙන්නේ හිතේ හයිය පමනයි. ඇත්තට ම ඒ ව්‍යාපාරය ගොඩනගන්න දරපු වෙහෙස, ඒ කරපු කැපවීම දන්නේ මේ පළමුවෙනි පරම්පරාව විතරයි. තමන් ගේ සාර්ථකත්වයේ ඵල නෙලන කාලය වෙනකොට ඔවුන් ගේ ජීවිතවල හොඳ හරිය ගෙවිලා ඉවරයි.

    ඒ පළවෙනි පරම්පරාවේ දරුවන් විදියට එන දෙවැනි පරම්පරාවට ඒ තරම් ලොකු දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ශක්තිමත් අඩිතාලමක් ඔවුන්ට උරුමයෙන් ම ලැබිලා තියෙනවා. ඔවුන්ට තියෙන්නේ ඒ ශක්තිමත් අඩිතාලම පදනම් කරගෙන ඒ ව්‍යාපාරය තවත් පුළුල් කරගෙන, ඉදිරියට ගෙන යන එක විතරයි. පළමුවෙනි පරම්පරාව තරම් ලොකු කට්ටක් ඒ අයට කන්නට වෙන්නේ නැහැ. ඒ වුණත් ඔවුන්ට මේ පළමුවෙනි පරම්පරාව විඳපු දුෂ්කරතා ගැන අවබෝධයක් තියෙන නිසා තමන්ට තියෙන කාර්‍යභාරයේ බැරෑරුම්කම ඔවුන්ට තේරෙනවා. ඔවුන් ව්‍යාපාරය නවීකරණය කරනවා. අලුත් තාක්ෂණය එයට ගෙනෙනවා. මේ නිසා ම දෙවැනි පරම්පරාව බොහෝ වෙලාවට ඒ ව්‍යාපාරය පළමුවෙනි පරම්පරාවට ගෙනයන්න බැරි වුණු තරම් ඉහළට ගෙනියනවා.

    දෙවනි පරම්පරාවේ දරුවන් විදියට එන තුන්වෙනි පරම්පරාව හුඟක් වෙනස් පිරිසක්. ඒ අය උපදිනකොට ම ඔවුන්ට රෝස මල් යහනාවක් ලැබිලා තියෙනවා. ඔවුන්ට මහන්සි වෙන්න දෙයක් නැහැ. හැම දෙයක් ම තමන්ට අවශ්‍ය අයුරින් සිදු විය යුතුයි කියලා විශාල entitlement මානසිකත්වයක් ඔවුන් තුළ තියෙනවා. මේ මානසිකත්වය නිසා ම පැමිණි උද්දච්චකමක් සහ මුග්ධකමක් ඔවුන්ට තියෙනවා. ඒ වගේ ම ඔවුන් අසීමාන්තික ලෙස මුදල් නාස්ති කරන ජේත්තුකාර ජීවන රටාවකටත් පුරුදු වෙලා ඉන්නවා. ව්‍යාපාරය ගොඩනගන්න පළමුවෙනි හෝ දෙවැනි පරම්පරාව කරපු දේවල් ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඔවුන්ට වැදගත් ඔවුන් ගේ සුඛ විහරණය, ජේත්තුකාර ජීවිතය සහ මෝඩ උද්දච්චකම පමණයි. මේකෙ ප්‍රතිඵලයක් විදියට තුන්වැනි පරම්පරාව අතින් ඒ ව්‍යාපාරය විනාශ මුඛයට යනවා. පළවෙනි පරම්පරාව සහ දෙවැනි පරම්පරාව ගොඩනැගූ සියලු දේ තුන්වෙනි පරම්පරාව අතින් විනාශ වෙලා යනවා.

    ලංකාවේ ක්‍රිකට්වලට සිදුවුණේත් මේ දෙය ම තමයි. 90 දශකයේ මුල සිට පළමුවෙනි පරම්පරාව විසින් ගොඩනැගූ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව, 2000න් පස්සේ දෙවැනි පරම්පරාව අතට ගියා. 2015න් 2016න් පස්සේ මෙය භාර වුණේ තුන්වැනි පරම්පරාවටයි. තුන්වැනි පරම්පරාව විසින් අද එය විනාශ කරලා තියෙනවා.

    ලංකාවේ ක්‍රිකට් ගැන මෑත කාලයේ වඩාත් ම යථාර්ථවාදී පහැදිලි කිරීම් කරපු එක ම මනුස්සයා මුත්තයියා මුරලිදරන් විතරයි.

    මුරලිදරන් කිව්වේ ලංකාවේ ක්‍රිකට් කියන්නේ හදන්න බැරි දෙයක් කියලයි. ඒ කියන්නේ 1996-97 කාලයේ ඉඳන් 2014-15 කාලයේ තිබුණ "ශ්‍රී විභූතියට" ආපහු යන්නට බැරි බවයි. ඒ කියන්නේ කවුරුන් එළියට දැම්මත්, කවුරුන් ඇතුළට ගෙනාවත්, කාව වෙනස් කළත්, කාට බාර දුන්නත් මේ අවුල ලිහාගන්න බැරි බවයි. ඒකට හේතුව වන්නේ මෙතැන තියෙන්නේ පැහැදිලිව පෙන්වන්න පුළුවන් එක අවුලක් විතරක් නොවීමයි. මෙතැන තියෙන්නේ අවුල් ගොඩක් ගැටගැහිලා හැදුණු අවුලක්. කොටින් ම ලංකාවේ "හැඟීම්බර ක්‍රිකට් ප්‍රේක්ෂකයා" කියන්නෙත් ඒ අවුලෙම කොටසක් පමණයි. .

    නායකයා වෙනස් කළා කියලා, පුහුණුකරුවන් වෙනස් කළා කියලා, තේරිම් කමිටුව වෙනස් කළා කියලා, පාලක මණ්ඩලය විසුරුවා හැරියා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මොකක් හරි බිල්ලක් දීලා හිත සනසවා ගන්නට ඕනෙ නම් එහෙම දේවල් හොඳයි. ඒත් ඒකෙන් අවසන් ප්‍රතිඵලයට වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙනකොට විනාශ මුඛයට ගිහින් ඉවරයි.

    එතකොට ඉස්සරහට මොකක් වෙයිද?

    එහෙම විශේෂ දෙයක් වෙන්නේ නැහැ. ක්‍රිකට් ලෝක කුසලානය දෙවතාවක් දිනපු, අවුරුදු විස්සකට ආසන්න කාලයක් ලෝකයේ ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනගාගෙන හිටපු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද ක්‍රිකට් සිතියමෙන් අතුගෑවිලා ගිහින් තියෙනවා. මේ ලෝක කුසලානයට ඔවුන් සුදුසුකම් ලබාගෙනවත් නැහැ. මීළඟ චැම්පියන්ස් කුසලානයට ඔවුන් කොහොමටත් එන්නේ නැහැ. තවමත් කොදෙව් දූපත්වල ක්‍රිකට් ක්‍රීඩකයන් සිටිනවා. T20 ලීග් ක්‍රිකට් තියෙනවා. ඒත් ලෝක ක්‍රිකට් සිතියමෙන් ඒ කණ්ඩායම අතුගෑවී ගිහින් තියෙනවා. දැන් කවුරුත් කොදෙව් දූපත්වල ක්‍රිකට් හැදෙයි කියලා බලාගෙන ඉන්නේ නැහැ.

    ලංකාවත් යන්නේ ඒ ගමනමයි. අපේ රටෙත් ජේත්තුකාර ක්‍රීඩකයන්, T20 ලීග්, ක්‍රිකට් කානිවල් ඕනෑ තරම් දකින්න ලැබෙයි.

    ඒත් කණ්ඩායමක් විදියට ලෝක ක්‍රිකට් සිතියමේ අපට තිබුණ තැන නැවත ලැබෙන එකක් නැහැ.

    මේක තේරුම් ගන්නවා මිසක් මේ ගැන අමුතුවෙන් දුක්වීමේ හෝ කම්පා වීමේ තේරුමක් නැහැ.

    -

    Copied
    එහෙම්මම කියන්න බෑ බන්. එහෙනම් ඉන්දියාවට, ඔස්ට්‍රේලියාවට වගේ ප්‍රබල Teams වලටත් මේ යතාර්ථය අදාළ වෙන්න එපැයි. උන් ගහන්නේ ඔය හොදට. උනුත් ඒ කාලේ ඉදන් Cricket ගහන උන්නේ. අපේ උන් සැපට විතරක් හුරු උනා මහන්සි වෙන්නේ නෑ. අරුන් සැපත් ඇරන් සැප පවත්වාගෙන යන්න මහන්සිත් වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි පරම්පරාවත් පලවෙනි පරම්පරාවේ ගමනම යනවා.
     
    • Like
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කෙලින් එන බෝලෙට ෆෝවඩ් ඩිෆෙන්ස් එකක් තියාගන්න බැරි ලොන්ත පොන්නයෝ ඉන්නකන් මොන ක්‍රිකට් ද? ශම්මි පකයයි ජයන්ත පිම්පියයි ශලනිගේ පුක ලෙවකාලා බඩුව ගහපු එක නෙමෙයි ප්‍රධාන ප්‍රශ්නේ. ටීම් එකේ ඉන්න පොන්න පකයලාට ක්‍රිකට් ගහන්න බෑ, කිසිම ටැලන්ට් එකක් නෑ. කැපවීමෙන් සෙල්ලම් කරන්නේ නෑ. ප්‍රැක්ටිස් කරන්නේ නෑ. ජිම් යන්නේ නෑ. පඩ ශෝ පෙන්න පෙන්න බඩු ගහ ගහ නයිට් කල්බ් වල කනමදයෝ වගේ රෑ එලි වෙනකන් බොන එක තමයි උන්ගේ මේන් ටාගට් එක. ඉතින් මොන ක්‍රිකට් ද? එක පකයෙක්ට වත් වැරදි කරල ආහුවුනාම දඬුවම් කලේ නෑ ඇට තැලුවේ නෑ. ඉතින් උන්ට ගානකුත් නෑ ලැජ්ජාවකුත් නෑ. උන් මොනවා කලත් උන්ට සල්ලි හම්බවෙනවා. ඔය සිරි ලන්කට් කිරිකට් බලන උන්ට ලැජ්ජාවකුත් නෑ. ඒකත් හරියට නාකි වේස මයිනා රටම උලා කාලා බංකොලොත් කලා කියලා හොඳටම දැන දැනත් තාමත් උගේ පුක ලෙවකනවා වගේ ලැජ්ජ නැති වැඩක්. පොන්න හෑලි වේස බයියෝ නැති වෙලා ඔය පොන්නයොන්ට ගූ ගහලා ගෙවල් ගිනි තියන තැනට ආව දවසට ඔය බිජ්ජ හරියට සෙල්ලම් කරයි :rolleyes2::rolleyes2:.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එහෙම්මම කියන්න බෑ බන්. එහෙනම් ඉන්දියාවට, ඔස්ට්‍රේලියාවට වගේ ප්‍රබල Teams වලටත් මේ යතාර්ථය අදාළ වෙන්න එපැයි. උන් ගහන්නේ ඔය හොදට. උනුත් ඒ කාලේ ඉදන් Cricket ගහන උන්නේ. අපේ උන් සැපට විතරක් හුරු උනා මහන්සි වෙන්නේ නෑ. අරුන් සැපත් ඇරන් සැප පවත්වාගෙන යන්න මහන්සිත් වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි පරම්පරාවත් පලවෙනි පරම්පරාවේ ගමනම යනවා.
    Chamika ya ganin. u daily mara effort ekake danawa. u patta widiyata mahansi wena ekake

    But uta cricket ba.

    Mahela ya ehama practice patta aduwen karana ekake. Sangakkara mara widiyata karapu ekake

    But Mahela ya balapanko spin walata gahana hati.

    ape unge skill eka madi echaraiyi

    India, Australia balapanko U-19 world cup history eka. kochara un dinala thiyanawada. aduma school nathnam domestic wath ona strong

    Strong base ekake nathuwa players la behi wenne na bung
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    Cricket monada bn thawa thiyenne katha krnna.

    Siraj karaya iye asalankayta monada kiynwa dkka 🤮

    E asse DM karaya kelin ena boleta bat eka harwan ghnna try krla kohliya pda hinwak dnwa.

    50ta all out 🤬 depararkma.

    Ape eunta cricket aye goda gnnwanm aye mula idn team ekk hadnna oni. Specially club karyo gnne nthuwa.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    Chamika ya ganin. u daily mara effort ekake danawa. u patta widiyata mahansi wena ekake

    But uta cricket ba.

    Mahela ya ehama practice patta aduwen karana ekake. Sangakkara mara widiyata karapu ekake

    But Mahela ya balapanko spin walata gahana hati.

    ape unge skill eka madi echaraiyi

    India, Australia balapanko U-19 world cup history eka. kochara un dinala thiyanawada. aduma school nathnam domestic wath ona strong

    Strong base ekake nathuwa players la behi wenne na bung
    සිරාවටම. මිනිස්සු Cricket ඉල්ලන කාලේ මේක franchise cricket නිසා. Big money market එකක් open වෙනවා ඉස්සරහට cricket වලට තියෙන indian dominance එකත් එක්ක. ලොකුවටම spread වෙයි cricket ඉස්සරහට. හැබැයි ඉතින් ඒ competitive level එකට adopt වෙන්න බැරි උනොත් ලංකාවට chance නෑ. ගැලවිලා යන්න වෙන්නේ.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    උබලට හිතන්නෙ නැද්ද මෙහෙම අපි පරදින්නෙ අර නිලියන් ගෙනිච්ච නැති නිසා කියලා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I can agree about some points, but it is wrong to say this is the end. Whoever is saying this is irreversible is someone who has no clue about management and continuous improvement. I can agree with Mauralidaran's saying the responsibility is the management; yes, they should resign and let good managers and good cricketers create an action plan to start over, and it is required to create strict discipline and mandatory training for the cricketers that should not change with their seniority. If they refuse to comply with these requirements, their contract should terminate immediately.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    1. ආයි අපේ ලන්කාවෙ ground වල තියන මැච් බලන්න යන්නෙ නැතුව ඉම්මු.
    2. ඒ වගේම LPL බලන එකත් නවත්තමු.
    3. Players ලව social media වලින් unfollow කරමු.
    4. Social media වලින් players ලව උලුප්පල ගන්න එක නවත්තමු. ඒව කරන pages/accounts report කරමු
    බොරුවට ගෙවල් ගිනිතියන්න ඕනෙ නෑ. Followers ල අඩු උනාම නිකන්ම උන්ගෙ ඔලුව ගිනි ගනී.

    හරියට ක්‍රිකට් පාලක මන්ඩලෙ නිලධාරීන් තේරීම් කමිටුව වගේම players ලත් ආයිත් රට ගැන හිතල වැඩ කරනකම් ක්‍රිකට් ගහනකම් ඔය ටික කරමු.
    කොහොමත් ක්‍රිකට් වලින් සල්ලි එන්නෙ මැච් බලන්න එන සල්ලි වලින්නෙ. අපි බලන්න යන්නෙ නැති උනාම උන්ට තේරෙයි තරම.