ලංකාවේ කෑම වලට කරන වංචා 8 ක්...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලංකාවේ කෑම වලට කරන වංචා 8 ක්...!

    ලංකාවේ හෝටල් වලින් කෑම වලට කරන නපුරු වැඩ 9 ක්

    1. ෆ්‍රයිඩ් රයිස්
    ෆ්‍රයිඩ් රයිස් එකක් විකුණන්නෙ නැති හෝටලයක් ලංකාවෙ අද නැති තරම්. ෆ්‍රයිඩ් රයිස් ඒ තරමටම ලංකාවේ ජනප්‍රියම කෑමක් වෙලා. සමහර ෆ්‍රයිඩ් රයිස් කඩෙන් ගෙනත් උණු උණුවෙන් කද්දි නම් කන්න පුලුවන් රසක් තියනවා. ඒත් ටිකක් පරක්කු වෙලා නිවුනම මෙලෝ රහක් නෑ. ඇයි ඒ?

    එකක් තමයි මේවට දාන රසකාරක. ඒත් රසකාරක වලට අමතරව ඔයාල නොදන්න තවත් දෙයක් තියනවා. ඒ තමයි මේ ෆ්‍රයිඩ් රයිස් හදන්න ගන්නෙ සමහර විට දවස් ගණන් පරණ බත් බව. දවසේ අවසානයේදී ඉතුරුවෙන බත් සෝදල ෂොපින් එකක ගැටගහල ශීතකරණ වල ගබඩා කරන හෝටල් හිමියන් දවස් ගණන් මේ බත් නැවත නැවත ෆ්‍රයිඩ් රයිස් හදමින් සහ ශීතකරණයේ දමමින් භාවිතා කරනවා.

    එකක් ඉවරවෙන්න එකක් වශයෙන් දවසට ෆ්‍රයිඩ් රයිස් සිය ගානක් දාන හෝටලයකට ඒ තරම් බත් තම්බ තම්බ ඉන්න වෙලාවක් තියෙන්න පුලුවන්ද? බෑ නේද?

    ඒ නිසා තවත් සමහරු එකවර විශාල ප්‍රමාණයක් බත් හදනව දවස් ගණන් පාවිච්චි කරන්න. මේ උපක්‍රම දෙකෙන්ම ඉතින් අහිංසක පාරිභෝගිකයන්ගෙ තමයි බඩවල් ලෙඩ වෙන්නෙ.


    2. කොත්තු
    “කොත්තුද ෆ්‍රයිඩ් රයිස්ද? ෆ්‍රයිඩ් රයිස් ද කොත්තුද?”

    රෑ කෑම වෙලාව ලං වෙද්දි හුඟක් අයට ඇතිවෙන ප්‍රශ්නයක් ඕක. ලංකාවේ කෑම සංස්කෘතියෙ ෆ්‍රයිඩ් රයිස් එක්ක කරට කර සටනක ඉන්න කොත්තුවත් ෆ්‍රයිඩ් රයිස් වගේම තමයි.

    ෆ්‍රයිඩ් රයිස් එකේ බත් වලට කරන දේම තමයි කොත්තුවෙත් රොටියට වෙන්නෙ. ශීතකරන වල දාල නැවත පාවිච්චියට ගන්නවා. නරක් වීමට ලංවෙච්ච එළවලු ලාබෙට අරගෙන දාල හදන කොත්තුත් බහුලයි. සමහර කොත්තුවලට යහමින් කරපිංච සුදුලූණූ දාල හදන්නෙ ඒ පරණ එළවලු වලින් එන අප්‍රියජනක රසය සහ සුවඳ වහන්න.

    දවස් ගණන් ඉතුරු වූ මස්මාලුත් බැදල කොත්තුවලට දාන හෝටල් ඉතාම බහුලයි. ඒ නිසා කොත්තුව කියන්නෙත් පිරිසිඳුයැයි විශ්වාසවන්ත හෝටලයකින් විතරක් කන්න ඕනෙ කෑමක්.

    3. චිලී පේස්ට්

    ලංකාවෙ මිනිස්සු චිලි පේස්ට් සහ සෝස් කන්න රුසියො. ෆ්‍රයිඩ් රයිස් එක උණු උණුවෙ මේසෙට ආපු ගමන් හුඟක් අය කරන්නෙ බත් එක වැහෙන්න සෝසුයි චිලිපේස්ටුයි හලාගන්න එක.

    ඔයාල දන්නවද හුඟක් හෝටල් වල මේ චිලි පේස්ට් එක හදන්නෙ ඉතාම පරණ තෙල් වලින් කියල. මස් මාලු පපඩම් ආදී දේවල් බැදල පරණ වෙන තෙල් එක විසිකරන්නෙ නැතිව කෑලි මිරිස් ඇතුලු අනිකුත් අමුද්‍රව්‍ය දාල චිලි පේසට් එක හදන්න භාවිතා කරනව. සමහර තැන්වල චිලි පේස්ට් එකත් හදල තියං ඉන්නව කල් පැනීම ගැන හිතන්නෙවත් නැතුව.

    4. කොළ මැල්ලුම

    කඩෙන් ගත්ත බත් පැකට් එක දිග හැරියාම මසක් මාලුවක් එළවලුවකට අමතරව ඒකට ගානට කැපෙන කොළ මැල්ලුමකුත් තිබ්බොත් හරි ගතියක් දැනෙනවා නේද?

    හරි, ගතියක් දැනුනට කමක් නෑ ඒ ගැම්මෙම්ම බත් එකට වගකියන්නෙ නැතිව අපි පොඩ්ඩක් හිතින් අතීතෙට යමුද? අම්මා අත්තම්මා එහෙමත් නැත්නම් ඔබේ බිරිඳ උයන කුස්සියට?

    එයාල පවුලේ දෙතුන් දෙනෙක්ට සෑහෙන්න කොළ මැල්ලුමක් හදද්දිඋණත් ඒකට කොච්චර වෙලාවක් ගත කරනවද? කොළ අහුලල, හෝදල, පණුවෝ කෘමීන් ඉන්නවද බලල හරි කැපකිරීමකින් තමයි මේ මැල්ලුම හදන්නෙ.

    දැන් ඔය මැල්ලුම හැදීමට ගත වෙන කාලයත් එක්ක සසඳල සීයකට දෙසීයකට හදන මැල්ලුමක් ගැන හිතල බලන්න. ඒ කැප කිරීමෙන්ම හදන්න හෝටල් වලට වෙලාවක් තියනව කියල හිතනවද? නෑ නේද? හුඟක් වෙලාවට කොළ මිටිය ලෙහුවා වතුර එකක එබුවා, කපාගෙන කපාගෙන ගියා.

    එච්චරයි!
    5. කල් පවතින පපඩම් /ආප්ප

    අපි ගෙදර පපඩමක් බැද්දොත් ටික වෙලාවකින් ඒකෙ තියෙන කර කර ගාන ගතිය ගිහින් මෙලෙක් බවකට පත්වෙනවා. ඒත් හොඳට බලන්න හුඟක් හෝටල් වල බත් පැකට් එකත් එක්ක දෙන පපඩම දවසක් හුළං වදින්න එළියේ තිබ්බත් කර කර ගාල හැපෙන තරම් හයියයි. ගෙදරදී හදන ආප්පත් ඉක්මනින් මැලවෙනවා. කඩේ වගේ කර කර ගාල වාටි කැඩෙන්නෙ නෑ.

    පසු ගිය කාලෙක කතාවක් ගියා පපඩම්, මුරුක්කු වගෙ ඉක්මණින් පෙඟෙන දේවල් එහෙම නොවෙන්න ඒවා බදින තෙලට ප්ලාස්ටික් බෝතලයක් දානවා කියලා. ඒවගේමයි ආප්ප වල කර කර ගතිය හිටින්න ප්ලාස්ටර් ඔෆ් පැරිස් දානවයි කියන එකත් ප්‍රසිද්ධි වුනු කතාවක්.

    රටේ ජනතාවට මේ දේවල් ගැන තවමත් නිසි වාර්තාවක් නොලැබී ඇති අතර, අදාල බලධාරීන් මේ ආහාර වල තියෙන අස්වාභාවික ගතිය එන්නේ සෞඛ්‍ය හිතකර දේකින්ද අහිතකර දේකින්ද කියල සොයා බැලිය යුතුයි කියන එකයි අපේ මතය.
    කඩ හිමියන්මේ වගේ කෑම කල් පවත්වගන්න මගඩි වැඩවල නියැලී ඇත්නම්, කෑම කල් පැවතුනත් අපි නම් වැඩි කලක් පවතින එකක් නෑ නේද?

    6. හොද්ද හා සම්බෝලය

    ඔයාලට පොල් ගෙඩියක ගාගත් පොල් දීල ඒ ප්‍රමාණයෙම සම්බෝලයකුයි හොද්දකුයි හදන්න කිවුවොත් පුලුවන්ද? බෑ නේද? එකකින් දෙකක් හදන්නෙ කොහොමද නේද?

    අපිට ඕක ප්‍රශ්නයක් උනාට එක බිත්තරෙන් බිත්තර රෝල්ස් 10ක් හදපු ලංකාවෙ අයියලාට නම් මේක සුලු දෙයක්. ගාගත්ත පොල් ටික මිරිකලා හොද්දටත්, ඉතුරු පොල් රොඩු ටික මිරිස් ටිකක් දාල තෙම්පරාදු කරල පොල් සම්බෝලෙටත් ගන්න අපේ දක්ෂ සූපවේදියන්ට පුලුවන්.

    ඔබ අද උදේ කෑමට හෝටලෙන් ඉඳිආප්ප කාපු අල කරිය සහ සම්බෝලෙත් එහෙම එක පොල් ටිකෙන් නිර්මාණය වෙච්ච ආහාර දෙකක් වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි. පොල් කිරි අඩුවෙන් දාල ඉතුරු හරියට කෝන් පිටි දාල එහෙම තමයි හොද්ද උකුකරල ගන්නෙ.

    7. මිරිස් මාළු, බැදපු මාළු හා කිරි මාළු.

    මේ කියන තුන් විදිහෙම මාලු ඔයාල කාල ඇති හෝටල් වලින්. ඒත් දන්නවද බොහෝ වෙලාවට මිරිස් මාලුවම තමයි මේ තත්ත්වෙට පත්වෙන්නෙ කියල.

    එකපාර හදන මිරිස් මාලු හොද්දට කඩල පිටි හරි පාන් පිටි හරි දාල කිරි මාලු හොද්දක් කරන්න අපේ හෝටල් සූපවේදීන්ට පුලුවන්. මිරිස් මාලුත් දීල කිරි මාලුත් දීල ඉතුරු මාලු වලින් රෑ කොත්තු ඕඩරුත් හදල පහුවදාටත් ඒ මාලු කෑලි ඉතිරි උනොත්?
    කිසි අවුලක් නෑ. එදා දවල් කෑමට ඒවා බැදපු මාලු බවට පත් වෙනවා.

    8.අතුරුපස හා පළතුරු බීම

    දවල් කෑමෙන් පස්සෙ බඩේ තව ටිකක් ඉඩ තිබ්බොත් ඒ ඉඩ පුරවන්න ෆෘට් සැලඩ් එකක් තමයි නියමෙට ගැලපෙන්නෙ. ආයෙ හවස්වෙලා වැඩ ඇරිලා යන ගමන් පොඩි තිබහක් ආවොත් පළතුරු යුෂ එකකුත් කදිමයි නේද?

    නරක් වූ පළතුරු වල පාවිච්චියට ගතහැකි කොටස් උපයෝගී කරගෙන හදන ෆෘට් සැලඩ් එකම තව ටිකක් පරණ වේගෙන එද්දි පළතුරු යුෂ හැටියට බ්ලෙන්ඩ් කරලා විකුණන බව ඔබ දන්නවාද? කොහොමත් විවිධ රසායනික යොදා තියෙන පළතුරු බහුල මේ කාලෙ තව නරක්වූ පළතුරුත් කෑමට ගත්තොත් එය ඔබේ සෞඛ්‍යයට යහපත් වෙන්නේ නෑ නේද?

    Shared from FB..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට මේක කෙනෙක් කියපු කතාවක් කෑම කඩයක් කරපු මුදලාලි කෙනෙක් වැඩි ලාභයක් ගන්න ඔය වගේ වැරදි ක්‍රම වලින් හදපු කෑම තමයි විකුණලා තියෙන්නේ අවසානයේ මේ මනුස්සයාගේ උගුරේ පිළිකාවක් හැදිලා මිය ගිහින් තියෙනවා :( සමහරවිට ඔහු කරපු දේවල් වලට කර්මය මේ ආත්මයේදි පලදීමක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. කෑම වලට වස විස එකතු කරලා අධික ලාභයක් ගන්න කරන ව්‍යාපාර වලින් උපයන ධනය තාවකාලිකයි :no::no::no:
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මට මේක කෙනෙක් කියපු කතාවක් කෑම කඩයක් කරපු මුදලාලි කෙනෙක් වැඩි ලාභයක් ගන්න ඔය වගේ වැරදි ක්‍රම වලින් හදපු කෑම තමයි විකුණලා තියෙන්නේ අවසානයේ මේ මනුස්සයාගේ උගුරේ පිළිකාවක් හැදිලා මිය ගිහින් තියෙනවා :( සමහරවිට ඔහු කරපු දේවල් වලට කර්මය මේ ආත්මයේදි පලදීමක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. කෑම වලට වස විස එකතු කරලා අධික ලාභයක් ගන්න කරන ව්‍යාපාර වලින් උපයන ධනය තාවකාලිකයි :no::no::no:

    :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tfs,rep+

    අපේ ගෙදර කවුරැවත් මරාසන්න හදිසියක් වුනත් කඩෙන් හෝටල් පාරවල් වලින් කන්නෙම නැහැ..හොදම පිරිසිදු හෝටලයකින් කනවා නැත්තමි ඇතුලට ගිහින් බලලා පිරිසිදුද කියලා බලල තමා කන්නෙ නැත්තමි කොහොමහරි අපිම හදාගෙන කනවා..විනෝද ගමන්,කොහේ ගියත් අපි එලියේ හරි,ගෙදරක හරි, ස්භාවික ගුන නැවුමිව දේවල් අරගෙන එකතුවෙලා උයාගෙන කන්නෙ බොන්නෙ මචං.එහෙම කරන එකේ ලොකු සතුටකුත්, විනොදයකුත් වගේම කෑමවල ගුණ, නැවුමිබව, පිරිසිදු කම,සෞඛ්‍ය ආරක්ෂාව ගැන විස්වාසයක් තියනවානේ.අපිරිසිදු කඩවල් හෝටල් වලින් කන්න එපා,හොදට හොටලේ ඇතුල දිහා බලන්න,කැම හදන කුස්සියට ගිහිල්ලා බලන්න ඔිනා.අනෙක හෝටල්වල fried rice තියා මොන කැමවත් කන්න හොද නැහැ.ඔිවාට මොන දහ ජරාවල් දානවද දන්නෙ නැහැ.ආප්ප වලට plaster of Paris දානවලු කටිට වගේ හයි වෙන්න.සමහර පරන වෙචිච කැම හොදි fridge වල දදා රත් කරලාත් දෙනවා.පාට බිම බොන්නත් හොද නැහැ. ඒවා ඇගට හොදම නැහැ. පුලු පුලුවන් කැමති විදියට රසට ඔිවා ගෙදරම හදාගෙන කෑවානමි තමා හොද,ඇගට ගුණයි.අපේ ගෙදර නමි පොත්, පත්තර, ටිවි, අන්තර්ජාල,විඩියෝ වල හොයලා බලලා, හැම කෑමක්ම ගෙදර රසට පිරිසිදුවට වස විස දේවල් දාන්නෙ නැතිව හදාගෙන තමා කන්නෙ..:yes:
     
    Last edited:

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    මට මේක කෙනෙක් කියපු කතාවක් කෑම කඩයක් කරපු මුදලාලි කෙනෙක් වැඩි ලාභයක් ගන්න ඔය වගේ වැරදි ක්‍රම වලින් හදපු කෑම තමයි විකුණලා තියෙන්නේ අවසානයේ මේ මනුස්සයාගේ උගුරේ පිළිකාවක් හැදිලා මිය ගිහින් තියෙනවා :( සමහරවිට ඔහු කරපු දේවල් වලට කර්මය මේ ආත්මයේදි පලදීමක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. කෑම වලට වස විස එකතු කරලා අධික ලාභයක් ගන්න කරන ව්‍යාපාර වලින් උපයන ධනය තාවකාලිකයි :no::no::no:

    :yes::yes::yes: