Website SEO checker tool
Official post by - https://secdevil.com/website-seo-checker-tool/
SEO හෙවත් Search Engine Optimization
SEO කියන වචනය බ්ලොග් අඩවි පවත්වාගෙන යන බොහෝ දෙනෙක් අසා ඇති කියලා මම හිතනවා. ඉතින් මම හිතුවා ඔයාලට පොඩ්ඩක් SEO සම්බන්ධව හා ඔයාගෙ බ්ලොග් අඩවිය SEO කරගන්නා විදිය ගැන ලිපි කිහිපයක් ලියන්න ඔනෑ කියලා.
ඉතින් ඔයාලා හැමෝම දන්නවා බ්ලොග් අඩවියකට Traffic කියන දේ කොතරම් වැදගත්ද කියලා. Traffic නැති බ්ලොග් අඩවි කරන්න එපා වෙනවා. මොකද බ්ලොග් අඩවි කරන හැමෝම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ බ්ලොග් එකට පාඨකයන් ඒවි කියලා හිතලා. නමුත් බොහොමයක් බ්ලොග් අඩවි වලට හිතන තරම් Traffic එන්නෙ නැහැ. ඒ නිසා ලංකාවෙ වගේම විදේශිකයන්ද බ්ලොග් කරණයෙන් ඉවත් වෙනවා.
ඉතින් මේ SEO වල ප්‍රධාන අරමුණ තමයි ඔයාගෙ බ්ලොග් අඩවියේ Traffic වැඩි කරන එක. Traffic වැඩි කරනවා කියන එකෙන් අදහස් වෙන්නෙ Search Engine හරහා යම්කිසි වචනයක් එහෙමත් නැතිනම් Keyword එකක් Search කරලා ඔයාගෙ බ්ලොග් එකට එන Traffic එක වැඩි කිරීම. මේ එන Traffic එක Organic Traffic එක කියලත් හදුන්වනවා.
SEO කියන වචනය හැදිල තියෙන්නෙ Search Engine Optimization කියන වචන කිහිපයේ මුල් අකුරු තුන එකතු වෙලා. ඔයාලා දන්නවා ඔයාලා මොකක් හරි Search Engine එකක මොකක් හරි වචනයක් Search කළොත් ඒ වචනයට අදාල තොරතුරු අඩංගු පිටු ලක්ෂ ගණනක් එනවා කියලා, ඉතින් ඔයාලා කවුරුහරි හිතුවද මෙච්චර පිටු ගණනක් අස්සේ Google ඔයාගෙ ප්‍රථිපල වලින් 1,2,3 ට මේ වෙබ් අඩවි ගැලපෙනවා කියලා තේරුවේ කොහොමද කියලා. අන්න ඒ යම්කිසි සොයන වචනයකට මුල් ස්ථානවලට ගෙන එන්න තමා මේ SEO කරන්නේ.
සරලවම කිව්වොත් ඔයා Cyber Security ගැන බ්ලොග් අඩවියක් කරනවා කියලා හිතමු. ඉතින් ඒ බ්ලොග් එකේ ඔයා Kali Linux ගැන ලිපියක් ලියනවා. ඉතින් ඔයා Google එකේ Kali Linux ගැන Search කළොත් එන List එකේ ඔයාගෙ බ්ලොග් එක අන්න අර මුල් ස්ථානවල හරි මුල් පිටුවේ හරි තියේවිද? නෑනෙ නේද? අන්න ඒ මුල් ස්ථානවලට අපේ බ්ලොග් අඩවියත් ගන්න තමා මේ SEO කරන්නේ.
මේ සදහා සෙවුම් යන්ත්‍රයක් විසින් සලකා බලන සාධක ගණනාවක් තියෙනවා. ඒ පිළිවෙළට අපේ බ්ලොග් එකත් තිබුනොත් අනිවාර්‍යයෙන්ම අපේ බ්ලොග් එකත් අර Result List එකේ ඉහළ ස්ථානයකට නිකන්ම එනවා.
ඉතින් ඔයාලට තේරෙනවා ඇති අර මම කියපු Kali linux කියන වචනය අද ලක්ෂයක් දෙනා Google එකේ සෙව්වොත් අර කියන මුල් ස්ථානවල අපේ බ්ලොග් එකත් තිබුනොත්, අපේ බ්ලොග් එකට කොච්චර ප්‍රමානයක් දෙනා නිකන්ම යාවිද කියලා. ඉතින් අන්න ඒ නිසා තමා ගොඩක් අය මේ SEO වලට මෙච්චර සැලකිලිමත් වෙන්නේ.
ඉතින් මේ SEO කියන දේ වෙනුවෙන් ලෝකයේ සමාගම් බොහොමයක් විශාල අවධානයක් යොමු කරනවා. ඒ දේ ඒ තරම්ම බ්ලොග් අඩවි කරන අයට ඉතාම වැදගත්.
SEO Checker Tool
ඇත්තටම Internet එකේ ගොඩක් SEO checker tools තියනවා. මේවා අතරින් අද මම දෙන්න යන්නෙ අපිට ඕනෙ කරන ගොඩක් දේවල් එක තැනකින් කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි Seotools.shentharindu.com SEO Checker tool එක.
මේ tool එක භාවිත කරද්දි අපිට free registation එකක් හම්බ වෙනවා. අපිට ඒක හරහා අපේ වෙබ් අඩවිය පිළිබදව සම්පූර්න SEO Audit එකක් කරගන්න පුළුවන්.
එහි මූලිකව පහත තිබෙන දේවල් අඩංගු වෙනවා.
Search Engine Checker
Rank Checker
Backlinks Checker
Test Your Website
Content Analysis
Research tool
මේ හැමදේම එකම තැනකින් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ Shen E-Service එක හරහායි. ඇත්තටම ගොඩක් අයට වැදගත් වෙයි මේ පෝස්ට් එක. යම්කිසි වැදගත්කමක් තියනවා නම් Comment එකක් දාලා යන්න. මීළග tut එකෙන් හම්බවෙමු.
Official post by - https://secdevil.com/website-seo-checker-tool/
All errors fix and update domain.
Last edited: