ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව

Jan 15, 2009
9,238
368
0
දහඅට සන්නිය

පහතරට ප්‍රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම දහඅටසන්නිය වශයෙන් ප්‍රසිද්ධය. තාම බලසම්පන්න ශාන්ති කර්මයක් වන මෙය ගමකට හෝ ප්‍රදේශයකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් අරභයා කරන ශාන්ති කර්මයක් වශයෙන්හැඳින්විය. මාතර ප්‍රදේශය තුළ සන්නි යකුම නටනු ලබන්නේ බයවීම, ඉදිමීම, බෙල්ලේ ඇවිලීම, සිහි මූර්ඡාව, අංශ ඉදිමීම, අංශභාග වැනි රෝග සඳහා වන අතර මෙම රෝග සන්නි යකා විසින් ඇති කරන සන්නි රෝග වශයෙන් හඳුන්වයි. වැලිගම සම්ප්‍රදායට අනුව සන්නි යකා විසින් ඇති කරනු ලබන ඇඟ සීතල වීම, අංශයක රුදාව, බිබිලි ගෙඩි හටගැනිම, නිතර උණ ගැනීම, අංශභාග කොරවීම, වලිප්පුව, මාන්දම, කෝල සන්නි, වායු පිත්, ගුල්ම වේලීම, උෂ්ණ, අඩස්සී ඔල්මාද වැනි රෝග පීඩා නැතිකිරීමට සන්නි යකුම නටනු ලබයි.
 
Jan 15, 2009
9,238
368
0
උත්පත්ති කථා පුවත

දහඅට සන්නි උපත මායාදුන්නේ රාජ්‍ය කාලයෙන් පසු සිදුවූ බවට මතයක් පැවතුනද එහි නිධාන කතාව ලෝක උත්පත්ති කථාව හා සම්බන්ධවේ. මෙහි උත්පත්ති ස්ථානය වශයෙන් හඳුන්වන්නේ ලිච්ඡවී රජ දරුවන් සිටි විශාලා මහනුවරයි. මෙම රජ පරපුරේ සංඛපාල නම් රජකු වූ අතර ඔහුගේ බිරිඳ අසුපාලි හෙවත් ආයුපාලි නම් විය. ඇගේ දාසිය හැඳින්වූයේ කාලි නමිනි. ආයුපාලි බිසව ගැබ්බරව සිටි කාලයක දිනක් ඇයට මී අඔ කෑමේ දොළක් ඇති විය. එදින සංඛපාල රජු යුද්ධය සඳහා අසල රටකට පිටත්ව ගොස්ය. බිසවගේ මී අඔ කෑමේ දොළ පිළිබඳව දැනගත් ප්‍රධාන ඇමති රජු නොමැති නිසා මී අඔ සපයා දෙන ලදී. බිසව‍ මී අඔ කන අතර කාලි දාසියටද මී අඔ කෑමේ රිසියක් ඇති වුවද එය ඉටු නොවූ නිසා බිසව සමඟ කෝපව ඇයගෙන් පලිගැනීම සඳහා රජ වෙත ගොස් මහ ඇමති සහ රජ බිසව අතර අනියම් සම්බන්ධක් පවතින බවට බොරු කියා රජ පවුල භේද කළේය.
එයින් කෝපයට පත්ව රජ බිසවගේ ගැබ්බර බවද නොසකා ඇයට වදදී මරා දෙකකුලෙන් පුබ්බේරිය ගසක එල්ලා දෙපළු කරන ලෙස නියෝග කල අතර එය එසේම ඉටුවිය. කළ පින් ඇති දරුවාගේ බලයෙන් පලු දෙකට හාවී උපන් දරුවා මවගේ ලේ සම් නහර අනුභව කරමින් වැඩී රාජ මුළු සන්නි යක්‍ෂයා හෙවත් කෝල සන්නි යක්‍ෂයා නමින් ප්‍රසිද්ධ විය. කවදා හෝ තම මව මැරෑ පලිය පියාගෙන් ගැනීමට සිතූ මෙම කුමරා විෂ මුසු ගෙඩි කොළ එකතු කොට විෂ ගුලි 18ක් නිපදවූ අතර එය දුටු ශක්‍රයා විෂ දිය ඉස යකුන් 18දෙනකු මැවූ බවත් ඔවුන් දහඅට සන්නිය නමින් ප්‍රසිද්ධ විය. එම සන්නි 18 වන්නේ,

  1. භූත සන්නිය
  2. අභූත සන්නිය
  3. අමුක්කු සන්නිය
  4. ව්‍යාධි සන්නිය
  5. වාත සන්නිය
  6. බිහිරි සන්නිය
  7. ගෝල සන්නිය
  8. කන සන්නිය
  9. පිත් සන්නිය
  10. කෝල සන්නිය
  11. මුර්තු සන්නිය
  12. දෙමළ සන්නිය
  13. නාග සන්නිය
  14. කොර සන්නිය
  15. ගිනිජල් සන්නිය
  16. ගුල්ම සන්නිය
  17. ජල සන්නිය‍
  18. දේව සන්නිය
මේ 18දෙනා එකතුව කුමරු වට කොට කෑම ඉල්ලා කරදර කරන්නට වූ අතර මෙය පිය රජුගෙන් පළිගැනීමට අවස්ථාවක් කරගත් කුමරු " මා ළඟ ආහාර නැත. විශාල මහනුවරට ගොස් සංඛපාල රජුගෙන් කෑම ඉල්ලා ගනුවයි " අණ කරන ලදී. මොවුන් විශාල මහනුවරට පැමිණ එහි කෙත්වතු භවභෝග විනාශ කරන්නට වීමත් සමඟ එහි ප්‍රථම දුර්භීක්‍ෂ ඇතිවිය. ආහාරපාන නැතිවීම නිසා රෝග භය පැතිරීම, මළ මිනි ගොඩවීම, මළ කුණු දුර්ගන්ධයට අමනුෂ්‍යයෝ එක්වීම යන ත්‍රිවිධ භය මෙනුර ඇතිවිය. රතන සූත්‍ර දේශනාවෙන් මෙ‍ම තුන්භය දුරු වූ බව ප්‍රසිද්ධය.
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙන්න ලංකාදීප පත්තරේ තිබ්බ article එකක් දහ අට සන්නිය ගැන.

    ds1.jpg

    ds2.jpg


    sandha-samayama.jpg

     

    nwnbs

    Member
    මේ තියෙන්නෙ නියම වැඩක්... :D අපෙන් ගිලිහිලා යන අපේ කලාවක් ගැන මේ වගේ වටින විස්තර ගොඩක් අපිත් එක්ක බෙදාගන්නවට මල්ලියට ගොඩක් පිං... :)
    හිමින් සැරේ කියවන්නම්කො... :D