දහඅට සන්නිය
පහතරට ප්රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම දහඅටසන්නිය වශයෙන් ප්රසිද්ධය. තාම බලසම්පන්න ශාන්ති කර්මයක් වන මෙය ගමකට හෝ ප්රදේශයකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් අරභයා කරන ශාන්ති කර්මයක් වශයෙන්හැඳින්විය. මාතර ප්රදේශය තුළ සන්නි යකුම නටනු ලබන්නේ බයවීම, ඉදිමීම, බෙල්ලේ ඇවිලීම, සිහි මූර්ඡාව, අංශ ඉදිමීම, අංශභාග වැනි රෝග සඳහා වන අතර මෙම රෝග සන්නි යකා විසින් ඇති කරන සන්නි රෝග වශයෙන් හඳුන්වයි. වැලිගම සම්ප්රදායට අනුව සන්නි යකා විසින් ඇති කරනු ලබන ඇඟ සීතල වීම, අංශයක රුදාව, බිබිලි ගෙඩි හටගැනිම, නිතර උණ ගැනීම, අංශභාග කොරවීම, වලිප්පුව, මාන්දම, කෝල සන්නි, වායු පිත්, ගුල්ම වේලීම, උෂ්ණ, අඩස්සී ඔල්මාද වැනි රෝග පීඩා නැතිකිරීමට සන්නි යකුම නටනු ලබයි.