ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ වැඩක්. මේ සඳහා දායකත්වය සැපයූ හැමෝටම තුති පුදනව. දිගටම කරගෙන යන්න අවැසි හැකියාව හා ‍සහයෝගය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනව.
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සොකරි


    අපේ නාට්‍ය කලාවේ මූල බීජය හට ගන්නේ දේශිය ශාන්තිකර්ම වල බව අපි දනිමු.ශාන්තිකර්ම වල නාට්‍යමය ලක්ෂණ අනූනව පැවත් බව අද ද ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. ශාන්ති කර්ම වලින් මදක් මෙපිටට ආ විට අපට ශාන්තිකර්මත් සංවිධිත නාට්‍ය කලාවත් අතර තැනක සොකරි නාට්‍ය කලාව මුණගැසෙයි. මා එසේ ප්‍රකාශ කරන්නේ සොකරි වල ශාන්තිකර්මයක ලක්ෂණත් නාට්‍යමය ලක්ෂණත් සම්මිශ්‍රව පැවති නිසාය.

    කෙසේවෙතත් සොකරි නාට්‍ය අපට ලංකාවේ හමුවන පැරණිම ගැමි නාට්‍ය ලෙස සැලකිය හැක.මෙය ව්‍යාප්තව පවතින්නේ උඩරට,රත්නපුරය,වන්නිය යන පළාත් වලය.අද වන විට මේවාට ඉතා ඉහල අධ්‍යාපනික වටිනා කමක් ලැබි ඇති බැවින් බොහෝ උසස් අධ්‍යාපන ආයතන මගින් සොකරි රංඟ ගත කිරීමට කටයුතු සංවිධානය කරනු දක්නට ලැබෙ.

    මෙහි සොකරි යන පදය විග්‍රහා කර බැලිමේදි එය "චොක්‍රී" යන මරාටේ පදයෙන් බිඳි ආවකැයි සැලකේ. මෙහිදි සොකරි යනු ඉතා රූමත් කාන්තාවකි. ඇය මෙහි කතා නායිකාවද වෙයි මෙම සොකරි නාටක කොහේ රඟ දැක්වුවද රඟ දක්වන්නේ එකම කතා පුවතකි. මෙහා බැදුන කතා පවත් කිහිපයක්ම ඇත මෙ‍වා අතර යම් යම් වෙනස් කම්ද පවති. මෙය නිශ්චිත කතා පුවත යැයි කිසිවෙකුට කිව නොහැක. නමුත් සංක්ෂිප්ත අර්ථයක් ලෙස ගත් විට සොකරි කතා පුවත ඉතාකෙටියෙන් මෙසේය.

    ගුරුහාමි යන්ත්‍ර මන්ත්‍ර දන්නා ඉංදියාවේ පඬි රට සිටි ආඬ් ගුරෙකි ඔහු සොකරි නැමති ලාබාල රූමත් තරුණිය විවහා කර ගනී. නමුත් ඔවුන්ට දරු ඵල නොමැති නිසා දරු ඵල ලබාදෙන ලෙස කතරගම දෙවියන්ට බාරයක් වීමට ඔවුන් තම දාසයා වන පරයාද කැටුව නැව් නැග ලංකාවට පැමිණේ. මෙසේ පැමිණෙන ඔවුන් ලංකාවේ තඹරා විට නම් ගමේ නවාතැන් ගැනීමට තැනක් සොයා අවසන එ ගම වෙදරාළගේ ඉඩමක පැලක් තනා පදිංචි වෙයි. දිනක් වතුර ගෙන ඒම සදහා වෙද රාළගේ ගෙදරට යන ගුරුහාමීව වෙද රාළගේ බල්ලා සපා කනු ලබයි. මෙයින් රෝගාතුර වන ‍ගුරුහාමිට ප්‍රතිකාර කිරිමට වෙදරාළව කැඳවාගෙන ඒමට පරයා යන නමුත් වෙදරාළ පරයාව එලවාගනි. පසුව සොරිය ගොස් වෙදරාළ කැඳවාගෙන එනු ලබයි. රැයක් පහන් වන තුරුම ගුරුහාමිට ප්‍රතිකාර කරන වෙදරාළ අළුයම සොකරි සමග පලා යයි. පසුව ගුරුහාමි සොකරිය සොයා ගොස් සමාදාන වී ඇය නිවසට කැඳවාගෙන එයි පසුව ඇ දරු ඵල ලබයි. අනතුරුව ඔවුන් තම රට බලා පිටත් වෙයි. සොකරි කතා පුවත සංක්ෂිප්තව එසේය.සෑම තැනකම රඟදක්වන්නේ මෙම කතා පුවතයි


    මෙම සොකරි නාටක බහුලව රඟදක්වන ලද්දේ ගොවියන් තම අස්වැන්න නෙලා ගෙට ගත් පසු වැඩ නිම වු කමතේය. ඔවුන් සොරි සදහාම සුවීශේෂි ක්‍රමයකට කමත සකසනු ලැබේ කමත මැද වංගේඩියක් තබනු ලබන අතර එයින් සශ්‍රීකත්වය සංඛේතවත් කරයි.(රංඟ භූමියේ දල රූප සටහනක් පහත දක්වා ඇත.)



     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ගොඩාක් වටිනා වැඩක් සඳුන් ඔයා පටන් අරන් තියෙන්නෙ.

    අද පුහුදේවල් වලට යන්නන් වාලේ යන සමාජය අපේ කලාවන්, පාරම්පාරික වැදගත්කම් ඇති හරයන් නොසලකා හැර අත්තේ ඉතා කණගාටුදායක ලෙස. එවන් යුගයක මෙවන් පියවරක් අරන් කාලීන අවශ්‍යතාවයකට උරදීම අගේ ඇති කාර‍යයක්, ඔබට ජය මල්ලි.

    විවේකයක් ඇති විට බලන්න, අපේ කලාවන් ගැන නිර්මාණ දෙකක්:

    අපේ අත්කම් කලාව- Our Handicraft

    බීරළු රේන්ද- Galle Lace
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගොඩාක් වටිනා වැඩක් සඳුන් ඔයා පටන් අරන් තියෙන්නෙ.

    අද පුහුදේවල් වලට යන්නන් වාලේ යන සමාජය අපේ කලාවන්, පාරම්පාරික වැදගත්කම් ඇති හරයන් නොසලකා හැර අත්තේ ඉතා කණගාටුදායක ලෙස. එවන් යුගයක මෙවන් පියවරක් අරන් කාලීන අවශ්‍යතාවයකට උරදීම අගේ ඇති කාර‍යයක්, ඔබට ජය මල්ලි.

    විවේකයක් ඇති විට බලන්න, අපේ කලාවන් ගැන නිර්මාණ දෙකක්:

    අපේ අත්කම් කලාව- Our Handicraft

    බීරළු රේන්ද- Galle Lace

    බොහොම ස්තුතියි අයියා.. මං බලන්නම්
    :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සොකරි



    සොකරි රංග ශෛලිය සම්පූර්ණවයන්ම අනුරූපණ මාධ්‍ය,අනුකරණය භාවිත කල රංග ශෛලියකි. මෙහි සියළුම අවස්ථා ප්‍රෙක්ෂකයාට පෙන්වුයේ අනුකරණය මගිනි.
    උදා:- ගුරුහාම් ඇතුළු පිරිස ලංකාවට පැමිණිම සදහා භාවිත කරන නැව සැදිමේ අවස්ථාව මෙසෙ අනූරූපණ මාධ්‍යයෙන් ඉදිරිපත් කරයි. එනම් ගස් කැපීම,ලී ඉරීම,නැව සැදීම ආදි අවස්ථා නළුවන් ‍රඟ මඩලේ අනුකරණයෙන් කර පෙන්වයි මේ අතර මෙම කාර්යයන් ගැන කියැවෙන කවි ගායනා කරනුද දක්නට ලැබෙ. මෙසේ සොකරි නාට්‍ය මුල සිට අග දක්වාම සියළුම සිද්ධි,අවස්ථා අනුකරණයෙන් කර පෙනවනු ලැබේ. ගුරුහාම් ඇතුළු පිරිස මුහුදු 7ක් තරණය කර ලංකාවට පැමිනෙන බව නළුවන් රඟ මඩලේ අනුකරණය කරන අතර කවියෙන් එය විස්තර වන්නේ මෙසේය.

    මහා මහුදට නැව ඇවිත් බසින්නේ
    හා මුහු‍දෙ නැව ගමනි බොලන්නේ
    ගොළු මුහුදට නැව ඇවිත් බසින්නේ
    ගොළු මුහු‍දෙ නැව ගමනි බොලන්නේ


    කළු මහුදට නැව ඇවිත් බසින්නේ
    කළු මුහු‍දෙ නැව ගමනි බොලන්නේ
    කර මහුදට නැව ඇවිත් බසින්නේ
    කර මුහු‍දෙ නැව ගමනි බොලන්නේ


    මේ ආකාරයට සොකරිය වීවෙලීම,ගෙපල තැනීම,මැටි ගෑම ආදි අවස්ථාද අනූරූපණයෙන් ඉදිරිපත් කරන අතර ඒ ගැන කියැවෙන කවි ගයනා කරනු ලැබෙ.

    එමෙන්ම මෙම සොකරි නාටක තුළදි එක් එක් චරිත රංඟාවතරණය කරන විට (රඟපෑමට වේදිකාවට එන විට) එම චරිත හදුන්වා දීමට ඒ ඒ චරිත සඳහාම නිර්මිත කවි ගායනා කරනු ලැබේ මෙහිදි නළුවා වෙදිකාවට පැමිනෙන අතර කවි ගායකයන් එම චරිතයට අදාල කවිය ගයනා කරමින් ප්‍රෙක්ෂකයාට චරිතය හදුන්වාදෙයි.

    පළමුවෙන්ම රඟමඩලට පැමිනෙන්නේ වෙද රාළය. ඔහු කුදු ඉතා අවලස්සන අයෙකු බවත් ගත ඉතා දුර්වලව ගිය අයෙකු බවත් මෙම කවියෙන් කියැවේ.

    වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ
    යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ
    කුදා වැනෙන්නේ සබයේකොක් හඬලන්නේ
    විදා පාන්නේ අත් දෙක තෑගි කියනනේ

    මෙසේ තුන් වන වරට රඟ මඩලට පිවිසෙන්නේ පරයායි ඔහු ප්‍රේක්ෂකයාට හාස්‍ය රසය උපදින ආකාරයට රංඟනයේ යෙදෙයි. පරයා කවියෙන් විස්තර වන්නේ මෙසේය.

    ඉතින් කියන්නේ තුන්වන වරට නටන්නේ
    පරයයි එන්නේ වට පිට නිතර බලන්නේ
    කට දෙඩවන්නේ ගිය ගිය තැන පෙරළන්නේ
    කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ

    තුනවන වරට රඟ මඩලට එන පරයා නටන අතර වට පිට බලමින් හාස්‍ය මතු කරන බවත්, හැම විටම කියවමින් යන යන තැන පෙරළියක් කරන බවත්, සොරියට ඉඟි බිඟි පාන බවත් මෙම කවියෙන් කියැවේ.

    සොකරි කතා පුවතේ ප්‍රධාන චරිතය වන සොකරිය රඟ මඩලට එනවිට ඇය ගැන කියැවෙන කවිය මෙසේය.


    සොකරී එන්නි සබයෙන්අවසර ගන්නී
    නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
    පද අල්ලන්නි පියයුරු ලැම සොලවන්නී
    කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී

    අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
    මල් ගවසන්නී කොණ්ඩය ගොතා හෙලන්නී
    තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
    සේල අදින්නී පටකින් ඔමරි කරන්නී

    ඉහත කවි ගායනා කිරිම මගින් සොකරිය ගැන යම් අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දීමට උත්සහා දරන බව පෙනියයි. සොකරියගේ චරිත ලක්ෂණ මෙම කවි වලින් කියැවෙන්නේ එබැවි

    දැන් අප මෙතෙක් කථාකල සොකරි නාටක වල ඇදුම් නිර්මාණ ගැන විමසා බලමු. මෙම පරිච්චේදයෙන් සොකරි නාට්‍යයේ ඇදුම් ගැන දීර්ඝවිස්තරයක් කිරිමට මා බලාපොරොත්තු නොවෙමි ඔබගේ දැන ගැනීම පිණිස ඉතා කෙටියෙන් එහි ඇදුම් නිර්මාණ ගැන සදහන් කරමි.

    ආඬිගුරු :-
    උඩරට නර්තන ශිල්පියෙකුගේ යටි කය ඇදුමට ගොක් කොල වලින් නිර්මිත වෙස් තට්ටුවක් භාවිත කරයි ඉංදීය බමුණෙකු ලෙස පූන නුලක් බැඳ නලලේ ඉරි ඇඳ මොනර පිල් හිසේ ගසාගෙන සිටින අතර සමහර අවස්ථා වල පොතක් අතින්ගෙන සිටියි.

    සොකරි:-
    ඔසරියක් හැඳ ආභරණ පැළඳ සිටියි.

    පරයා:-
    බම්බු කොට කලිසමක් හැඳ ශරීරයේ උඩ කොටස විවෘතව ඇත, අතේ කොටුවක් දක්නට ඇත.

    වෙදරාළ:-
    සුදු වේට්ටියක් ඇද උඩට සුදු මේස් බැනියමක් අඳියි රැවුලක්ද දක්නට ඇත.


    මෙසේ කවි වලින්, ඇදුම් වලින්, රංඟනයෙන් අලංකෘත සොකරි එදා රඟ දැක්වුයේ කුමන පරමාර්ථයෙන් දැයි විමසීම වටී.

    සොකරි නාට්‍ය දෙස බැලූ බැල්මට පෙනි යන්නේ එය ප්‍රෙක්ෂකයාට හාස්‍ය මතු කිරිමට රග දැක්වු සෙයකි. එහිද සත්‍ය තාවයක් නැතුවාම නොවේ මන්ද යත් අනේක දුක් විඳ තම කුඹුරු රැක බලාගෙන අපමන වෙහෙස වී සිටින ගොවීනට මෙම සොකරි තුළින් යම් මානසික විශ්‍රාන්තියක් ලබා දීමට අපේකෂා කරමින් මෙය හාස්‍ය මතු කිරිමට යොදා ගත්තා විය හැක. මෙම සොකරි තුළ දෙපැත්ත කැපෙන සංවාද භාවිත කර තිබේ. කුණුහරුප වචන භාවිත කිරිමත් , ශෘංගාර රසය මතු කිරිමත් දක්නට ලැබේ. මෙමගින් පෙනි යන්නේ ගොවියන්ගේ මනසට යම් විවෙකයක් ලබා දීමට යම් විනොදාස්වාද මාධයක් ලෙස සොකරි භාවිත කල බවයි.

    නමුත් එතැනින් එහා ගිය පරමාර්ථ මෙම සොකරි නාටක තුළ පැවති බවනම් පැවසිය යුතුමය. සොකරි හුදු විනොදය සදහාම පමණක් යොදා ගත් නාටකයක් නොවිය ‍එනම් මෙතුළින් ගමට රටට සශ්‍රීකත්වය ලඟා කර ගැනීමේ අරමුණ ද ඉටු කර ගැනිමට බලාපොරොත්තු විය. මෙම සොකරි නාට්‍ය තුළ ද දරුවෙකු බිහිවෙයි මෙම දරු ප්‍රසූතිය තුළින් සංඛෙතවත් කරන්න සශ්‍රීකත්වයම නොවේද? අනෙක් අතට මෙම සොකරි වෙදිකාව තුළ භාවිත වන එකම රංඟ භාණ්ඩය වන්නේ වංගෙඩියයි මෙයද ඔවුන් සශ්‍රීකත්වයේ සංඛෙතයක් ලෙස සලකන ලදි. මෙම සොකරි නාටක අවසන කිරි උතුරවනු ලබයි එයින්ද මතු වන්නේ සශ්‍රීකත්ව සංකල්පයමයි.

    මෙම සොකරි අවසානයේදි ගමටත් රටටත් තම අස්වැන්න්ටත් සෙත් පතා ඒවා ආරක්ෂා කර ගැනිමේ අරමුණින් සෙත් පතා මෙවැනි කවි ගායනාද අඩංගු විය.

    ගව සම්පත් බෝ වේවා
    ගහ කොළ පලදාවේවා
    ගජ කුළු බිය නැතිවේවා
    ගණ දෙවි නුවණක් දේවා

    සොකරි නාටක පිළිබඳව පර්යේෂණ කල විජේසිංහ මහතා සමස්ථ සොරියම සංසර්ගය සංඛෙතවත් කරන බව පවසයි. පරයා අත තිබෙන ලී කැබැල්ල, සොකරි වෙද රාළ හා පැන යාම, දරුවෙකු ලැබීම ආදී අවස්ථා විශේෂ අවස්ථාවන්ය. එමෙන්ම පොළව නැමති කාන්තාව පුරුෂයන් නැමති ගොවියන් සමග සංසර්ගයේ යෙදිමෙන් සශ්‍රීකත්වය නැමති දරුවන් ලැබිම මින් මතු කරන සශ්‍රීකත්ව ලක්ෂණයකි.

    මෙතෙක් අප කථා කලේ ලංකා නාටය කලාව තුළ අපට හමුවන පළමු ගැමි නාටක විශේෂය වන සොකරි නාටක ගැනයි. මාගේ මෙම සටහන තුළින් හැකිතාක් දුරට සොකරි නාටක පිළිබඳ නිවැරදි තොරතුරු සංෂිප්තව ඉදිරිපත් කර ඇත එබැවින් ඔබට සොකරි ගැන තවත් වැඩිදුර තොරතුරු දැන ගැනීමටනම් ඒ සම්බන්ධයෙන් ලියැවුනු පොත පත ආශ්‍රය කිරිමට සිදුවනු ඇත.


     
    Jan 15, 2009
    9,238
    368
    0
    සොකරි ඡන නාටකය

    සොකරි කථාව හෙවත් ගුරු හටනයේ උපත් කථා වල ප්‍රදේශීය වශයෙන් සුළු වෙනස්කම් ඇතත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ” සිංහල ගැමි නාටකය” නම් වූ ග්‍රන්ථයේ සඳහන් අන්දමට එහි කථාපුවත මෙසේය. කාසි රටෙහි ගුරුහාමි නමින් යුත් ආඬි ගුරෙක් වාසය කරයි. සොකරිය නම් වූ රෑමත් යුවතියක සරණ පාවා ගන්නා ඔහු පරයා නැමැත්තෙකු මෙහෙකාරකමට ගනී.

    ar0801065-1.jpg


    ඡීවනෝපායක් සොයමින් රටින් ර‍ට ඇවිදින්නා වූ ඔවුන් හට කෙළවරදී සිංහල දේශයට යන්නට සිත් වේ. ඔවුහු සුභ නැකතින් පිටත්ව මුහුදු හතක් තරණය කොට ලක්දිවට පැමිණෙති. පළමුවෙන්ම ශ්‍රී පාදස්ථානයට ගොස් වැඳ පුදා ගන්නා වූ ඔවුහු අනතුරුව තඹරාවිට නම් ගමට පැමිණ එහි පැලක් සාදාගෙන පොළව ගොමගා පවිත්‍ර කරගෙන එහි වාසය කරන්නට සැරසෙති. ගුරුහාමි හාල් සොයන්නට නික්මයති. බස නොතේරෙන බැවින් නොයෙක් අතෝරයන්ට මුහුණපාන ඔහු කෙසේ හෝ හාල් ටිකක් ගෙනවිත් බත් පිසින්නට කියා සොකරියට දෙයි. එහෙත් වතුර නැති බැවින් නැවත වරක් ගම‍ට යන්නට සිදුවෙයි. ඒ ගමන යන විට ගමේ වෙදරාළගේ බල්ලා ඔහුගේ කකුළ සපාකයි. අමාරුවෙන් ඔහු ගෙදරට සේන්දු වී පොළොවෙහි වැතිර සිටින විට ඔහු මිය‍ගොස් ඇතැයි සිතා පරයා අවස්ථාවෙන් ප්‍රයෝඡන ගෙන සොකරිය අනාචාරයට පොළඹවන්නට මාන බලයි. පරයා කෙරෙහි උරණ වූ සොකරිය වෙදරාළ කැටුව එන්නට යයි, ඔහුට අණ කරයි. පරයා ‍ගොස් වෙදරාළට තතු පවසන නමුත් සොකරිය පැමිණෙතොත් මිස තමා (වෙදරාළ) නොඑන බව ඔහු දන්වා එවයි. එකල සොකරිය තමාම ගොස් වෙදරාළ කැඳවාගෙන එයි.

    ar0801065-2.jpg


    වෙඳරාළ මැදියමතෙක් ගුරුහාමිට බෙහෙත් දී පිළියම් කොට අළුයම් වේලේ සොකරිය සමඟ පලා යයි. සොවින් පෙළන ගුරුහාමි කතරගම දෙවියන්ට බාරහාර ඔප්පු කරයි. ‍කෙළවර දී කතරගම දෙවියෝ ඔහුට සළකුණක් කියා පායි. මේ සළකුණේ අනුසාරයෙන් සොකරිය සොයා යන්නා වූ ගුරුහාමිට ඇය වෙදගෙ‍දරදී හමු වේ.ගුරුහාමි ඇය කැඳවාගෙන ගොස් ඇයට තලයි. එහෙත් ඇය තමා නිදොස් යැයි ගුරුහාමිගෙන් සමාව යදියි. මින් මතු ‍සොකරිය මැනවින් රැක ගතයුතු යැයි ගුරුහාමි පරයාට ඔවදන් දෙයි.


    සොකරි කථාවේ චරිත


    1. ගුරැහාමි (ආඬිගුරු, ගුරැස්වාමි, සිවනාථගුරු ස්වාමි, ගුරුවා )
    2. සොකරිය
    3. පරයා (පච්චමීරා, රාමා )
    4. වෙදරාළ (වෙදා, වෙදමහත්තයා )
    5. සොත්තානා (සොක්කා, සිට්ටා)
    6. හෙට්ටියා (සෙට්ටි‍ලේ,සෙට්ටියෝ )
    7. වඩුරාළ
    8. කපුරාළ
    9. නයිනටවන්නා
    10. කාලිඅම්මා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කෝළම් ගී - ජස ලෙංචිනා

    මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍යේදී පටිගත කරන ලදී.

    පහත රට ශාන්ති කර්මයට අදාල වූවකි. ජස ලෙන්චිනා කෝලම් නටයෙහි ගීත කිහිපයක් මෙහි ඇතුලත්ය. මුදලිගේ ගාම්භීරත්වය ජසයා ගමනේ යෙදෙන ගීතයක් මෙහි ඇතුලත්ය.


    ස්තූතිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සොකරි ගී

    පවර මෙලංකා තඹරාවිල පුර
    පවර වෙදෙකි පෙර සිට මහ ගම්භීර
    පවර නොයෙක් වෙදකම් දැක පරතෙර
    පවර නොයෙක් ලෙඩ සුවකරනේමී කීර
    සකල ලොවට මම වද වෙද ඇඳුරා
    ගිමල යන්ත්‍ර මන්ත්‍රද දැන කවරා
    ලබල බුලත් රුපියලකුත් මෙවරා
    සකල රෝග නැතිකර දේමි පවරා

    වෙදා නටන්නේ පළමුව සබයට එන්නේ
    යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ
    කුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ
    විදා පාන්නේ අත් දෙක තෑගි කියන්නේ

    දොයි දොයි දොයි දොයිය බබා
    බයි බයි බයි බයිය බබා
    එකල සිටන් ඇවිදිල්ලා
    ඔපවත් පා ගෙන ඉල්ලා
    ඇකයෙන් දරුවෙක් ඉල්ලා
    සොකරිගෙ දරු නැළවිල්ලා
    දොයි දොයි දොයි දොයිය බබා
    බයි බයි බයි බයිය බබා
    චංචල සිත් නැතිවේවා
    චතුමධුරා අරදේවා
    ජනිගත ලෙඩ දුරුවේවා
    චන්ද්‍ර සුරිඳු සෙත දේවා
    දොයි දොයි දොයි දොයිය බබා
    බයි බයි බයි බයිය බබා
    දොයි දොයි දොයි දොයිය බබා
    බයි බයි බයි බයිය බබා


    මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍යේදී පටිගත කරන ලදී

    බෞද්ධ විහාර ආශ්‍රිත, පිංකම් වලදී මෙය රඟ දැක්වේ. උඩරට, වන්නි යන ප්‍ර‍දේශවල, ගොවිතැන් කටයුතුවලදී අස්වැන්න ලබා ගෙන මෙය රඟ දක්වයි.කමත වේදිකාව කොටගෙන විනෝදයෙන් කාලය ගත කරයි.
    ගොවිතැන් බත් සශ්‍රීක කිරීමත්, රෝ බිය නැති කිරීමත් සඳහා පත්තිනි දේවියට කරන පිහිට පැතීම මෙහි අරමුණ වේ.

    ස්තූතිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය
     
    Last edited:
    • Like
    Reactions: sandun thilaka

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දහඅට සන්නිය

    දහඅට සන්නිය

    රාවන සොයුරන් විසින් සංවිධානය කල දහඅට සන්නි ශාන්ති කර්මයේ අවස්ථා.



    ශාන්ති කර්මය ආරම්භය.




    රිරී යකාට දිෂ්ටි මන්තර කීම.




    පාලි පද
    This dance called 'Pali Pada'. It comes before dances called pali (8 pali in Matara tradition).





    This is a part of dances called 'Sende Samayama'.




    මරු සන්නිය