ලංකාවේ ගමන් බලපත්‍රයෙන් වීසා නැතුව රටවල්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ ගමන් බලපත්‍රයෙන් වීසා නැතුව රටවල්

    ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව, පළමු තැනට එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබේ. ඊට අනුව එම රටවල් දෙකෙහි ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 147 කට ඇතුළත් වීමට හැකියාව තිබේ. යම් රටක ගමන් බලපත්‍රධාරියෙකුට වීසා ලබා ගැනීමකින් තොරව රටවල් කොපමණ ප්‍රමාණයකට ඇතුල් විය හැකි ද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.
    මෙහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 145 ක් සඳහා ප්‍රවේශය සහිත දකුණු කොරියාව, ජර්මනිය හා ප්‍රංශයයි. රටවල් 144 කට ප්‍රවේශය ඇති ඉතාලි හා ස්වීඩන් ගමන් බලපත්‍ර සඳහා මෙම වර්ගීකරණයේ තෙවන තැන හිමිව තිබේ.
    මෙම වර්ගීකරණයේ 70 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 47 ක් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි බව සඳහන් වේ. මීට පෙර වර්ගීකරණය අනුව නිශ්චිතවම ශ්‍රී ලංකාවට ප්‍රවේශය තිබුණේ රටවල් 39 කට පමණි.