ලංකාවේ ගැහැණු දරු උපත් අනුපාතය වැඩි වෙලා&#3503

මෑතකදී marry කරපු couple වල&

  • මම දන්න ගොඩක් couple වලට ගෑනු දරුවෝ ඉපදුනේ..

    Votes: 134 79.8%
  • මම දන්න ගොඩක් couple වලට පිරිමි දරුවෝ ඉපදුනේ..

    Votes: 34 20.2%

  • Total voters
    168

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවේ ගැහැණු දරු උපත් අනුපාතය වැඩි වෙලා&#3503

    මට මේ ලගකදී notice උන දෙයක් මේ.. පහුගිය අවුරුද්දක විතර කාලය ඇතුලත මං දන්න අදුනන, මෑතකදී marry කරපු කපල් වලට ගොඩක් ලැබුනේ ගෑනු දරුවෝ.. අලුත උපන් බබාලා 5 ක් ගැන ඇහුවොත් 4 ක් ම වගේ ගෑනු ළමයි..

    DINA4842_newsbanner.png


    මං දන්න විදිහට ලංකාවේ වගේම ලෝකෙම පිරිමි:ගැහැණු ratio එක ගත්තම පිරිමින්ට වඩා ගැහැණු ගණන වැඩියි. නමුත් මේ යන විදිහට තව අවුරුදු 10 කින් විතර, කොල්ලෙක් හම්බෙන එක ඉතා විරල දෙයක් බවට පත්වෙයි ද කියන බයක් මට ආවා..
    ආසියාතික රට වල කොහොමත් කෙල්ලෙක් හම්බෙනවට වඩා කොල්ලෙක් හම්බෙන එකට සමාජයීය වශයෙන් පිළිගැනීමක් තියෙනවනේ.. ඉතින් මේ වර්තමානයේ වෙන දේට හේතුව මොකක්ද කියල ඔයාලගේ අදහස දැනගන්න කැමතියි.. ඒ වගේම මේ ගෑනු දරුවෝ වැඩි වශයෙන් හම්බෙන එක මට විතරක් notice උන දෙයක් ද, නැත්නම් ලංකාව පුරා ඒ තත්වය තියෙනවද කියල එළකිරි යාලුවන්ගෙන් දැනගන්නත් මං කැමතියි..
    පෞද්ගලිකව ගත්තොත් ඕනෙම කොල්ලෙක් වගේ මාත් කැමතියි ගෑනු ළමයෙක්ට..නමුත් මේ සමාජයීය දේ ඉස්සරහට ලොකු ගැටළුවක් බවට පත් වෙන ලකුණු තියෙනවා කියල මට හිතෙන නිසා තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ..(විවාහය වගේ දේවල් වලදී..) මොකද අහන අහන ගොඩක් දෙනෙක්ට ලැබෙන්නේ ගැහැණු දරුවෝ නිසා.. මේ දේ මීට වසර 15-20 කට කලින් නොතිබුණු තත්වයක් කියල තමයි මට නම් හිතෙන්නේ..

    මේ ගැන ආගමික පැත්තෙන් ඔයාල හිතන දේවලුත් කියන්න.. බෞද්ධාගමේ නම් ලිංග භේදය ඇති වෙන විදිහ ගැන මෙහෙම කියනවා..

    "සත්වයාගේ රූපස්කන්ධය නිර්මාණය වීමේදී මහා භූත රූප සතර හැරුණුවිට තවත් රූප කොට්ඨාස 24ක් සහය ලැබෙයි.මෙයින් භාව රූප දෙක පමණි මෙහිදී සාකච්ඡාවට ගනු ලබන්නෙ.ස්ත්‍රී භාව රූපය හා පුරුශ භාව රූපය යන මේවායින් එක් භවයක එක් අයෙකු හට මෙයින් එකක් පමණක් හට ගනු ලැබීමෙන් අදාළ ආත්ම භවයේදී සත්වයාගේ ස්ත්‍රී පුරුශ භාවය තීරණය වෙයි.මෙම භාව රූපයන්ගේ හට ගැනීම කර්මයම නිමිති කොටගෙන සිදුවන්නක් බැවින් මෙලෙස වීමට මූලික වන්නාවූ විශේෂ කරුණ තෘෂ්ණාවේ විවිධත්වයමය.අනෙක් කරුණු මෙන්ම තෘෂ්ණාවද ස්ත්‍රී හා පුරුශ යනුවෙන් දෙයාකාරයකි.ස්ත්‍රී මූලික කරුණු කෙරෙහි ඔවුන් තෘෂ්තෘෂ්ණාවණාව ඇති කරගෙන් කර්ම සකස් කරගන්නා අතරතුර පුරුශයින්ට විශේෂ වන කරුණු කෙරෙහි ඔවුන් තෘෂ්ණාව ඇතිකරගෙන් මතු විපාක පිණිස කර්මය සකස් කරගනී.

    එක් භවයක් චුති සිතින් අවසන්ව විපාක පිණිස රැස්කරන ලද කර්මය අනුව ප්‍රතිසන්ධි සිත පහළ වීම සිදු වන මුත් මෙම පහළ වන ප්‍රතිසන්ධි චිත්තයට ස්ත්‍රී හෝ පුරුශ බේදයන් නොමැති බව දත යුතුය.ප්‍රහීණ නොකරන ලද තෘෂ්ණා මූලික සිතින් මරණයට පත්වන සත්වයා ප්‍රතිසන්ධිය සිදුකරගන්නා කල්හි ප්‍රතිසන්ධි චිත්තයට ස්ත්‍රී තෘෂ්ණාව සහගත කර්මයක් මූලික වන විට ඒ සමඟ ස්ත්‍රී භාව රූපයද ප්‍රතිසන්ධි චිත්තයට පුරුශ තෘෂ්ණාව සහගත කර්මයක් මූලික වන විට ඒ සමඟ පුරුශ භාව රූපයද ඇති වීමෙන් වර්ථමාන භවයේ සත්වයාගේ ස්ත්‍රී පුරුශ භාවය තීරණය වෙයි.මේ හේතුවෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත වන කර්ම ප්‍රහීන නොකරන තාක් කල් ස්ත්‍රීන් ස්ත්‍රීන්, පුරුශ තෘෂ්ණා සහගත වන කර්ම ප්‍රහීන නොකරන තාක් කල් පුරුශයන් පුරුශයන් ලෙසටමද ඉපදීම සිදුවෙති.මෙය වෙනස් වන්නේ එසේ නොවීමට හේතුවන බලවත් කර්මයක බලපෑම ප්‍රතිසන්ධි සිතට ලැබුණහොත් පමණකි.

    ලිංග පරිවර්තනය ගෙන බැලූ විට ස්ත්‍රීහු පුරුශයන් බවටද පුරුශයන් ස්ත්‍රීන් බවටද පත් වීම සලකා බැලීම වටී.මෙය අභිධර්මානුකූලව ගෙන බැලූ විට ගැඹුරු කරුණක් වන අතරම සරළව මෙලෙස වටහා ගත හැකිය.බලවත් අකුසල කර්මයන් නිසා පුරුශයන් එන භවයේදී ස්ත්‍රීන් ලෙස පහළ වීම සිදු වන අතරම බලවත් කුසල කර්මයන්ගේ බලපෑම ඊලඟ භවයේ කුශලකර්මානුරූප උත්පත්තියට හේතුවන වන අවස්ථාවේදී ජනක කර්මය විසින් ස්ත්‍රීභාව රූපයන් ඉපදවීම පසෙකලා පුරුෂ භාවරූපයන් ඉපැද්දවීමෙන් මේ භවයේ ස්ත්‍රිය නව භවයේදී පුරුශයකු බවට පත් කරනු ලබයි."
    උපුටා ගැනීම - https://nirwanamargaya.wordpress.com/category/අභිධර්ම-දේශණා/


    මේ ලිපියේ කියවෙන විදිහට පුරුෂ භාවයක් ලැබීමට ගොඩක් පින් කරන්න ඕනේ.. ඒ වගේම බලවත් අකුශලයක් කලොත් ස්ත්‍රී භාවය ලැබෙනවා.. (ස්ත්‍රී-පුරුෂබව වෙනස් වෙන්න තරම් මේ කියන බලවත් අකුශල කර්ම මොනවද කියල, බුද්ධාගම හොදින් දන්න අපේ යාළුවො ඉන්නවා නම් කියන්න කරුණාකරලා...)

    ඉතින් මට හිතෙනවා අද ලාංකික සමාජයේ වෙන ස්ත්‍රී දුෂන, කාමයේ වරදවා හැසිරීම වගේ අකුශල කර්ම නිසා ඒවට සම්බන්ද පිරිමි පුද්ගලයන් ස්ත්‍රී භාවයන් ලබල, ඔවුන් ඒ කරපු අකුෂලකර්ම වලට ඔවුන්ගේ ස්ත්‍රී ජීවිතේදී යලිත් මුහුණ දෙන්නට කර්ම විපාක දෙනවද කියල.. (මේක මගේ හිතලුවක් විතරයි)

    තවත් මේ ගැනම කියන රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමි විසින් රචිත "අභිධර්මයේමූලික කරුණු" කියන පොතේ මෙහෙම සදහන් වෙනවා..


    "ලිංග පරිවර්තනය

    සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති. “තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති, තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති” යි විනයෙහි ද ඒ බව දක්වා තිබේ.

    ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි. බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නො දන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින් ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංගවිපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනකකර්මය (උප්පත්තියට හේතු වූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂභාව රූපයන් ඉපදවීමට නො සමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රීභාව රූප උපදවයි. කලින් පැවැත්තා වූ පුරුෂභාවරූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසු ව ඔහු ගේ සන්තානයෙහි ස්ත්‍රීභාවරූප ඇති කළා වූ ද කලින් පුරුෂභාව රූප ඇති කළා වූ ද කර්මය එකක් ම ය. එය ඔහුගේ උත්පත්තියට හේතු වූ කුශල කර්මය ම ය. මේ විර්‍ප්‍යාසයට දුරින් හේතු වන අකුශල කර්‍මය දැක්වීම පිණිස එය ප්‍ර‍ධාන කොට කතා කිරීමේ දී බලවත් අකුශලයෙන් පුරුෂලිංග අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වෙතැ යි කියනු ලැබේ. එය පර්‍ය්‍යාය කථාවෙකි. එය පිළිබඳ ව කිය යුතු දෑ බොහෝ ඇතත් ඒවා දක්වන්නට ගිය හොත් පරමාර්ථ ධර්ම ලක්ෂණයෙන් බැහැරට බොහෝ දුර යැවෙන බැවින් මෙය මෙතෙකින් නවත්වනු ලැබේ."
    උපුටා ගැනීම - https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/9-6.html


    මේ ත්‍රෙඩ් එක දැම්මේ හුදෙක් මේ දේ සමාජයීය ප්‍රශ්නයක් වශයෙන් දැකපු නිසා මිසක් කිසිම gender එකකට අගෞරව කිරීමට නෙමෙයි කියලත් කියන්න ඕනේ..

    මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහසත් කියන්න...
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට නම් එහෙෙම මගුලක් නෝටිස් වෙලා නැහැ, එක ගානට වගේ ඉන්නවා
    පොඩි එකා ක්ලිනික් එකට එක්ක ගියාම එතන එහෙම නම් වැඩිපුර ඉන්නෙ කොල්ලො

    ගෑනු ලමයි වැඩිපුර ඉන්න එකේ හොදකුත් තියනවා අපේ පොඩි එවුන් කෑලි තුන හතර කරයිනේ එතකොට
     
    • Like
    Reactions: 0x9 and funkyguy89

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    මට නම් එහෙෙම මගුලක් නෝටිස් වෙලා නැහැ, එක ගානට වගේ ඉන්නවා
    පොඩි එකා ක්ලිනික් එකට එක්ක ගියාම එතන එහෙම නම් වැඩිපුර ඉන්නෙ කොල්ලො

    ගෑනු ලමයි වැඩිපුර ඉන්න එකේ හොදකුත් තියනවා අපේ පොඩි එවුන් කෑලි තුන හතර කරයිනේ එතකොට

    :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට නම් එහෙෙම මගුලක් නෝටිස් වෙලා නැහැ, එක ගානට වගේ ඉන්නවා
    පොඩි එකා ක්ලිනික් එකට එක්ක ගියාම එතන එහෙම නම් වැඩිපුර ඉන්නෙ කොල්ලො

    ගෑනු ලමයි වැඩිපුර ඉන්න එකේ හොදකුත් තියනවා අපේ පොඩි එවුන් කෑලි තුන හතර කරයිනේ එතකොට
    හ්ම්ම්..ඒක තමයි...මුළු ලංකාවේම මේ දේ වෙලා නැත්නම් හොදයි...
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    hoda ta game eka(intercourse) gahanna puluwan ewunta thama kollo inne. another thing single කාලේ කෙල්ලොන්ට කැරි වැඩ කරපු උන්ටත් කෙල්ලෝ තමා වැඩිය හම්බ වෙන්නේ.මම නම් දැකපු දේ ඕක.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    hoda ta game eka(intercourse) gahanna puluwan ewunta thama kollo inne. another thing single කාලේ කෙල්ලොන්ට කැරි වැඩ කරපු උන්ටත් කෙල්ලෝ තමා වැඩිය හම්බ වෙන්නේ.මම නම් දැකපු දේ ඕක.
    හ්ම්ම්... ඒකට නම් මටත් උදාහරණයක් තියෙනවා, මං දන්න අදුනන කෙනෙක්ගෙම..ඉස්කෝලේ කාලේදී යාලු වෙලා හිටපු කෙල්ලව අනාත කරල..දැන් එයාට ඉන්නේ කෙල්ලෝම 2ක්..
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමිගේ පොතේ කියන මේ කරුණ ගැන පහදලා දෙන්න, ධර්මාචාර්ය එහෙම කරපු යාළුවො මේකේ ඇති නේද?


    "මිනිස් පුරුෂයා විසින් ලිංගවිපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනකකර්මය (උප්පත්තියට හේතු වූ කර්මය) එයින් දුබල වේ."


    මොනවද මේ ලිංගවිපර්යාසයට හේතු වන බලවත් අකුශල?? :nerd:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Puththu hambenawa eth aduwak dakala thiyenawa thamai. G:B ratio eka 6:4 or 7:3 wage thamai dakala thiyenne. Mage yaluwekta oya prashne thiyenawa. Duwala dennek hambune. Muge wife thawa babala hadanna kamathi na. Unge thaththa moota baninawa family line eka geniyanna puthek na kiyala. Mu hamadama beela nahayen adanawa
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Puththu hambenawa eth aduwak dakala thiyenawa thamai. G:B ratio eka 6:4 or 7:3 wage thamai dakala thiyenne. Mage yaluwekta oya prashne thiyenawa. Duwala dennek hambune. Muge wife thawa babala hadanna kamathi na. Unge thaththa moota baninawa family line eka geniyanna puthek na kiyala. Mu hamadama beela nahayen adanawa
    :(:sorry: ඒක තමයි.. මටත් පේන විදිහට මේ දේ ඉස්සරහට ලොකු සමාජයීය ප්‍රශ්නයක් වෙයි වගේ..(තියෙන පවුලත් කැඩෙනවානේ ඔහොම බීගෙන ආවම)

    මොකද දැනටමත් බදින වයසේ කෙල්ලෝ ඉන්න දෙමාපියන්ට, හොද කොල්ලෙක් හොයා ගන්න එක පුදුම අමාරු දෙයක් වීගෙන එනවා, අපි දන්න අදුනන පවුල් වල අයගෙන් ඇහුවම. මේ තත්වය තව වැඩි වෙයි වගේ..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මොනවද මේ ලිංගවිපර්යාසයට හේතු වන බලවත් අකුශල
     

    nintendo

    Banned
    Apr 16, 2019
    4
    1
    0
    මම දන්න අයගෙ නම් 50 50 ගෑනු පිරිමි. එහෙම වෙනසක් නෑ බන්
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    parisara ushnathwaya ihala yanakota pilisindha ganeem awasthawe ushnathwaya ihalanam pilisidenne Gahanu Kalala

    honey moon yanawa nam/ lamai hadanawanam thamunge purudu ushnathwayata wada seethala paththakata gihin wade koranna satiyak withara nawatila inna ona
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    parisara ushnathwaya ihala yanakota pilisindha ganeem awasthawe ushnathwaya ihalanam pilisidenne Gahanu Kalala

    honey moon yanawa nam/ lamai hadanawanam thamunge purudu ushnathwayata wada seethala paththakata gihin wade koranna satiyak withara nawatila inna ona

    :yes: