ලංකාවේ ට්‍රිප් යන්න හොද තැන් හොයා ගන්න

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ලංකාවේ ට්‍රිප් යන්න හොද තැන් හොයා ගන්න

    ලංකාවේ ට්‍රිප් යන්න හොද තැන් හොයා ගන්න , මම සංචාරය කල පහත ඇති ස්ථාන වලින් ඔබට උදව්වක් වෙයි කියලා හිතනවා. ගමන් මාර්ග හා වෙනත් විස්තරත් ලබා දෙන්න පුලුවන්. මෙහි ඇති ට්‍රිප් ඔක්කොම වගේ අපි ගියේ පොදු ප්‍රවාහන සේවා වන බස් හා දුම්රිය වලින්. තනියම හෝ දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් එක්ක ගිය චාරිකා තියෙන්නෙ...

    මගේ පසුගිය චාරිකාවන්...

    2018 : හන්තාන කඳුවැටිය තරණය, නෙල්ලිගල ජාත්‍යන්තර ‍බෞද්ධ මධ්‍යස්ථානය, රණවන පුරාණ විහාරය, හුම්මානය, දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය, සීතාවක බැරැන්ඩි කෝවිල, කැලණිවැලි දුම්රිය මාර්ගය කොටුව-අවිස්සාවෙල්ල සංචාරය, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, අනුරාධපුර රුවන්වැලි සෑය හා ශ්‍රී මහාබෝධිය

    2017 : ඇල්ල, මිරිජ්ජවිල උද්භිද උද්යානය, රිදියගම සෆාරි පාර්ක්, පුංචි ශ්‍රීපාදය, දෙමොදර ආරුක්කු 9 පාළම, රාවණා ගුහාව, රාවණා පුරාණ විහාරය, මාතලේ අලු විහාරය, නුවරඑලිය, ග්‍රෙගරි ලේක්, පිදුරුතලාගල, ලෝකාන්තය, හොර්ටන් තැන්න, බේකස් ඇල්ල, හනුමාන් කෝවිල, බ්රීෆ් ගාර්ඩන්, කන්දෙ විහාරය, මාදු ගගේ බෝට්ටු සවාරිය, පින්නවල අලි අනාථාගාරය හා සත්වෝද්යානය, රූමස්සල ජන්ගල් බීච්, උණවටුන බීච්, රූමස්සල සාම විහාරය, සීගිරිය, මාළිගාතැන්න සේනාසනය, පිළිකුත්තුව රජ මහා විහාරය, බැද්දගාන තෙත් බිම් උද්යානය, නුවර සිට මාතලේ දුම්රිය සංචාරය, කොරතොට රජමහා විහාරය, දළදා මාළිගාව, අනුරාධපුර, කතරගම

    2016: නාගදීපය, යාපනය, නල්ලූර් කෝවිල, යාපනය පුස්තකාලය, ලිප්ටන් සීට්, ඇඩිසම් බන්ගලාව, මිහින්තලේ, කලුතර, රිච්මන්ඩ් මන්දිරය, මඩොල් දූව, කොග්ගල, පාහියන්ගල, සරදියෙල් ගම්මානය, සීතාවක උද්භිද උද්යානය, සෙම්බුවත්ත, ඇම්බැක්කෙ, ශ්‍රී පාදය, කොටුවේ සිට බදුල්ලට එක්ස්පෝ ට්‍රේන් එකේ, මුතියංගනය, ඇතුගල් විහාරය, මාතර, වෙහෙරහේන, ගාලු කොටුව, අනුරාධපුර අටමස්ථාන(රුවන්වැලි සෑය, ශ්‍රී මහාබෝධිය, ජේතවනාරාමය,කුට්ටම් පොකුන,අභයගිරිය,සමාධි පිලිමය, සදකඩ පහන, මුරගල,ඇත් පොකුන, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, ඉසුරුමුනිය), ගඩලාදෙනිය, රිදී විහාරය, ඇත්කද රජමහා විහාරය, රම්බඩගල්ල විහාරය, සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව, කොටුව ජනාධිපති මන්දිරය, දළදා මාළිගාව, කතරගම

    2015: නුවරඑළිය, ලෝකාන්තය, අබේවෙල , හක්ගල උද්භිද උද්යානය, ස්ට්‍රොබෙරි ෆාර්ම්, අම්බුලුවාව, හික්කඩුව, කතරගම කිරිවෙහර, වැඩහිටිකන්ද, සෙල්ලකතරගම, දියත උයන, වාරණ, සේරුවිල, සෝමාවතිය, කන්දේගම, රජගල, අම්පාර, බුද්ධංගල, දීඝවාපිය, අරන්තලාව, අරලගන්විල, මාදුරුඔය, මහියංගනය, මානෙල්වත්ත, දළදා මාළිගාව

    2014: ඉන්දියාවේ චෙන්නායි, බුදුරුවකන්ද, හත්තිකුච්චි විහාරය, තන්තිරිමලේ, නෙල්ලිකුලම, දඹදෙණිය, ශ්‍රී පාදය, අනුරාධපුර රුවන්වැලි සෑය, ශ්‍රී මහාබෝධිය,මිරිසවැටිය, වෝටර්වල්ඩ්, මඩු පල්ලිය, දෙහිවල සත්තුවත්ත, ගාලු කොටුව

    2013-2011: රිවර්ස්ටර්න්, සීගිරිය, උඩවත්ත කැලේ, පේරාදෙණිය මල්වත්ත, දඹුල්ල, සංකපාල විහාරය, යාපහුව, කවටයාමුනේ විහාරය....


    - Pasan
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    ත්‍රිකුණාමලේ පරෙවි දුපතට යන්න අමතක කරන්න එපා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    8.jpg