ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?
ලංකාවේ තරම් වාහන පිළිබඳ අතාර්කික ආකල්ප දරණ මිනිසුන් සිටින රටක් ලොව කොතැනකවත් තිබේදැයි සැක සහිතය.
ඩීසල් වාහන පිළිබඳ ලාංකිකයන් දරණ ආකල්පද බොහෝ දුරට වැරදි හා අතාර්කික මට්ටමේ පවතී.
මෙම පෝස්ට් එක දමන්නට සිතුනේ මෑතකදී ලද අත්දැකීමක් නිසාය. මා හඳුනන අයෙක් රජයෙන් ලබාදුන් වාහන බලපත්‍රය යටතේ Kia Sorento (Diesel) වාහනයක් ගෙන්වා ගත්තේය. විශාල මුදලක් වියදම් කර, මාස ගණනාවක් 'වේලි වේලි' සිට මේ වාහනය ගෙන්වා ගත් පසු ඔහු කරන්නේ එයට Lanka Auto Diesel ගසා ධාවනය කිරීමයි. නමුත් වාහනයේ ඇතුළත අලංකාර කළ හැකි සියළුම ආකාර වලින් හැඩ ගන්වා ඇත. රක්ෂණ වාරිකයද බර ගණනකි. වාහනය වෙනුවන් මෙතරම් වියදම් කරන ඔහු එයට Super Diesel ගැසීමට අකමැතිය.
ලංකාවේදී ඩීසල් පෙට්‍රල් වලට වඩා ලාභ ඇයි? - රජය පෙට්‍රල් වාහන හිමියන්ගෙන් අධික බදු මුදලක් සූරා ගන්නා අතර මේ නිසා ඩීසල් හා පෙට්‍රල් අතර කෘතිම මිල වෙනසක් නිර්මාණය කර ඇත. බොහෝ රටවල ඩීසල් හා පෙට්‍රල් අතර එතරම් මිල වෙනසක් නැති අතර සමහර රටවල පෙට්‍රල් මිල අඩු බවක්ද දැකිය හැක.
ඩීසල් මිල ඉහළ දැමීමෙන් පොදු ප්‍රවාහන සේවා මිල ඉහළ යාමෙන් සියළු භාණ්ඩ හා සේවා වලට බලපෑම් එල්ල වන නිසා රජය සාමාන්‍යයෙන් ඩීසල් මිල අඩු කර තැබීමට බලයි.
සාමාන්‍ය ඩීසල් හා සුපර් ඩීසල් අතර වෙනස කුමක්ද? - මෙහිදී වැදගත්ම වෙනස නම් සල්ෆර් අන්තර්ගතයයි. Auto Diesel වල 3000ppm (0.3 w/w %) උපරිම ප්‍රමාණයකින්ද Super Diesel වල 500ppm (0.05 w/w %) උපරිම ප්‍රමාණයකින්ද සල්ෆර් අඩංගු වේ.
මෙම අගයන් ප්‍රමාණවත්ද? - නැත. ලංකාව අත්සන් කර ඇති (පරිසරය සුරකින ) ගිවිසුම් අනුව වර්ෂ 2007 ආරම්භයේ පටන් Auto Diesel වල සල්ෆර් අන්තර්ගතය 500ppm ක් විය යුතුව තිබේ (මේ වෙනුවෙන් 2003 ජූනි තරම් ඈතකදී චක්‍රලේඛයක් නිකුත් කර තිබේ).
නමුත් අපේ ප්‍රධාන තෙල් පිරිපහදුවේ දුර්වලකම් නිසාත්, අධික මිල නිසාත් (රජය පිළි නොගන්නා හේතුද තිබිය හැක ) සුපර් ඩීසල් පමණක් මෙම අගයයන් තෘප්ත කරන මට්ටමට නිපදවා තිබේ. ලෝකයේ බොහෝ රටවල සම්මතය නම් 50ppm තරම් අඩු අගයකි.
නවීන ඩීසල් වාහන වලට සුපර් ඩීසල් අවශ්‍යද? - නවීන ඩීසල් එන්ජින් පැරණි ඒවා මෙන් නොව ඉතාම කාර්‍යක්ෂමව හා වැඩි බලයකින් ක්‍රියා කරන ලෙස නිපදවා තිබේ. උදාහරණයක් ලෙස ඉහත සඳහන් කළ Kia Sorento වාහනයේ ඇති CRDi නම් එන්ජිමට අවශ්‍ය වන්නේ සල්ෆර් අන්තර්ගතය 50ppm තරම් වන ඉතා පිරිසිඳු ඩීසල් ය. මෙය ලංකාවේ නැති නිසා අවම වශයෙන් සුපර් ඩීසල් යෙදිය යුතුවේ.
නැතහොත් සිදු වන්නේ එන්ජිමේ ඇති ඉතා ඉහළ Compression Ratio එක නිසා සල්ෆර් වල බලපෑමෙන් එහි ඇති (පැරණි එන්ජින් වල නැති ) පීඩන සංවේදක, අධි පීඩන ඩීසල් ඉන්ජෙක්ටර් ආදිය ඉතා ඉක්මනින් විනාශ වී යාමයි. මේ නිසා කි. මී. 150000 කින් පමණ වුවද එන්ජින් අලුත්වැඩියාවකට යාමට සිදු විය හැක. (පැරණි එන්ජින් අලුත්වැඩියාවකින් තොරව 300000 - 350000 km තරම් විශාල දුරවල් දුවයි) අනික මේවා නිශ්පාදනය කර ඇත්තේ 50ppm ඩීසල් සඳහා බවද මතක තබා ගන්න. Auto Diesel වල අගය එමෙන් 60 ගුණයකි!
අළුතින් මිළදී ගන්නා සෑම ඩීසල් වාහනයකටම මෙසේ කළ යුතුද? - එන්ජිමේ තත්වය මත රඳා පවතී. තායිලන්තයේ නිශ්පාදිත නවීන ටොයෝටා ඩබල් කැබ් වලට පවා මෙය අවශ්‍ය බව කියවේ.
TATA Safari වාහනයකට හෝ Mahindra Scorpio වාහනයකට අවශ්‍ය නොවිය හැක. වාහනය මිලට ගැනීමට පෙර විමසා බලන්න.
සුපර් ඩීසල් මිල ඉතා අධික නිසා මෙය පාඩුවක් නේද? - දීර්ඝ කාලීන භාවිතයේදී පාඩුවක් නොවේ. නවීන ඩීසල් එන්ජිමක් අළුත්වැඩියා කිරීම ඉතා මිල අධික කටයුත්තකි. ඒ සඳහා අදාළ නියෝජිතයා ළඟටම යාමට සිදුවේ නම් 'හොඳ ගානකට තට්ටු විය හැක'.
උදාහරණයක් ලෙස Kia Lanka යනු අන්තිම පහත් Customer care සඳහා නමක් දිනා ඇති ආයතනයකි. ඔවුන්ගෙන් සුපර් ඩීසල් ගැන ඇසූ සමහර අයට ඔවුන් කියා ඇත්තේ Auto Diesel යෙදුවද කමක් නැති බවයි. නමුත් එකම CRDi එන්ජිම Hayundai වාහන වලද යොදාගන්නා අතර (Kia අයිති Hayundai ආයතනයටය) Hayundai Lanka පැහැදිළිව කියා සිටින්නේ සුපර් ඩීසල් පමණක් යොදා ගන්නා ලෙසයි. මගේ මතය නම් අනාගත එන්ජින් අළුත්වැඩියා වලින් "ගාන කඩා ගැනීමටත්" ඩීසල් වාහන වලට තිබෙන ජනප්‍රිය කම අඩු වේ යයි බිය නිසාත් Kia Lanka මෙසේ කරන බවයි.
මේ අනුව විශාල බදු මුදල් ගෙවා නවීන ඩීසල් වාහනයක් ගැනීමෙන් වැඩක් තිබේද? - ඇත්තටම සුපර් ඩීසල් පමණක් යෙදීමට සිදුවේ නම් ආර්ථික වශයෙන් ලාභයක් ඇතැයි සිතිය නොහැකිය. වාහනයේ වෙළඳපල වටිනාකම වැඩි වීම යනු රක්ෂණ වාරික, ලීසිං වාරික ආදී සියල්ල වැඩිවීමයි. මේ සියල්ලත් නඩත්තු වියදමත් සැලකිල්ලට ගත්විට ලාභයක් තිබේද?
නමුත් පර්මිට් වලට ඩීසල් වාහන විශාල වශයෙන් ගන්නේ ඇයි - පර්මිට් වලින් උපරිම ලාභයක් ලැබෙන්නේ ඩීසල් වාහන වලට බව අංක ගණිතමය වශයෙන් පෙනී යයි. නමුත් මෙය යථාර්ථයක් වීමට නම් ඉහළ මිලකට එය 2nd hand market එකේ විකුණා ගැනීමට සිදුවේ.
සුපර් ඩීසල් අවශ්‍යතාවය දන්නා අයද බලන්නේ Auto Diesel වලින් හැකිතාක් වාහනය ධාවනය කර එන්ජින් අළුත්වැඩියාවකට පෙර කෙසේ හෝ වාහනය විකුණා ගැනීමටයි. (මෙසේ නොසිතන අයද ඇත).
නවීන ඩීසල් වාහන 2nd hand ලෙස ගැනීම අනතුරුදායකද? - පළමු අයිතිකරු යෙදුවේ සුපර් ඩීසල් බව නොදන්නේ නම් 75000 km පමණ ධාවනය කර ඇති Kia Sportage වැනි වාහනයක් මිලට ගෙන එන්ජින් අළුත්වැඩියාවකට හසු වුවහොත් කුමක් කරන්නද? (Kia Lanka වෙත ගෙන ගිය හොත් ඔබට වහ කෑමට සිදුවනු ඇත.)
ප්‍රතිවිරුද්ධ උදාහරණයක් ලෙස රතුපාටින් D අකුර සඳහන් (පර්මිට්) Corolla 141 වාහන දැක තිබේද? මෙහි තිබෙන්නේ අවු 15ක් පමණ අතීතයක් ඇති ඉපැරණි ඩීසල් එන්ජිමකි. වාහනයේ බරට අනුව එන්ජිමේ බලය ඉතා අඩු අතර අපහසුවෙන් ඇදී යයි. නමුත් මෙය කිසි අවුලක් නැතිව 300000 km ධාවනය කළ හැකි එකකි.
ඉදිරියේදී ඩීසල් වාහන වල ජනප්‍රිය කම අඩු වනු ඇත්ද? - මෙම ගැටළු ගැන දැනුවත් පිරිස වැඩිවන විට මෙසේ වනු ඇතැයි අපේක්ෂා කළ හැක.
(රජයේ ප්‍රතිපත්ති දෙස බලන විට ඩීසල් වල තත්වය උසස් කිරීමට ඔවුන් උත්සහ කරනු ඇතැයි සිතිය නොහැකිය.)
රජය සමහර විට මෙයට විසඳුමක් ලෙස ඩීසල් වාහන ගෙන්වීමේදී කඩා ගන්නා අධික බදු අඩු කිරීමටද ඉඩ ඇත.
අදහස් දක්වන්න....
(මෙය වෙනත් තැනකින් ගල් කරන ලද්දක් නොවන බව සලකන්න.)

Last edited: