මෙවර පත්කරනු ලැබ සිටින අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතර අඹු සැමියෝ හයදෙනෙක් සිටී.අග්‍රාමාත්‍ය ලේකම් සමන්ත ඒකනායකගේ බිරිඳ ඞී.කේ.ආර්. ඒකනායක සමාජ සේවා සුභසාධක හා පාංශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්ව සිටින අතර, පී.එච්.ජේ.බී. සුගතදාස ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද ඔහුගේ බිරිඳ එන්.ඞී. සුගතදාස තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද පත්ව සිටී.
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පතිගේ බිරිඳ එච්.ඞී.එස්. මල්කාන්ති සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද පත්ව සිටී.ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු උපසභාපතිවරයකු වන අනුර විජේපාලද,උපසභාපතිවරයා ලෙස නිහාල් වික්‍රමසූරිය ද පත්කරනු ලැබ සිටි.විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම පත්කිරීම් සිදු කර තිබේ