ලංකාවේ දර්ශණීය ස්ථාන හා ජායාරූප

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාවේ දර්ශණීය ස්ථාන හා ජායාරූප

    ලංකවේ දර්ශණීය ස්ථාන හා ජායාරූප

    දෙමෝදර පාලම
    කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති මෙම උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත.
    මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇත.
    එම අවස්ථාවේ මේ පී. කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල්වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු 09 න් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත.
    මෙසේ ආරුක්කු 09 න් යුක්තව ඉදිකර ඇති පාලමේ කනුවල උස අඩි 97ක් වන අතර ආරුක්කුවක පළල අඩි 24යි අගල් 6ක් වේ.
    පාලම ආසන්නයේම අංක 40 දරණ බිංගෙයද පිහිටා ඇත.


    10470207_594608147311095_852808921298405568_o.jpg


    10688460_594607790644464_6253016910796274576_o.jpg


    1797396_594608707311039_3051197482409296519_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දෙමෝදර ඔස්‌සේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගැටලුවකට එහි ඉදිකිරීම් සිදුකළ සුදු ජාතිකයන් මුහුණදී ඇත.
    භු විෂමතාව අනුව බණ්‌ඩාරවෙල සිට සැතපුම් 3 1/2 ක පමණ අමතර දුරක්‌ දුම්රිය මාර්ගය ඉදිකිරීමට සිදුවී ඇත.එසේ නොමැතිව එම ස්‌ථානයෙන් දුම්රියක්‌ ධාවනය කිරීමට නොහැකියයි සිතමින් ඒ පිළිබඳ කල්පනා කරමින් සිටියදී දෙමෝදර කඳු මුදුනෙහි හරක්‌ බලමින් සිටි ගොපල්ලා අපූරු අදහසක්‌ ඉදිරිපත් කළේය.
    සිය හිසෙහි ජටාව බඳින ආකාරය පෙන්වා කන්ද වටා එම ආකාරයම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සුදුසු බව ඔහුගේ උපදේශය විය.
    ඒ අනුව කන්ද වටා ගොස්‌ දුම්රිය ස්‌ථානයට යටින් උමගකින්ද ගොස්‌ දුම්රිය ධාවනය කිරීමට සුදුසු දුම්රිය මාර්ගයක්‌ ඉංගී්‍රසි පාලකයන් විසින් ඉදිකරන ලදී.
    ජනප්‍රවාදයේ එලෙස අදහසක්‌ පැවතියද ඉංගී්‍රසි ඉංජිනේරුවන් ද මවිත කරමින් එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා උපදෙස්‌ ලබාදෙන ලද්දේ සුප්‍රකට ඉංජිනේරු ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා විසිනි.
    මෙහි ඇති උමග එම දුම්රිය ස්‌ථානය යට පිහිටීමද තවත් විශේෂත්වයකි.
    අඩි 416 ක්‌ හෙවත් මීටර් 170 ක්‌ පමණ එම උමග දිගින් යුතුය. කොළඹ සිට ගමන් ගන්නා දුම්රිය මාර්ගය කි.මී. 277.64-277.814 අතර එම දුම්රිය උමග ඉදිකොට තිබේ.
    මෙම දුම්රිය මාර්ගය කන්ද වටා ගමන් කරන්නේ ආනතියකින් යුතුවය. අඩි 44 ට අඩි 1 ක්‌ ලෙස එහි ආනතිය තබා ඇත.

    10552429_593857380719505_1896652989036453667_n.jpg

    10452351_593856634052913_8239314764994652979_n.jpg

    10620213_593857070719536_6131032540108071809_o.jpg

    10805838_593856804052896_4143414039907731081_n.jpg

    10731120_593856970719546_8771919249896901166_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දිවා ගුහාව

    ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිණිස වැඩම කරන ලද බුදුරඡානණන් වහන්සේ සමවත් සුවයෙන් දිවා විහාරය කරන ලදී. දිවා ගුහාව හෙවත් භගවාලෙන වශයෙන් පිළිගත හැකි මෙම ලෙන් විහාරය පැරණිතම බෞද්ධ සිද්ධස්ථානයකි. මෙය ක්‍රි:පු 77-88 තෙක් අනුරාධපුරයේ රඡ කළ වලගම්බා රඡු විසින් කරවන ලදැයි සැලකේ. මෙම ලෙන තුල විසි එක් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කරවු බවද සදහන්ය


    10645327_582594375179139_7372861602860159119_n.jpg

    1780688_582594111845832_5664243658701898158_n.jpg

    10678787_582594158512494_8065020473350473082_n.jpg

    1507905_582593828512527_4334755809066221496_n.jpg


    10171747_582594061845837_8230440633676919127_n.jpg


    10522204_582594255179151_3654550118822007633_n.jpg

    10394514_582594265179150_4587423917223148668_n.jpg