පෙදරේරු අප්පුහාමිගේ - ආරුක්කු 9යේ පාලම 🌉🚇 (Nine Arch Bridge)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පෙදරේරු අප්පුහාමිගේ - ආරුක්කු 9යේ පාලම 🌉🚇 (Nine Arch Bridge) - Your Choice Way
    අද අපේ කතාව තවත් සුවිශේෂි.. ඇල්ලේ යන ඔබ අනිවාරෙන්ම යන්නේ මේක බලන්න.අපි කොච්චර දුම්රියන් ධාවනය වෙනවා දැක්කත් මේ පාලම මතින් දුම්රියක් එනකල් අපි කොයිතරම් බලන් ඉන්න ඇතිද.

    කොයිතරම් පින්තූර ගන්න ඇති ද අපි අද යන්නේ මේ පාලමේ ඉතිහාසය ඔයාලත් එක්ක බෙදා ගන්න.මුලින්ම බදුලු රේල්පාරේ ඉතිහාසය තව පොඩ්ඩක් මතක් කරන්නම්කෝ.

    1890 ගන්න වල උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වුනේ බණ්ඩාරවෙලයි.1893 දී බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිකරලා නානුඔය ඉඳන් බණ්ඩාරවෙලට කෝච්චිය එන්න පටන් ගත්තා..

    ඊට පස්සේ බණ්ඩාරවෙල ඉඳලා බදුල්ල දක්වා දුම්රිය මාර්ගය 1872 වර්ෂයේදී වැඩ පටන් ගන්නවා. ඉමහත් හිරිහැර බාධක මැද්දේ බදුල්ල දුම්රිය මාර්ගය හදලා අවසන් වන්නේ 1924 වර්ෂයේදී.

    දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම පිහිටලා තියෙන්නේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතරයි.

    මේ පාලම නිර්මාණය වන්නේ කඳු දෙකක් අතර වූ මඩ ගොහොරුවක. මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර, විශාල කුලුනු 10 ක් ආධාරකරයෙන් තමා ආරුක්කු නවය හදලා තියෙන්නේ.

    වාර්තාවලට අනුව මෙම පාලමේ පාදම සකස් කර ඇත්තේ, ඉතා ගැඹුරට සාරන ලද වළවල්වලට කබොක් ගල් කුට්ටි, තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙන් එකිනෙක සවිවීමට සැලැස්වීමෙනි...

    ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ එච්. ආර්. මාර්වුඩි නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව ලංකා දුම්රිය ඉතිහාසය ගැන පිරික්සීමේදී කාට වුණත් දැනගන්න පුළුවන්...

    මෙම පාලමේ වැඩ කටයුතු 1913-1917 වර්ෂවලදී ආරම්භ කරලා 1919 වර්ෂයේදී අවසන් කරලා තියෙනවා කියලා මුලාශ්‍ර තොරතුරුවල සඳහන් වෙනවා...

    අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3 100 ක් ඉහලින් ආරුක්කු නවයේ පාලම පිහිටා තියෙනවා... දුම්රිය මාර්ගය අංශක 9ක වක්‍රතාවක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30කි.

    මේකේ ලස්සනම කොටස තමා ඒ විශාල කුලුනු මැද සෑම එකකම විශාල කවාකාර හිඩසක් තිබීමයි.පාලම නිර්මාණය කිරීමේදී දේශීය වශයෙන් අදටත් ප්‍රචලිත මුඛ පරම්පරාගත කතා පුවත් රාශියක් තියෙනවා.

    මෙම පාලමේ ඉදිකිරීම් ගැන වර්තමානයේ ප්‍රසිද්ධව ඇති කතාවක් වන්නේ මෙය ඒ වනතෙක් දුම්රිය පාර හදාගෙන පැමිණි සුද්දන්ට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නයක් හරහා වංගුවක් සහිතව පාලමක් දැමීය යුතු ස්ථානයක් හමුවූ බවත්,

    එතන තිබුණු සංකීර්ණතාවය නිසා සුදු ජාතික ඉංජිනේරුවාට දුම්රිය පාර එතනින් එහාට ඉදිකරගැනීම නොහැකිව ප්‍රශ්නයකට මුහුණ දීලත් තියෙනවා...

    එමෙන්ම සුදු ජාතික ඉංජිනේරුවන් එංගලන්තයේ සිට නිර්මාණය කරගෙන එන ලද මෙහි සවිකිරීම සඳහා ගෙන එන ලද යකඩ පාලම මෙතැන සවි කරගත නොහැකිව අමාරුවේ වැටුණු බව කියන අතුරු කතාවක් ද මේ හා බැඳී පවතිනවා...

    ඒ අවදියේ පළමු ලෝක යුද්ධය පැවති නිසා විදේශීයව බඩු ගෙන්න ගන්නත් බැරිවෙලා තියෙනවා.

    මේ අතරෙදී ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමට ඩී. ජේ. විමලසුරේන්ද්‍ර වැනි ලාංකික ඉංජිනේරුවරුන්ද සහභාගිවෙලා තියෙනවා. එසේම මෙම ආරුක්කු නවයේ පාලමේ පෙදරේරු කටයුතු මෙහෙයවා ඇත්තේ පී. කේ. අප්පුහාමි නමැති පෙදරේරුවා අතින් කියලත් දැන ගන්න ලැබෙනවා.

    කොහොමහරි පාලම හැදුවට පස්සේ තමා මරු වැඩේ වුණේ.සුදු ජාතික ඉංජිනේරුවන් ඒ මතින් දුම්රිය ගමන් කරවීමට බියක් දැක්වලා තියෙනවා... එවිට අප්පුහාමි බාසුන්නහේ පාලමේ ආරුක්කුවක් යට නිදාගෙන සිටියදී දුම්රිය, පාලම මතින් ගමන් කරවා එහි ශක්තිය තහවුරු කරන්නට ඉදිරිපත් වූ බවත් කියවෙනවා...

    අන්න ඕක තමා මේ ආරුක්කු 9‍යේ කතන්දරේ.හැබැයි කොහොම වුණත් වර්තමානයේ දෙමෝදර, ආරුක්කු නවය පාලමේ පාදම ආශ්‍රිත සිමෙන්ති බදාම ගැලවීයාමේ අවදානමක් මතුව තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

    මේ උරුම රැක ගන්න අපි සූදානම් වෙමු..වෙමු..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     
    • Like
    Reactions: NRTG and 001flyD

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama

    බොරු දාන්න එපා බං. ඔය අප්පුවෙක් නයින් ආච් හැදුවා කියලා කියන්නේ පට්ට බොරුුුුුවක්. සියලුම ලිපි ලේඛන සැලැස්මවල් තියනවා. පොතක් පතක් කියවපං නිකං ඉන්න වෙලේ නෙට් එකේ මගුල් වලින් කන්ක්ලුෂන් ගන්න කලින්
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    බොරු දාන්න එපා බං. ඔය අප්පුවෙක් නයින් ආච් හැදුවා කියලා කියන්නේ පට්ට බොරුුුුුවක්. සියලුම ලිපි ලේඛන සැලැස්මවල් තියනවා. පොතක් පතක් කියවපං නිකං ඉන්න වෙලේ නෙට් එකේ මගුල් වලින් කන්ක්ලුෂන් ගන්න කලින්
    ඔය අප්පුහාමි කියන මෑන් වෙන්නැති ඕකෙ කොන්ත්‍රාත් එක අරන් කරන්න ඇත්තේ
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බොරු දාන්න එපා බං. ඔය අප්පුවෙක් නයින් ආච් හැදුවා කියලා කියන්නේ පට්ට බොරුුුුුවක්. සියලුම ලිපි ලේඛන සැලැස්මවල් තියනවා. පොතක් පතක් කියවපං නිකං ඉන්න වෙලේ නෙට් එකේ මගුල් වලින් කන්ක්ලුෂන් ගන්න කලින්
    ඉතින් යාළු එකට එහෙම නේ කියන්නේ..google search කරලා බලන්න
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ඉතින් යාළු එකට එහෙම නේ කියන්නේ..google search කරලා බලන්න

    ගුගල් සර්ච් කරලා බලන්නේ අහවල් එකකට ඇත්ත විස්තරේ සහසුන්දෙන් දන්නවානම්. සුද්දා අනිත් රටවලත් නයින් ආච් වගේ පාලම් හැදුවා, ඔය දෙමෝදර ගැටේ වගේම ඒවා ඉන්දියාවෙත් හැදුවා. මැදින් ඇනෙන්න උන් වැඩ කරලා නැ, ඔවා හදන්න කලින් අන්තිම සතේ ට යන ගාන කැල්කියුලේට් කරලා සුද්දා වැඩ කරලා තියෙන්නේ. පරන රෙල්වේ ජර්නල් බලන්න. මාර ඉන්ට්‍රස්ටින් කතා බොහෝමයි.

    අඩුම ගානේ උන් දිලා ගිය රත්නපුරා රෙල් පාරවත් තියාගන්න බැරි, උන් දිලා ගිය චිනච්චට්ටි බෝඩ් ටිකත් විකුනන් කකා තව පුරාවජේරුවත් ගහනවා කියනනේ මේවාට තමා.
     
    • Haha
    • Like
    Reactions: netudara and vito

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙමෝදර පාලම හදන්න කොන්ත්‍රාත්තුව ගත්තෙ P.K අප්පුහාමි කියන දක්ශ කොන්ත්‍රාත්කරුව බව ඇත්ත,ඔහු ඔය පාලම විතරක් නෙමෙයි හැදුවේ තව කරපු එවා තියනවා,නමුත් පාලම Design කරේ බ්‍රිතාන්‍යයේ ජාතික මාර්වුඩ් කියන ඉන්ජිනෙරුවා ප්‍රමුඛ කණ්ඩායම.එ මුල් ඩ්‍රොවින්ග්ස් තවම තියනවා,නමුත් P.K අප්පුහාමි කියන තැනැත්තා කොන්ත්‍රාත්කරුවෙකුට එහා වැඩක් කරලා තියනවා මෙතන...ඔහු යම් යම් අදහස් සහ යොජනා ඉදිරිපත් කරලා තියනවා Design කරගන යනකොට...එකයි ඔය ඔහොම කියන්නෙ,ඔහු අද ඉන්න ජාතියේ මක බාස් කෙනෙක් නොවි.ඔහුගෙන් ඉටුවිය යුතු යුතුකම හරියට කරල තියනවා...ඔහු වටේ ගෙතුන බොරු කතා නන් එමට තිබෙනවා..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    තොපි වඳින ස්ටීව් ජොබ්ස් ෆෝන් හැදුවා ද? නෑ..... උගේ අදහස් වලින් අනෙක් එවුන් හැදුවා.

    අප්පුහාමිගේ අදහසට අනෙක් එවුන් drawing ඇන්දා, structure හැදුවා.

    ඔන්න ආයේ කිව්වා "කතාව, තිරනාටකය සහ අධ්‍යක්ශණය අප්පුහාමි...."