ලංකාවේ දෙවෙනියට විශාලතම සෑය (මහවැලි මහා ස&#353

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
ලංකාවේ දෙවෙනියට විශාලතම සෑය (මහවැලි මහා ස&#353

කවුරුත් දන්න විදියට මෙරට විශාලතම ස්තූපය වනුයේ රුවන්වැලි මහා සෑයයි. මෑතකාලීනව බිහිවූ උසම සහ මෙරට දෙවෙනියටම විශාලතම ස්තූපය ලෙස සැලකෙන්නේ මහවැලි මහා සෑයයි.

IMG_5822.jpg


මෙහි විශේෂත්වය වන්නේ දිවංගත ගාමිණී දිසානායක මැතිතුමන්ගේ කාලයේ ඇරඹී, ඔහුගේ පුත් නවීන් දිසානායක මහතාගේ කාලයේදී වැඩ අවසන් වීමයි. ඒ කියන්නේ විවිධ දේශපාලන බල පෙරලි නිසා මෙහි වැඩකටයුතු සදහා වසර 30කට වඩා කාලයක් ගත වෙනවා.

මෙය මෙරට ඉංජිනේරු හැකියාව මනාව පිළිඹිබු කරන අද්විතීය නිර්මාණයක්. දිසානායකවරුන්ගේ පූර්ණ දේශපාලන සහයෝගය ලැබුණද, රුවන්වැලි සෑය අභිභවා උසට නිර්මාණය කිරීමට ඇතිතරම් හැකියාවා තාක්ෂණය තිබුනද, රුවන්වැලි සෑයට වඩා අඩි 3ක් පමණ උසින් අඩුව මෙය නිම කිරීමට සැලසුම් කෙරෙනවා. ඒ ගරු කිරීමක් විදියට.

පොඩි දේටත් නම ගහලා තමුන්ගේ නමින් විවෘත කෙරෙන කාලයක මහවැලි සෑය ලෙස මෙය නම් කොට ජනතාවට භාර කිරීම සිදුවන්නේ 2016දීයි.

1983දී මාගේ දිවංගත පියාණන් එවකට මහවැලි අමාත්ය ධූරය දරමින් යෝධ කොත්මලේ ජලාශය පටන් ගන්න අවස්ථාවේ එම ජලාශයේ යෝධ ජල ස්කන්ධයෙන් යටවෙන වෙහෙර විහාර 18 වෙනුවෙන් මහා චෛත්‍යයක් නිර්මාණය කිරීමට එතුමා තීරණය කලා. අවුරුදු 33ක් අපිට ගියා. මම මේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීම පටන් ගන්නකොට එතුමාගේ අතේ එල්ලී සිටිය පුංචි කොල්ලෙක්.
ඉතාමත් හැගුම්බර ලෙස මෙහි ඉතිහාසය මැනවින් පැහැදිලි කල නවීන් දිසානායක මහතාගේ කතාව පහලින්.

https://m.facebook.com/story.php?story_fbid=1960923660621104&id=556445944402223

බොහොමයක් දෙනෙක් දන්නේ නැති, බොහොමයක් මාධ්‍ය වල වාර්ථා නොවුන අපේ රටේ සුන්දර මෙන්ම පූජණීය වූ උරුමයක් නිසා දැම්මේ.
 

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
Tfs. Thawa photos nadda?

maxresdefault.jpg

Travel with Chathura එකේ කොටසක්.

dam.jpg

කොත්මලේ ඩෑම් එකට පේන විදිය.

z_p26-Mahaweli-2.jpg


වැඩ කටයුතු අවසන් කෙරෙන කාලේ එකක්. අවුරුදු ගානක් වැහිල තිබුණ එකක් ඉස්සරහට ගත්තට නවීන් දිසානායක මැතිතුමාටත් ගරුත්වයක් දෙන්න ඕනේ.