owa monawada ausi wala suddoth ehemai,man aluth car ekak aran awa dawase idan eha gedara sudda katha karanne ne.u mul dawase ahuwa alloy wheel kohenda kare kiyala eda idan u no katha.
mokadda genawa bandiya ?
owa monawada ausi wala suddoth ehemai,man aluth car ekak aran awa dawase idan eha gedara sudda katha karanne ne.u mul dawase ahuwa alloy wheel kohenda kare kiyala eda idan u no katha.
mokadda genawa bandiya ?

man rent ekata gatta ekak bn lancer evo ekak.alloy wheel bodykit dapu ekak.ausi wala alloy wheel scene adui lankawe wage average cars walata alloy danne ne.stock ekama thama use karanne.rent karana ekath dala lankawe wage dilisena ekak.sudda mul dawasema ewilla ahuwa ita passe no katha![]()

u mara porak ne ban![]()
මිනිස්සු ඇයි බන් මෙහෙම
උබ හිතපන්කෝ උබලගේ නෑ වෙන පවුලක් ඉන්නවා . උබලා සාමාන්‍ය මිනිස්සු. ඒත් අරුන්ට හොද ව්‍යාපාර තියෙනවා. උන්ට ඇත්තටම හොදම වාහනයක් (මම කිව්වේ යුරෝප් හොද luxury වාහනයක් ) ගන්න එක ගේමක් නැහැ . ගෙදෙර තව පාවිච්චියට ජපන් වාහන දෙක තුනක් වුනත් තියෙනවා . ඒත් උබයි උබේ ගෑණී රස්සාවල් කරලා උබලට සාමාන්‍ය වාහනයක් ගන්න පුළුවන් . උබලත් ඇත්තටම යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු . හැබැයි අරුන් එක්ක සල්ලි වලින් උබලට හැප්පෙන්න බැහැ . ඒකයි ඇත්ත . උබලා ඉතින් බැරි මරගාතේ නොකා නොබී හරි අර වගේ වාහනයක් ලෝකෙට පෙන්න ගන්නවද ? නැත්තම් තමන්ට පුළුවන් විදියට සාමාන්‍ය වාහනයක් අරගෙන ඉන්නවද ? අරුන්ගේ ළමයින්ව උන් දාන්නේ ඉතින් international school වලට . ඒකත් ලංකාවේ හොද සල්ලි කාරයෝ එන එකක් . උබටත් උබලගේ ළමයා international school එකකට දාන්න බැරි කමක් නැහැ . හැබැයි අර වගේ එකක්නම් හිතන්නත් අමාරුයි . Term fees ගෙවලා ඒවගේ එකකට දැම්මත් ඒ සමාජේ එක්ක උබට ගැටෙන්න හරි අමාරුයි . උබ ලමයව රජයේ පාසලකට හරි සාමාන්‍ය international school එකකට හරි දානවද ? නැත්තම් ණයක් හරි වෙලා අර ඉස්කොලෙටම දානවද ?
මම මේක ලියන්න හිතුවේ මේ ලගදී ඔය උඩ අත්දැකීමට බොහොම සමාන අත්දැකීමක් මම දැක්කා. මට හිනත් ගියා. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට නින්ද යන්නේ නැතුව ඇති කියලා හිතුනා අනිත් එකාට වැඩිය උඩින් ඉන්න බැරි නම් . අපි හැමවෙලේම මහන්සි වෙන්න ඕනේ . සල්ලි හොද විදියට හොයන්න ඕනේ . හැබැයි ඉතින් මේවගේ රේස් දුවලා අපි ලෝකෙට පෙන්නන්නේ මොකක්ද ?
ලෝකෙට පේන්න , facebook එකට පේන්න ජීවිතයක් ගෙවන්න එපා මචන්ලා . හැමවෙලේම හිතේ සතුටින් ඉන්න බලහන්ලා . මම ආයි පාරක් කියනවා හිතේ සතුට
රේස් දිව්වම ඉක්මනටම හති වැටෙනවා
ජීවිත පාඩම වරද්දගන්න එපා.
මේක අපි හැමෝටම පොදුයි
මටනම් පේන විදිහට නෑයන්ගේ නෙමේ අවුල තියන්නෙ. නෑයොන්ගෙ දියුණුව බලන් ඉන්න බැරිව ත්‍රෙඩ් දාගෙන, කමෙන්ට් කරගන මානසිකව වැටිලා ඉන්න උඹලගෙ. ඕක හීනමානෙත් එක්ක එන වයිරයක් බන්. අපෙත් ඉන්නවා එදා වේල කන්න නැති එවුන්. අපි කොච්චර උදවු කරත් උන්ගෙ මූණෙන් ඉරිසියාව වැක්කෙරෙනවා.
Ape mamada manda oyaමෙහෙත් ඉන්නව ඔහොම අය. මෙහෙ එකෙක් ඉන්නව ඌට ඩ්‍රයිවින්ග් බෑ. ලයිසනුත් නෑ. දැන් 50ටත් වැඩී ඉතින්. හැබැයි පොර බැඳල තියෙන්නෙ ටිකක් කල් ගිහින්. තාම ඉස්කෝලෙ යන ළමයි ඉන්නෙ. පොර හම්බකරන ඒවයින් කන්නෙත් බොන්නෙත් නෑ හෙන කුණා. ගමේ උන් කියන්නෙ හුරුල්ලො ගෙනත් ගෑනියි ඌයි බාගෙ බාගෙ කන්න එකයි උයන්නෙ කියල.
පොර ගිය අවුරුද්දෙ මුල කාර් එකක් ගත්ත. ගනන් එකක් නෙමේ ලක්ශ 30ට වගේ ජපන් එකක්. සල්ලිම දීලලු ගත්තෙ.. දැන් පොරට ඒක එලවන්න බෑ දන්නෙ නෑ එලවන්න.. පුතා දැන් ඒලෙවෙල් කරන්නෙ ඌට තාම ලයිසන් නෑ. දැන් වාහනේ ගේ පෝටිපෝවෙ නවත්තල අර වාහන වහන එකකින් වහල තියෙන්නෙ. පොර දවස් 5-6ට සැරයක් ඕක ඉස්ටාට් කරල වරුවක් හෝදනව හරිද. ඊට පස්සෙ අයිත් වහල දානව. උගෙ පුතා ඉදල හිටල ටවුන් එකට එහෙම අරන් යනව. ඔච්චර තමා. වැරදි උන් වාහන ගන්නව කියන්නෙ ඕකයි මයෙ හිතේ..

kalakanniya wage gedatta wela bath budinne nathuwa.jobak hoyan manussayek wage inna balahan.sarala jeevitha kiyanne chora jeevitha newe.balance jeevitha.okkotama kalin uden nagitala muna hodan.wadak palak karala idahan.අපි නම් මධ්‍යස්ථ ආර්ථිකයක් තියෙන පවුලක්... අපිට වඩා අඩු ආර්ථිකයක් තියෙන සෙට් එකක් ඉන්නවා.. උන්ට හෙන ඉරිසියයි අපි ගැන.. උන් ඉහළට ඉගෙන ගත්තෙත් නෑ,හොඳ ජොබ් කරන්නෙත් නෑ.. උන් හරි කැමතී අපිට කෙළවෙනවට.. අපිට වඩා වැඩි ආර්ථිකයක් තියෙන සෙට් එකක් ඉන්නවා.. උනුත් පට්ට ඉරිසියයි... උන්ට ඕනේ උන් වැඩ්ඩෝ වගේ වැජඹිලා ඉන්න අපිව පාගලා.. මම නම් ඔය එක පකෙක්වත් ගනන් ගන්නේ නෑ... මට වැඩකුත් නෑ... අපි හම්බ කර ගත්තොත් අපි කෑවා.. වෙඩිම් දානේ ගෙවල් මල ගෙවල් වලදි හම්බුනත් මම ඔය එකෙක්වත් පඩේකටවත් ගනන් ගන්නේ නෑ.. මූනිච්චාවට හිනා වෙනවා..
අපේ ගෙදර නම් සහෝදර සහෝදරියෝ ටික ඉහළට ඉගෙන ගත්තා.. හොඳ රස්සාවල් එහෙම කරනවා.. වාහන එහෙම අරන් හොඳටම ඉන්නවා ගෙවල් හදන්.. ඒ නිසා අනික් අයට ඊර්ෂ්‍යයා කරන්න වෙලාවක් නෑ. හිතන්නෙත් නෑ(මම විතරයි අනාථයෙක් වෙලා ඉන්නේ..) ඒත් ඒවා අපේ අම්මලට මදි.. අරූගේ පුතා ඔසීලූ.. අරූගේ දුවලා දෙන්නම ඇමරිකාවෙලූ.. අහවලා තට්ටු 3 ට ගේ ගැහුවලු... අහවලා මාසෙට ලක්ෂ 2ක් පඩිලු.... අහවලා ඉන්ජිනියලු.. බැන්දේ ඩොකෙක්ලු.... ඉඩම් ගත්තලු.. පර්මිට් හම්බෙන්වලු.. එපා වෙනවා උට්ට අහන් ඉන්න ගියාම.
මට නම් කාගෙවත් කෙරුවාවල් වැඩක් නෑ.. ඉරිසියත් නෑ... මට වැඩකුත් නෑ... ඉන්න ටිකේ කාලා බීලා දැහැමි විදියට ඉඳලා මැරිලා ගියොත් ඇති...


