ආතල් කතා ටික. මොනව උනත් මේකෙ කතා දාන උන්නම් හෙන අවුලෙන් ඉන්නව කියල පේනව. අනුන් ගැන හිත හිත. තමන් අනුන්ට වඩා උසස් කියල හිතාගෙන.
මුන් වහනයක් ගත්තොත් නෑයෙක්ටවත්, අහල පහල වෙන එකෙක්ටවත් අවුරුදු ගානක් යනකන් වාහන ගන්න තහනම් සීන් එකේ මුන් ඉන්නෙ..

මුන් maths කලොත් නෑදෑයො එකෙක්ටවත් මැත්ස් කරන්න බෑ.. මාර logic
කරදරයක් උනහම බලන්න ඉන්නෙ ඔය අහල පහල මිනිස්සු ටිකයි, නෑදෑයො ටිකයි විතරයි. ඒ නිසා ඒ මිනිස්සු එක්ක හොදින් හිටපල්ල.
ඉරිසියාව කියන්නෙ මිනිස්සු දියුණු වෙන්න එක හේතුවක්. ඒක නැත්නම් අපි තාමත් ගල් යුගයෙ වෙන්න තිබ්බ. පොඩ්ඩක් හිතපන්කො, ආදි මානවය රෝදෙ හොයාගත්තට පස්සෙ එතන හිටපු අනිත් සෙට් එක 'අරූ හදපු එක අපිත් හැදුවොත් අරූ හිතයි අපි උට ඉරිසියා කරනව කියල. ඒ නිසා කලින් විදිහටම බඩු ටික බිම දිගේ ඇදගෙන යන්න ඕනේ..' කියල හිතුවනම් මොකද වෙන්නේ කියල. ඉරිසියා හිතෙද්දි මේ එන්නෙ ඉරිසියාව, මෙතන ඉදන් පොඩ්ඩක් මගේ සිතුවිලි ගැන කල්පනාවෙන් ඉන්න ඕනෙ කියල හිතන්න තරම් මොලයක් තියනවනම් තමන්ගෙ හිතටත් හොඳයි.
