ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සහ මාස දහයේ බිලිඳු මරණය!

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    බැඳීම් දුකක්. පුළුවන් තරම් තනිකඩව ජීවත් වෙයල්ලා. අම්මා තාත්ත කියන බැඳීම උඹ ඉල්ලලා දාගත්ත දෙයක් නෙමෙයි, හැබැයි ඊට පස්සේ ඇතිවෙන බැඳීම් උඹ ඉල්ලගත්ත එව්වා.. 😤
    😶
     
    • Sad
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Nawaloka asiri giyath consultant enakan ohe thiyan innawa, consultant watema pol kadala hawasata awith thama karanna ona ewa kiyanne..
    Eeta passe wena consultant kenek referral kaloth uth eelanga dawase wate pol kadan enakan balan inna ona..
    Government loku hospital wala ohoma loku waiting ekak na, adala ward eke normal doctor kenekta unath godak decision ganna puluwan, eeta amatharawa registar la sr la arun mun godak innawa, hena set ekaka attention eka labenawa wagema decisions unath keepadenek communicate karala ganna nisa wada hondai..
    මේ කතාව ඇත්ත. ඒ වුනත් දොස්තර එනකල් ICU දාන්න ඉඩ තිබුන

    මේ කතාවේ අපැහැදිලි දෙයක් තියෙනවා. පොඩි එකෙක් නම් රිජ්වේ එකට ගෙනියන්න කියන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ගෙවල් ළඟ ලඟින්ම ආශ්‍රය කරපු කොල්ලෙක්ගේ පලවෙනි ළමය ඉපදිලා මාස දහයෙන් ඊයේ නැතිවුනා ඉස්පිරිතාලෙදී.

    කිසිම ලෙඩක් නොතිබ්බ ළමයා ඊයේ හවස ඒක පාරට වමනේ කරන්න අරගෙන ගෙදරදී. එහෙම්මම ගෙවල් ළඟ ඩොකෙක් ගාවට ගෙනිහිල්ලා. ඩොකා බෙහෙත් දීලා. එව්වත් වමනේ කරලා. හුස්ම ගන්නත් අමාරු වෙලා. අනතිමේ ඒ ඩොකා ගාවටම ආයේ ගෙනල්ලා. එහෙම්මම නාගොඩ ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල. පස්සේ ළමයව රාජිතගේ කාලේ අලුතින් හදපු නාගොඩ ළමා රෝහලට ගෙනිහිල්ලා. පත සයිස් බිල්ඩින් තිබ්බට එතනින් ආයේ නාගොඩ මහා ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල. අන්තිමේ එහෙ ගෙනිච්චම කෙලින්ම ICU දාලා. එතනින් කියල මෙහෙ මැෂින් නෑ කොළඹ මහා ඉස්පිරිතාලේ මැෂින් පවා සේරම පාවිච්චි වෙනවා ඒක නිසා මැෂින් තියෙන්නේ පේරාදෙණිය ඉස්පිරිතාලේ එහෙ ගෙනියන්න වෙනව කියලා. එහෙමත් කියලා තව පැයක් දෙකක් තියන් ඉඳලා ළමයාගේ නහයට කටට බට ගහලා ගෙනියන්න ලැස්ති කරද්දී ආ තව බටයක් ගහන්න ඕන කියල ඇතුලට අරගත්තා අරගත්තාමයි ළමය මැරුණා.

    අද මරණ පරික්ෂනේදී දුන්නේ විවෘත තීන්දුවක්. ඩොකාලට හොයාගන්නත් බැහැල්ලු හේතුව. අන්තිමේ ළමයාගේ ශරීර්ර කොටස් වැඩිදුර පරීක්ෂණ කියල කොළඹ යවනවලු. එව්වයේ රිසල්ට් එන්න මාස දෙක තුනක් යනවලු.

    මට තියෙන ප්‍රශ්න,

    1. පත සයිස් එකට හදපු බිල්ඩිම් වලින් හදපු ළමා හා මාතෘ රෝහලේ තියෙන ඕන මැෂින් නැත්තන් ඒ ළමා රෝහලේ ඇති වැඩේ මොකක්ද? වෙන ඉස්පිරිතාලවලට වඩා එව්වයේ නෙමෙයිඩ හොඳම මැෂින් තියෙන්න ඕන?

    2. පේරාදෙණියේ යවන්න හදපු ළමයාගේ නහයට තවත් බටයක් ගහන්න ඕන කියල ඇතුලට ගත්තු වෙලාවේ නර්ස් කෙනෙක් හරි ඩොකෙක් හරි අතින් බැටේ ගහද්දි වෙච්ච වැරදිල්ලකින් නම් බබා නැතිවුනේ, අපි කොහොමද ඒ වැරැද්ද දැනගන්නේ?

    3. ගොඩක්ම විවෘත තීන්දු දෙන්නේ ඩොකාලගේ වැරදීම් වලින් සිද්ද වෙන මරණ නිසා කියල මතයක් තමා බහුතරයක් දෙනා අතරේ හැදිලා තියෙන මතේ. එහෙම දෙකදී අපි ඩොකෙක්, නර්ස් කෙනෙක් නිසා වෙච්ච වැරද්දක් නිසා මේ මරණේ සිද්ද වුනා කියල කොච්චර ලොකු තැනකට කම්ප්ලේන් කලත් ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වෙනවද?

    4. එහෙම සාධාරණයක් ඉෂ්ට වෙලා අද වෙද්දී ලංකාවේ ඩොකාලා කීදෙනෙක් වැරදිකාරයො වෙලා ඒ ඩොකාලගේ ලයිසන් කැන්සල් වෙලා තියෙනවද? මොකද ඕනෑතරම් ඇමරිකාවේ නම් ඩොකාලගේ අතින් වැරදි සිද්ධ වෙලා වින්දිතයට සෑහෙන්න වන්දි ගෙවලා ලයිසන් පවා කැන්සල් වෙච්ච කතා අහලා තියෙනවා. ලංකාවේ එහෙම ලයිසන් කැන්සල් වෙච්ච ඩොකෙක් ගැන අහිලම නැති තරම්. ඒ කියන්නේ ඇමරිකාවටත් වඩා සුපිරි ඩොකාලා ලංකාවේ ඉන්නවා කියන එකද?

    5. ලංකාවේදී ලෙඩෙක්ට ලැබෙන්න ඕන උපරිම ප්‍රතිකාර නිදහස් සෞඛ්‍ය සේවයෙන් හම්බෙනවද නැත්තන් ඒක නිකන් නමට නිදහස් සෞඛ්‍ය සේවය කියන රැකගන්න විතරක් කරන ලැබෙන්න ඕන අවම මට්ටමේ ප්‍රතිකාර විතරද?


    අවසාන නිගමනය,

    බැඳීම් දුකක්. පුළුවන් තරම් තනිකඩව ජීවත් වෙයල්ලා. අම්මා තාත්ත කියන බැඳීම උඹ ඉල්ලලා දාගත්ත දෙයක් නෙමෙයි, හැබැයි ඊට පස්සේ ඇතිවෙන බැඳීම් උඹ ඉල්ලගත්ත එව්වා.. 😤
    රටක් බංකොළොත් කරාම Healthcare වැටෙනව කිව්වේ ඕකට තමයි. දැන් facilities නැහැ, බෙහෙත් නැහැ, doctors නැහැ. හැබැයි බංකොලොත් කරපු උන් දඬුවම් නැතුව නිදැල්ලේ. අඩුම ගානේ උන්ගෙන් recovery කරගන්න plan එකක් වත් නැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,287
    113
    34
    Kalutara
    අදායම් බදු ගෙවන පවුලක්ද? නැති කෙනෙක් නම් නොමිලේ බලාපොරොත්තු වෙන දේවල් වල කොලිටියට සීමාවක් තියෙන්න ඕන

    I may sound rude, but this is the truth

    බදු ගෙවන්න තරම් ආදායමක් නෑ. ඒක තමා කියන්නේ. නිදහස් සෞඛ්‍ය සේවය කිව්වට ඒක සීමා සහිතයි කියල. නමට විතරක් තියෙන දෙයක්.