ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි

udsic

Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි

    ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි

    ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව පසුගියදා විවෘත කළා. ඒ මැජස්ටික්සිටි වෙළඳ සංකීර්ණයේ අලුතින් ඉදිවූ පස්වන මහලෙහිය. MC 3D Superior ලෙස නම් කර ඇති මෙහි පළමු ත්‍රිමාන චිත්‍රපටය ලෙස Three Musketeers චිත්‍රපටය පසුගිය 2 වනදා සිට ජනතාවට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.

    මෙම සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව තිබෙනවා. චිත්‍රපටය ඇරඹෙනතුරු රැදී සිටීමටය අගනා විශාල විසිත්ත කාමරයක්ද තිබෙන අතර ආබාධිතයන් සඳහා චිත්‍රපට ශාලාවෙහි තරප්පු පෙළ වෙනුවට රෝදපුටුවකින් ගමන්කිරීමේ හැකියාවද තිබෙනවා.

    5 වන මහලේ ඇති MC 3D Superior සිනමාහලට අමතරව එම මහලේම තවත් සිනමා ශාල 2ක් අලුතින් ඉදිකර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ MC Ultra හා MC Gold ලෙසයි

    MC 3D Superior සිනමාහලෙහි ටිකට්පතක් රුපියල් 600ක් වන අතර MC Gold හි ටිකට්පතක් රුපියල් 750ක් වෙනවා. එසේම MC Ultra සිනමා හලෙහි හා හතරවන මහලේ පෙර සිට පැවති MC Platinum සිනමාහලෙහි ටිකට්පත් රුපියක් 400 බැගින් වෙනවා

    MC 3D Superior සිනමාහලෙහි මේවනවිට ප්‍රදර්ශනය වන Three Musketeers චිත්‍රපටයට සමගාමීව අනෙක් සිනමා ශාලාවන්හි Hugo and Tower Heist චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා.

    මෙම සිනමාහල් සමූහයෙහි කලමනාකරු, නෙල්සන් රාජරත්නම්පුල්ලි මහතා පවසන පරිදි ඔවුන් මේවනවිට 445 දෙනෙකුට එකවර චිත්‍රපට නැරබිය හැකි MC Platinum ශාලාවද තිමාන සිනමා ශාලාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

    අලුතින් ඉදිවූ එම සිනමා ශාලාවන්හි ජායාරූප කිහිපයක් පහතින්





    උපුටා ගත්තේ:http://www.gossip9.com/2011/12/3d.html#more
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    ඔන්න කලින්ම කිව්වා, මම දැනුයි දන්නේ...උබලා කලින් දැනගත්තට මට කරන්න දෙයක් නෑ...ලොල්:D:D:D
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    CIz5Q.jpg

     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    Prasad♠;11585908 said:


    හ්ම්ම්ම්.... මමත් යන්න ඕනේ...
    කොහොමද එxපීරියන්ස් එක හොදද​?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    ස්තුති මචන්
    අනිවා යන්න ඕනේ බලන්න..
    පට්ටට ඇති නේද බන්.. එල එල

    ..................................................​