ලංකාවේ පළමු වරට ඩ්‍රයිවර් නැතිව යන ජීප් ර&#353

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ලංකාවේ පළමු වරට ඩ්‍රයිවර් නැතිව යන ජීප් ර&#353

    ලංකාවේ පළමු වරට ඩ්‍රයිවර් නැතිව යන ජීප් රියක්‌​


    ලංකාවේ පළමු වරට පරිගණකයක්‌ ආධාරයෙන් රියදුරකු නොමැතිව මාර්ගයේ ධාවනය කළ හැකි ජීප් රථයක්‌ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අ.පො.ස. උසස්‌ පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන නිවුන් සහෝදරයින් දෙදෙනකු විසින් නිර්මාණය කොට තිබෙනවා.

    ජී. පී. එස්‌. (භූගෝලීය පිහිටීමේ පද්ධතිය) තාක්‌ෂණය මගින් ගමන් කරන මාර්ගය පෙන්වාදීමෙන් පසු ස්‌වයංක්‍රීයව මාර්ග බාධක හඳුනාගෙන රියදුරෙකු නොමැතිව කෘත්‍රිම බුද්ධියෙන් මෙම ජීප් රථය ධාවනය කළ හැකි බැව් මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා පවසනවා.

    මෙම විස්‌මිත නිර්මාණය කළ සහෝදරයින් දෙදෙනා වන්නේ ගාල්ල ඉමදුව කෝදගොඩ පදිංචි ආර්. ජී. තිවංක සංජුන (18) ආර්. ජී. විහංග සංජුන (18) යන නිවුන් සහෝදරයින් දෙදෙනායි.

    මෙම මස අවසානයේ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවැත්වෙන සහසක්‌ නිමැවුම් ප්‍රදර්ශනය වෙනුවෙන් මෙම ජීප් රථය නිර්මාණය කළ බැව් ඔව්හු පවසනවා. මෙම නිර්මාණය පිළිබඳ අදහස්‌ දක්‌වමින් තිවංක, විහංග යන නිවුන් සොහොයුරන් දෙදෙනා මෙසේ පැවසුවා.

    මේ නිර්මාණය කරන්න මීට මාස අටක පමණ කාලයක සිට තමයි සැලසුම් කළේ. පළමුව අපි දෙන්නා රෝද හතරේ ජීප් රථයක්‌ නිර්මාණය කළා. එන්ජිම සඳහා යොදා ගත්තේ යතුරුපැදියක එන්ජිමක්‌.

    පරිගණකයක ආධාරයෙන් සොනාර් සිස්‌ටම් එක යටතේ තමයි රියදුරෙකු නොමැතිව ස්‌වයංක්‍රීයව ධාවනය කරන්න පුළුවන් විදියට මෙය නිර්මාණය කළේ.

    මේ වාහනයෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන මාර්ග ජී. පී. එස්‌. තාක්‌ෂණය යටතේ පළමුව ලබා දෙනවා. වාහනයේ සොනාර් අටක්‌ තියෙනවා. ජීප් රථයේ ඉදිරි පස හා දෙපැත්තේ තමයි මේවා සවි කරලා තියෙන්නේ.

    ගමන් ගන්නා මාර්ගය ලබාදීමෙන් පසු මාර්ගයේ තියෙන බාධක හඳුනාගෙන අදාළ ස්‌ථානයට ස්‌වයංක්‍රීයව ජීප් රථය ධාවනය වෙනවා. කෘත්‍රිම බුද්ධියෙන් තමයි වාහනය ධාවනය වන්නේ.

    වාහනයේ කැමරා හතරක්‌ සවි කරලා තියෙනවා. පරිගණකයෙන් තමයි සියල්ල සිදුවන්නේ. ගෙදර ඉඳගෙන පරිගණකයෙන් බලාගෙන ඉන්න පුළුවන් වාහනය ගමන් කරන අයුරු.



    මාර්ගයේ තියෙන බාධකය දැනුම්දීමෙන් පසු වාහනයේ තිරිංග තද කොට නතර කරගන්නවා. නැතිනම් එය වමට හෝ දකුණට කැපී මගහැර යනවා. ඇත්තටම මේ රථය අපි නිර්මාණය කළේ වතුරේ ගමන් කරන්නත් පුළුවන් ආකාරයට.

    හදිසි ගංවතුර තත්ත්වයකදී නැතිනම් ගංගාවකින් ගමන් කිරීමේදී මේ වාහනයේ සවිකරලා තියෙන ටියුබ් ස්‌වයංක්‍රීයව හුළං පුරවාගෙන ගමන් කරනවා. ඒ විතරක්‌ නොවෙයි වතුරේ යන ගමන් මොකක්‌ හරි වැටුණොත් වාහනේ රොබෝ අත් දෙකක්‌ සවි කරලා තියෙනවා.

    අඩි හයක්‌ විතර යටට අත දමලා වාහනේ යන ගමන් වැටුණු දේවල් ගන්න පුළුවන්. ඇත්තටම අපි නිර්මාණය කළ ජීප් රථයේ දෙදෙනකුට ගමන් කරන්න පුළුවන්.

    මෙය නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකහමාරක පමණ වියදමක්‌ දරා ඇති අතර මේ නිර්මාණය කරගෙන ගොස්‌ ඇත්තේ දහසකුත් වූ ගැටලු මැදය. මේ පුතුන් දෙදෙනාගේ පියා වන ආර්. ජී. සිරිපාල මහතා මිය ගොසිනි. මව ටී. ඒ. සෝමවතී පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියකි.

    රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති කර්නල් ඊ. එම්. එස්‌. ඒකනායක මහතා මේ ගැන නිරන්තරයෙන්ම සොයා බැලුවා. නව නිපැයුම්භාර ආචාර්ය මලිත් කළුපහන මහතා, ඒ වගේම අපේ ගමේ තරුණයන් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, එච්. එන්. බී. බැංකුව, ඩී. එස්‌. අයි. ආයතනය මේ අවස්‌ථාවේදී ස්‌තුතිපූර්වකව සිහිපත් කරන බව මේ නිවුන් සොහොයුරෝ සඳහන් කරති.



    එමෙන්ම මේ නිවුන් සහෝදරයින් දෙදෙනා විසින් ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථනයක්‌ භාවිතා කරමින් සංගීත භාණ්‌ඩ වාදනය කිරීමේ අයි පෑඩ් ක්‍රමවේදයක්‌ ද නිර්මාණය කොට තිබේ.

    මෙවැනි විස්‌මිත නිර්මාණ කරන මේ සිසුන් දෙදෙනාට තව තවත් උදව් උපකාර කිරීම දානපතියන්ගේ මෙන්ම බලධාරීන්ගේ වගකීමකි.

    එම ජීප් රථයේ වීඩියෝවක් පහතින් බලන්න.




    මචන් ගෙඩි පිටින් කොපි කෙරුවේ http://exhotandfastnews.blogspot.it/2013/11/blog-post_20.html ,,, කොපි කරලා මෙතනට දෑම්මෙ මේ වගේ දක්ශයෝ ප්‍රසිද්ද වෙන්න ඕනා,, මේ වගේ කොල්ලන්ගෙන් මීට වඩා ප්‍රයොජන ගන්න ඕන... ම්නෙවා උබලත් එක්ක බෙදාගන්න මම වගෙ අහින්සක කොල්ලන්ට රෙප්+ දෙන්න ඔන
     
    • Like
    Reactions: hirantha86

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මට සමා වෙයල්ල... උබලාගෙන් රෙප්+ ගන්න බම්ප් එකක් දාගන්න මෙ වගෙ ත්‍රේඩ් දාල හරි යන්නෙ නෑහෑ.. හිටපල්ල මම 18+ එකක් දාන්න... අද සමාජය වල් වෑදිලා:sorry::sorry::sorry::(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මට සමා වෙයල්ල... උබලාගෙන් රෙප්+ ගන්න බම්ප් එකක් දාගන්න මෙ වගෙ ත්‍රේඩ් දාල හරි යන්නෙ නෑහෑ.. හිටපල්ල මම 18+ එකක් දාන්න... අද සමාජය වල් වෑදිලා:sorry::sorry::sorry::(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    කෝ බන් තාම දැම්මේ නැත්ද 18+ ඉක්මනට දාපන්කෝ බන් Rep+ දෙන්න.:lol: :lol: :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ විතරක්‌ නොවෙයි වතුරේ යන ගමන් මොකක්‌ හරි වැටුණොත් වාහනේ රොබෝ අත් දෙකක්‌ සවි කරලා තියෙනවා.

    අඩි හයක්‌ විතර යටට අත දමලා වාහනේ යන ගමන් වැටුණු දේවල් ගන්න පුළුවන්.

    :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    Oka boruwak kiyala tv eke kiwwa😜😝😛

    :yes::yes::yes::yes::yes:

    මේ කියන features මුන් මේකට එකතු කරන්න හිතන් ඉන්නවා කියල තමයි කියන්නේ. තාම හදල තියෙන්නේ bike engine එකෙන් දුවන්න විතරයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කෝ බං වීඩියෝ එකේ ඔය කියලා තියෙන විදිහේ මුකුත් නෑ නේ.....?? බයික් එන්ජිමකින් රෝද හතරක් දුවන සීන් එකක් වගේ ඒක......
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    කෝ බන් තාම දැම්මේ නැත්ද 18+ ඉක්මනට දාපන්කෝ බන් Rep+ දෙන්න.:lol: :lol: :lol:
    mawa ban karannada hadanne???

    දැම්මේ නැත්නම් Rep - දෙනවා .:lol:
    apo ubata wihiluwak wath therenne nehene

    පැටියා;15954937 said:
    :cool:
    Oka boruwak kiyala tv eke kiwwa😜😝😛
    munge ehalanna ona ehenamta t
    :yes::yes::yes::yes::yes:
    :yes:
    මේ කියන features මුන් මේකට එකතු කරන්න හිතන් ඉන්නවා කියල තමයි කියන්නේ. තාම හදල තියෙන්නේ bike engine එකෙන් දුවන්න විතරයි.
    :yes::yes::yes: e wage t:yes:ama
    කෝ බං වීඩියෝ එකේ ඔය කියලා තියෙන විදිහේ මුකුත් නෑ නේ.....?? බයික් එන්ජිමකින් රෝද හතරක් දුවන සීන් එකක් වගේ ඒක......

    ah uba dekke nedda wathure yana ekeaie remote eken yana ekai???? apahu balapan :lol::lol::lol::lol::lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    :yes::yes::yes::yes::yes:

    මේ කියන features මුන් මේකට එකතු කරන්න හිතන් ඉන්නවා කියල තමයි කියන්නේ. තාම හදල තියෙන්නේ bike engine එකෙන් දුවන්න විතරයි.

    උඩ ඉදලා යටටම "බො" යන්න