ලංකාවේ-පළමු-වරට-මිනිස්-අතට-සමාන-අතක්

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    ලංකාවේ-පළමු-වරට-මිනිස්-අතට-සමාන-අතක්

    වැල මිට ඉහළ බාහුව අහිමිවූ ආබාධිත අයවලූන් සඳහා මිනිස් චලනවලට සමානව ක‍්‍රියාකරන රොබෝ අතක් ලංකාවේ ප‍්‍රථම වතාවට නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමත්වී සිටී.
    මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.ඒ.ආර්.සී. ගෝපුර මහතා සහ යාන්ත‍්‍රික ඉංජිනේරු පශ්චාත් උපාධිය හදාරන ඞී.ජී. කනිෂ්ක මධුශංක යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අචින්ත අබයසිරි, නිලූප පේදුරුආරච්චි හා තරිඳු සදීප යන අවසන් වසර ඉගැනුම ලබන සිසුහු මෙම රොබෝ අත නිර්මාණය කළහ. මෙම රොබෝ අත හඳුන්වනු ලබන්නේ “මෝබයෝ“ නමිනි.
    කථිකාචාර්ය ගෝපුර මහතා මෙසේ ද කීය,
    “වසර ගණනාවක් පැවැති යුද්ධය, සංජානනීය ආබාධ, පිළිකා ගැටිති, නියුරෝමා, හදිසි අනතුරු හා ආසාදන වැනි විවිධ හේතුන් නිසා ශ්‍රී ලංකාව තුළ දැනට බාහු අහිමිව ආබාධිත පුද්ගලයන් විශාල ප‍්‍රමාණයක් සිටිනවා. එවැනි ආබාධිත පුද්ගලයන් සඳහා කෘතීම බාහු නිදවීම සඳහා විවිද පර්යේෂණ සිදුකරන අතර එම පර්යේෂණවල විශාල ඉදිරි පියවරක් ලෙස මෙම රොබෝ අත හඳුන්වන්න පුළුවන්. මෙම කෘතීම රොබෝ බාහුව උරහිස හා වැලමිට අතරින් අත අහිමි වූ අයකුට ඔහුගේ එදිනෙදා දෛනික ජීවිතයේ ක‍්‍රියාකාරකම් පහසුවෙන් සිදුකර ගැනීමට උපකාරී වෙනවා.
    උරහිස සහ වැලමිට බාහුව අතර කොටස අහිමි පුද්ගලයන් මුහුණ දෙන ප‍්‍රධානම ගැටලූව නම් පැළැඳිය හැකි ක‍්‍රියාකාරී කෘතීම බාහු දුර්ලභ වීමයි. එමෙන්ම මිල හා සසඳන විට ලබා ගත හැකි කෘතීම බාහුවල ක‍්‍රියාකාරීත්වය ඉතා අඩුවීමයි. මෙම ව්‍යාපෘතියෙන් ද්වි ශීර්ෂ සහ ත‍්‍රී ශීර්ෂ මාංශ පේශීන්ගෙන් නිකුත් වන විද්‍යුත් සංඥා යොදාගනිමින් චලන අභිප‍්‍රායන්ට අනුව දිශා 5 ක් ඔස්සේ චලනය වන පරිදි මෙම රොබෝ අත නිර්මාණය කර තියෙනවා.
    වැලමිට දිගහැරීම, හැකිලීම, බාහුව දෙපසට කරකැවීම, මැණික් කටුව දිගහැරීම සහ හැකිළීම, මැණික් කටුව දෙපසට චලනයහා දබරඟිල්ලේ හා මහපටැඟිල්ලේ සංයුක්ත චලනය යන චලන මෙම කෘතීම බාහුවට සිදුකිරීමට පිළිවනි. මෙම චලන මාංශ පේශීන්ගේ විද්‍යුත් සංඥා හරහා අනුපිළිවෙලට සක‍්‍රීය කරගත හැකිය. තවද මාංශපේශී සංඥා තෝරාගත් චලිතයට අදාළ චලන ජනනය කිරීම හා එහි පරාස පාලනය සඳහා ද යොදාගත හැකිය.
    2012 වර්ෂයේ සිට කෘතීම බාහු නිර්මාණය කිරීමට අප සිදුකළ විද්‍යාගාර පර්යේෂණ වල මල්ඵල ගැන්වීමක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. දැනටමත් සෞඛ්‍ය සම්පන්න මිනිස් බාහුවක් යොදාගනිමින් අපි මෙහි පර්යේෂණ සිදුකර අවසන්. මෙහි මීළඟ අදියර ලෙස ආබාධිත පුද්ගලයන් යොදාගනිමින් සායනික පර්යේෂණ සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නව තාක්‍ෂණයත් සමඟ ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති විශාල ඉදිරි පිමිමක්වනවාට නොඅනුමානය.“


    MoBio-3.gif


    MoBio-4.gif


    Team.gif




     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    good on piketing udgoshana karana welawal ma wage ratata loketa yahapath wadakata yodawana eka patta. University student la karanna ona owa tamai.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔටෝ අතේ ගැස්සෙන ෆීචර් එකකුත් දැම්ම නම් හරි...
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    patta rep++


    නියමයි.

    ඔටෝ අතේ ගැස්සෙන ෆීචර් එකකුත් දැම්ම නම් හරි...



    ගයාන් ලක්මාල්;20305970 said:



    ගොඩක් වටිනවා මචෝ


    mewa develop karanna one

    රෙප් දීපු බම්ප් කරපු හැමෝටම ස්තුතියි.....
    :rofl::rofl::rofl: