ලංකාවේ පාතාලයේ ගෝඩ්ෆාදර් වූ නාවල නිහාල්ගේ සම්ප්‍රාප්තිය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,644
    6,850
    113

    මූණට මූණ වෙඩි තියා ගමු බැහැපන් යකෝ එළියට​


    ලංකා පාතාලයේ ගෝඩ්ෆාදර් වූ නාවල නිහාල්ගේ පාතාල සම්ප්‍රාප්තිය සොයා යෑමේදී මට හමු වූ කළු මහත්තයා විවර කළ තවත් සුවිශේෂී චරිතයක් වූයේ නාවල නිහාල්ගේ මල්ලී කෙනෙක් වූ එරික්ය. තවමත් එරික් ගැන කළු මහත්තයාගේ කතාව අවසන්වී නැත.



    ලංකා පාතාලයේ ගෝඩ්ෆාදර් වූ නාවල නිහාල්ගේ පාතාල සම්ප්‍රාප්තිය සොයා යෑමේදී මට හමු වූ කළු මහත්තයා විවර කළ තවත් සුවිශේෂී චරිතයක් වූයේ නාවල නිහාල්ගේ මල්ලී කෙනෙක් වූ එරික්ය. තවමත් එරික් ගැන කළු මහත්තයාගේ කතාව අවසන්වී නැත.

    ඔය නාවල නිහාල්ගේ පවුලේ මුලින්ම ආයුධයක් අතගෑවේ එරික්. ඔය කළු අජිත් මුලින්ම ආවේ නාවල නිහාල් හොයාගෙන නෙවෙයි එරික් හොයාගෙන. එරික් තමයි කළු අජිත්ට පිස්තෝලයක් දෙන්නේ ඔය සොත්ති උපාලිගෙයි අජිත් අතරයි තිබ්බ ප්‍රශ්න විසඳගන්න. ඒ කාලේ හිටපු ඔක්කොම හොඳ වැඩකාරයෝ එරික්ට පුදුම බයක් තිබ්බේ. ඔය ඔබේසේකරපුර නොයෙල් අමරසිංහ කියන්නේ හිටපු හොඳම වැඩකාරයානේ. නොයෙලුත් ඔළුව පාත්කරගෙන හිටියේ එරික්ට.


    ඔබ සහ නොයෙල් අමරසිංහ අතර සම්බන්ධතාවක් තිබ්බද?

    නැහැ. මහ ලොකු සම්බන්ධතාවක් තිබ්බේ නැහැ. හැබැයි දන්නවා. කට පුරා මට කළු මහත්තයා කියලා කතා කරනවා. මැරෙන්න සතියකට කලින් මට නොයෙල් අමරසිංහ වැලිකඩ හිරගෙදරදි හම්බුවෙනවා. නොයෙල් ඇතුළට ආවේ මාදින්නාගොඩ උපාලිගේ මර්ඩර් එකට. නොයෙල් ඇතුළට ආවේ කිහිලිකරු දෙකෙන්. මම එතකොට දැනගෙන හිටියා නොයෙල්ව ඇතුළෙදී අනිවාර්යයෙන්ම මරනවා කියලා. මම එනකොටම නොයෙල්ට කිව්වා තමුසෙට ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා. තමුසේ ස්පෙෂල් වැහෙනවා කියලා. නොයෙල් මට කීවා කොහොමද කළු මහත්තයා මම ස්පෙෂල් වැහෙන්නේ අපි පොඩි කාලේ ඉඳලම හිර ගෙවල්වල බැහැපු මිනිස්සු, එක එකාට බයේ පුළුවන්ද මට ස්පෙෂල් වැහෙන්න කියලා. එහෙම කියලා සතියක් නැහැ හරියට නොයෙල් අමරසිංහට හිරගේ ඇතුළෙදි කොටියාකුඹුරේ නිහාල් වෙපන් එකක් ඇතුළට ගෙන්නගෙන වෙඩි තියලා මැරුවා.

    තව මම හොඳ කතාවක් කියන්නම්. දවසක් අපි ගියා ඔක්ෂන් එකකට ඇඹිලිපිටියේ. සී.ටී.බී. බස් ඔක්ෂන් එකක්. ඉස්සර අපි ඔක්ෂන් එකකට යනකොට, යන්නේ ගැන්සි පිටින්, යටවෙන්න කාටවත් යන්නේ නැහැ.

    අපි ඉතින් එරික්ගේ ගැන්සියේ. නාවල නිහාලුත් අපි එදා එක්කරගෙන ගියා. හැබැයි එකක් තිබ්බා, ඔය ඔක්ෂන්වලට එරිකා එනවා කිව්වම වෙන කවුරුත් එන්නේ නැහැ බයයි. ඔය මුස්ලිම් මුදලාලිලා පට්ට බයක් තිබ්බේ. දැන් අපි සෙට් එක ඇඹිලිපිටි ගියා. ඔය කළු සුනිල් කියලා හිටියා ගුණසිංහපුර පාතාලේ පොරක්. ඔය චින්තක අමරසිංහ තමයි කළු සුනිල්ව මරන්නේ. උෟ එදා ඇවිල්ලා හිටියා ඔක්ෂන් එකේ බඩු ගන්න.

    මූ වේලපහින් ඇවිල්ලා ඇඹිලිපිටියේ සෙට් එකක් අල්ලලා. දැන් ඔක්ෂන් එක පටන් ගත්තා. එරිකයි මමයි ඉස්සරහ ඉන්නවා. නාවල නිහාලුයි අපිත් එක්ක ආපු කට්ටියයි අපේ පිටිපස්සේ. දැන් වෙන්දේසිය පටන් අරන් පොලිසියේ මහත්තුරුත් ඉන්නවා. දැන් කළු සුනිල් ඉල්ලන ඉල්ලන එක එරික් ඉල්ලනවා. දැන් එරික් පාඩුවට ගන්නේ. නාවල නිහාල් මට ඇඟිල්ලෙන් ඇනලා කියනවා පොඩ්ඩක් කියන්න කළු මහත්තයා බලලා ඉල්ලන්න කියලා. කේන්ති ගියාම පාඩුවට ඉල්ලනවා. හැබැයි කොහොමහරි අන්තිමේදී කරකවලා බිස්නස් එක ගහනවා. ඒ අතින් මාස්ටර් හෙඩ්. මම නිහාල්ට කිව්වා පොඩ්ඩක් ඉන්නවා කලබල නොවී එයා බිස්නස් එක ගහයි කියලා. දැන් ඔය ඉල්ලන අතරතුරේදී, කළු සුනිල්ගේ සෙට් එකත් ආවා එරිකා ළඟට. 'කොළඹ සුනිල් මහත්තයා ඉල්ලන්නේ ඉල්ලන්න එපා' කිව්වා. එරික් එකපාරටම කීවා "කවුද ඩෝ මට ඉල්ලන්න එපා කියන්නේ. කවුද ඩෝ සුනිල් මහත්තය. උෟට ගිහිල්ලා උඹලා දීපන්." අරුන් පැත්ත පළාතක හිටියේ නැහැ. කොහේ ගියාද දන්නේ නැහැ. කොහොම හරි එදා ඔක්ෂන් එකේදි සී.ටී.බී. බස් 50ක් ගත්තා එරිකා. ඔක්ෂන් එක ඉවරවෙලා දැන් අපි එළියට ආවා. එතකොට ඉන්නවා කළු සුනිල් සෙට් එකත් එක්ක සිගරැට් එකකුත් පත්තු කරගෙන. එරිකා ගියා ළඟට.

    "අඩෝ ගෑනු විකුණන්නේ නැහැ. දබා හවුස් (ගණිකා මඩම්) වලින් සල්ලි ගන්නෙ නැහැ. ඇමැතිලා, මන්ත්‍රිලා පස්සේ යන්නෙ නැහැ. මේක පරම්පරා බිස්නස් එක ඩෝ. ඊළඟ සැරේ ප්‍රශ්න දාන්න ආවොත් මරන එක මරනවා" එහෙම කීවා. එදායින් පස්සේ එක ඔක්ෂන් එකකවත් කළු සුනිල්ව මම දක්කෙ නැහැ.



    nawala-nihal.jpg

    එතකොට මේ පසුබිමත් එක්ක කොහොමද නාවල නිහාල් පාතාලයට එන්නෙ?

    මේකනේ, එරිකා ඔක්ෂන්වලින් සල්ලි හම්බුකරලා සහෝදරයන්ට බෙදුවා. ඉතුරුවලින් කෙරුවේ කුඩු ගහන එක. කුඩු ග්‍රෑම් ගණන් දවසට ගැහැව්වේ. එරිකා කුඩු ගහගෙන අමුතු ලෝකයක ජීවත් වුණේ. එරික්ගේ නමට තිබ්බ සැලකිලි, බය ටික, ටික නිහාල්ගේ නමට හැරුණා. ඊට පස්සෙ කට්ටිය නිහාල්ව හොයාගෙන ආවා. එරික් කවදාවත් සහෝදරයන්ට කුහකකම්, ඊර්ෂියා කළේ නැහැ. මම තව හොඳ කතාවක් කියන්නම්. ඔය බම්බලපිටිය පැත්තේ නාවල නිහාල් අඳුනන එකෙක් ගණිකා මඩමක් කළා. නිහාල්ටත් ඕකෙන් මාසෙට ගාණක් එනවා. දවසක් නිහාල්ගේ අයියා කෙනෙක් හිටියා නොයෙල් කියලා. ඔය නාරාහේන්පිට හන්දියේදී ඉඩම් කේස් එකකට වෙඩි තියලා මැරුවේ. නොයෙල් දවසක් කට්ටියත් එක්ක අර පොට් එකට රිංගලා. ඒකේ අයිතිකාරයා නිහාල්ට කතා කරලා කියලා කට්ටියක් ඇවිල්ලා කරදර කරනවා කියලා. මහ රෑ නිහාල් සෙට් එකත් එක්ක ගිහිල්ලා අරුන්ට ගහලා අම්බානක. නොයෙල් ඉන්නවා කියලා දැනගෙන ඉඳල නැහැ. නොයෙල්ටත් ගහලා අම්බානෙක. දැන් උදේ පාන්දර නොයෙල් ගෙදර ඉන්නවා, මූණ ඉදිමිලා, තොල් පැළිලා එරික් ඇහැව්වා මොකද ඕයි වෙලා තියෙන්නේ කියලා. දැන් නොයෙල් කියන්නේ නැහැ මොකක්ද වුණේ කියලා. ළඟ හිටපු එකෙක්ව බය කරලා එරික් අහද්දි උෟ කිව්වා ඔක්කොම විස්තරේ. අම්මට උඩු මල පැන්නා එරික්ට, ගත්තා ජීප් එක, නඟින්න කළු මහත්තයා කියලා තව තුන් හතර දෙනෙක් දාගත්තා. ගියා අර ගණිකා මඩමට. ඉන්න ඔක්කොටම දුවනකම් ගැහැව්වා. තියෙන බඩු, ටීවී, ඒවා මේවා ඔක්කොම කුඩු පට්ටම්. ගහල ඉවර වෙලා කෙළින්ම ආවා නිහාල්ගේ ගෙදරට. එතකොට නාවල නිහාල් හිටියේ කළුබෝවිල. ජීප් එකෙන් බැහැලා කිව්වා

    "අඩෝ වේස ගෑනුන්ට යටත් වෙලා සහෝදරයන්ට අත උස්සන වුන් එක්ක මගේ සහෝදරකම් නැහැ. බැහැපන් ඩෝ අරගෙන උඹේ පිස්තෝලේ එළියට. මම පිස්තෝලයක් අරන් ඇවිල්ලා ඉන්නේ. දෙන්නා වෙඩි තියාගමු ඩෝ. කියලා. දැන් නිහාල්ටත් මල පැනලා. නිහාල් පිස්තෝලේ අරන් එළියට ආවා. එනකොට ඔය ෆියට්ලා, නිහාල්ගේ කට්ටිය නිහාල්ව අල්ල ගත්තා. කොහොම හරි එදා උඩට වෙඩි දෙකක් තියලා එරික් ගෙදර ඇවිල්ලා ඇඬුවා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඔය ලංගම බස් විකුණල තියෙන්නෙ ජේ ආර් ජයවර්දන ආණ්ඩුව ලංගම අඩපන කරල ප්‍රවාහනය පුද්ගලික කරන උපායක් විදියට. අබිලි බස් කියල ධාවනය කරන්න පුලුවන් හොද බස් විකුණල තියනව. මේව අරගෙන තියෙන්නෙ ඔක්කොම එ,ජා.ප යට සම්බන්ධ අය.
     
    • Like
    Reactions: Walter White

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    මෙතන ෆියට් කියල කියවුන නිසා කියන්නේ... දැන් ඉන්නේ ඉතාලියේ....

    කළුබෝවිල ඇන්ඩර්සන් රෝඩ් එකේ ගෙවල් තිබ්බේ... නාවල නිහාල් එක්කම වලකජ්ජ ගහන්න හිටපු පොරක් තමයි... දැන් ශේප් එකේ දැන් රෝමෙට වෙලා ඉන්නේ....

    නාවල නිහාල් ඉඩම් කේස් එකකට අපේ නෑ කෙනෙක්ට උදව් කරා... ඉඩමක් උගස් තියලා පොලිය මුදල අරන් ගිහිල්ල බේරන්න ගියාම සින්න වෙලා කියල... එක පාරයි කතා කරේ... ඌ ට ගූ ගිහිල්ල ඉක්මනට සල්ලි අරන් ඔප්පුව ලියල දීලා...

    නුගේගොඩ කඩවලින් සල්ලි එකතු කරන එක තමයි ආදායම... ජම්බුගස්මුල්ලේ ඉඳල යන්තම් රට පැන්න...