ලංකාවේ පාරක දෘ ශ් ටි මායාවක් - පල්ලම කන්දක් වගේ පෙනීම

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දුස්ටි මායාව පුද්ගලයොන්ටත් වෙනව ඇති නේද. ඒකනෙ අර වැඩ බැරි මරි මෝඩ ගොබ්බ සෙවල නන්දසේනයට විරුවෙක් විදිහට පේන්න ගත්තේ

    @2osama @netudara @weer 11 http waren 😹😹😹
     
    • Haha
    Reactions: SLK_sri

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දැන් මේ රටේ තියන ලොකුම ප්‍රශ්නේ ඕකද බන්..අනේ ගොන් හැත්ත..අරූගේ පුත්තු තුන්දෙනා විතරක් නෙමෙයි උන්ගේ ගෑනුත් රටේ ජනාධිපති වෙනවමයි අනිවාරෙන්ම..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    නොදකින් වද බයියා 🤣🤣🤣
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්





    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    කැළණි ගග දෙබෑ කරගෙන නයා ආව වගේ මේ පාර කදු පලගෙනද එන්න යන්නේ?
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    naula-incident

    අප රටේ පළමු වතාවට දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ඊයේ(01දා) හැකි විය.මෙම දෘෂ්ටි මායාව සහිත ස්ථානය නාඋල ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්නව ප්‍රදේශයෙහි පිහිටා තිබේ.

    අහම්බෙන් මෙම ස්ථානය පිළිබඳව අවධානය යොමුවූ හිටපු යුද හමුදා කර්නල්වරයකු වන රත්නප්‍රිය බන්දු මහතා මේ පිළිබඳව මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම් දීමත් සමග ජනවාරි පළමුවැනිදා උදෑසන මහාචාර්යවරයා එම ස්ථානයට පැමිණ පරීක්ෂාවට ලක් කරමින් මෙවැනි ස්ථානයක් ලංකාවේ හමු වූ ප්‍රථම අවස්ථාව බවත්, තවත් රටවල් කිහිපයක මෙවැනි ස්ථාන දැනට හඳුනාගෙන ඇති බවත් පෙන්වා දුන්නේය.


    මෙම ස්ථානය බැලූ බැල්මට දර්ශනය වන්නේ කන්දක් වශයෙනි. එමෙන්ම එම මාර්ගයේ කන්ද අවසානයේ පල්ලම බසිනා මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සලකුණක්ද සවිකොට තිබේ . මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ අතුල සේනාරත්න මහතා ජලය පිරවූ ප්ලාස්ටික් බෝතලයක් කන්ද පටන් ගන්නා ආසන්නයේ තැබීම සිදු කරද්දී එය එකවරම කන්ද ඉහළට පෙරළීගෙන යන දසුන දැක ගැනීමට හැකිවිය. පසුව මහාචාර්යවරයා ගූගල් සිතියම හරහා එම ස්ථානය පිළිබඳව සොයා බැලීම සිදු කර ඇත.

    එහිදී ඔහු සඳහන් කළේ මෙය දෘෂ්ටි මායාවක් බවය. එම ස්ථානය වටපිටාව දර්ශනය වන ආකාරයෙන් දෘෂ්ටි මායාවක් බව ඔහු පෙන්වා දුන්නේය. එනම් ඈතින් දිස්වෙන කඳු පෙළ අවට කැලෑ බද ස්ථානයේ ඇස දෘෂ්ටි මායාවක් සේ වෙනස් වන බවත්, බැලූ බැල්මට එය කන්දක් ලෙස දිස්වෙන බවත්ය. එහෙත් විද්‍යාත්මකව ගූගල් සිතියම අනුව එය කන්දක් නොව ඉතා සියුම් පල්ලමක් සහිත ස්ථානයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    මෙරට තුළ මෙවැනි දෘෂ්ටි මායා ස්ථානයක් මෙතෙක් සොයා ගැන නොමැති බවත්, තමන් දැනුවත්ව මෙවැනි දෘෂ්ටි මායා සහිත ස්ථාන ඉතාලියේ හා ඕමාන් රටේත් යුරෝපා රටවල් කීපයක හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.


    මෙහි කන්ද ආරම්භ වන ස්ථානයෙන් වාහනයක් පණ ගැන්වීමකින් තොරව නිදහස් ගියරයට දැමූ විට වාහනය කන්ද උඩට පැයට කිලෝමීටර් දහයක පමණ වේගයකින් ගමන් කරන ආකාරය නික්‍ෂණය කර ගැනීමට මහාචාර්යවරයාට හැකිවිය.

    ඒ අනුව වාහන කිහිපයක් ස්ථානයේදී පරීක්ෂාවට ලක් කෙරිණ. එහිදී ද අනාවරණය වූයේ ඇසට කන්දක් ලෙස පෙනෙන නිසා එය කන්දට නගින වාහනයක් ලෙස දර්ශනය වන බවය.යුද හමුදාවේ හිටපු කර්නල්වරයකු වන රත්නප්‍රිය බන්දු මහතා කියා සිටියේ අහම්බෙන් තමන් ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයේ සිටින අවස්ථාවක මෙය දැකගැනීමට හැකි වූ බවය.

    ඒ අනුව එහි සත්‍යතාව කුමක්දැයි රටට පෙන්වා දීමට උචිතම පුද්ගලයා වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ අතුල සේනාරත්න මහතාට තමන් වීඩියෝ පට රැසක් යැවූ බව ඔහු පැවසීය.

    මෙය මොරගහකන්ද ජලාශය ආසන්නයේ පිහිටා තිබීමත්, දිවයිනේ ප්‍රථම වතාවට මෙවැනි ස්ථානයක් අනාවරණය කර ගැනීමත් නිසා මෙහි සංචාරක ආකර්ෂණයක් ලොවට කියාපෑමටද හැකිවනු ඇති හෙයින් තමන් මෙය දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.

    එස්. කරුණාරත්න
    02125213_121915-down.webp
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    චූ කන්දේ ඉදන් චූ කරොත් කටට වැටෙයිද? :rolleyes: