ලංකාවේ පාරවල් සල්ලි ගිලීමෙන් දකුණු ආසියාවේ එක
අබලන් මාර්ග හා රථ වාහන තදබදය නිසා දකුණු ආසියානු කළාපයේ රටවල් අතුරින් වැඩිම මුදලක් ජාතික ආර්ථිකයට අහිමිවන රට ශ්‍රී ලංකාව බව අනාවරණය වේ.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතෙකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ පැවසුවේ රථවාහන තදබදය හා අබලන් මාර්ග නිසා ප්‍රවාහනයේදී ජනතාවගේ කාලය හා ධනය අපතේ යාම හා භාණ්ඩ ප්‍රවාහනයේදී සිදුවන ප්‍රශ්න නිසා මෙරට ආර්ථිකයට වසරකට රුපියල් බිලියන 100 ක පමණ මුදලක් අහිමි වන බවයි.
වසරකදී මෙරට සිදුවන අනතුරු වලින් රුපියල් බිලියන 30 ක පමණ පාඩුවක් සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවකයින් මිලියන 1.5 ක පමණ පිරිසක් සේවා නියුක්ත වී සිටින බවත් වසරකදී රුපියල් බිලියන 90 ක පමණ ආදායමක් ලබන බවයි.
එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක පමණ ප්‍රමාණයකි.