ලංකාවේ-බිහිසුණුම-ගුවන්-අනතුර ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලංකාවේ-බිහිසුණුම-ගුවන්-අනතුර ....

    ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට වසර 41යි

    cover.jpg




    ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවි අදට වසර හතළිස් එකක් සපිරෙනවා.

    1974.12.04 වන දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන් යානය ඉන්දුනීසියාවේ සුරවෙයාර් ගුවන් තොටුපලින් වන්දනාකරුවන් එකසිය අසු දෙකක් හා කාර්මණ්ඩලය නව දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණි.

    මෙම ගුවන් යානය ආගරපතන, නෝර්වුඩි කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියෙදි එදින රාත්‍රී 10.10ට පමණ නෝර්ටන බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළීන් පිහිටි සවප්ත කන්‍යා කන්දේ හැපි එම ගුවන්යානයේ සිටි 191 දෙනෙක් ජිවතක්ෂයට පත්වි තිබෙනවා.

    කන්ද පාමුල සිරුරු කිහිපයකුත් සවප්ත කන්‍යා කන්ද ඉහලේ තවත් සිරුරු කිහිපයකුත් වැටි තිබි සොයාගෙන තිබෙනවා.

    පසුව ඉන් සිරුරු 190 ක් සවප්ත කන්‍යා කන්ද පාමුල මිහිදන්කර ඇති අතර, එම ගුවන්යානයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙමිවතා ඉන්දුනිසියාවේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනිසියාවට රැගෙන ගිය බව මෙම ගුවන් අනතුර සියසින් දුටු ප්‍රදේශවාසින් පවසන්නේ.

    එම ගුවන්යානයේ තිබු අමතර කොටස් කුඩා කැබලි වලට කැඩි වැටි තිබු බවත් එම ගුවන් යානයේ තිබිවැටි තිබු විශාල මුදල් තොගයක් ප්‍ර දේශවාසින් විසින් අහුලා ගත් බවත් පවසන ප්‍රදේශවාසින් ඉන් හොන්කන් රාජ්‍යයේ ඩොලර් දහයේ නෝර්ට්ටුවක් තාමත් සුරක්ෂිතව තබා ගනිමින් අපවෙත පෙන්වනු ලැබුවා.

    එම ගුවන් අනතුර දැකබලා ගැනිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එවකට විශාල පිරිසක් පැමිණී බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

    මෙම අනතුරට පත් ඩි.සි 8 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැමිරේ නැමැති (52) හැවිරිදි ගුවන් නියමුවායි.

    පසු ගිය කාලයේ එම ප්‍රධාන ගුවන් නියමුවාගේ පුත්‍රයා ගුවන් අනතුර සිදුවු ස්ථානයට පැමිණ ගුවන් අනතුර පිළිඉඳව රූපවාහිනි වාර්තාමය වැඩසටහනක් පටිගත කර එම ගුවන් යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නව දෙනාගේ නම සඳහන් සිහිවටනයක් නෝර්ටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට දැනට සිහිවටනයක් ලෙස තබා ඇති අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත්කර තිබෙනවා.

    මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන්කර ඇති ස්ථානය අසල එම ගුවන්යානයේ ලාංජනය සවිකර තිබුණද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට ගලවාගෙන ගොස් තිබෙනවා.

    මෙම ගුවන්අනතුර ගුවන් යානයේ සිදුවු තාක්ෂණදෝෂයක් හේතුවෙන් අනතුරට පත්වු බව ඒ පිළිබඳව පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම විසින් වාර්තාවක් මගින්ඉදිරිපත්කර තිබෙනවා.



    12.jpg


    22.jpg


    32.jpg


    42.jpg


    52.jpg


    102.jpg


    62.jpg


    121.jpg


    13.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    17.jpg


    202.jpg


    211.jpg


    221.jpg


    23.jpg


    Source: http://sinhala.adaderana.lk/webgossip/flight-crash-saptakanya/#
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය සිද්දිය පිටිපස්සේ හෙන කතා ගොඩක් තියනවා නෙහ් බන් :sorry:
     
    • Like
    Reactions: yosh371

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    1978 තවත් DC-8 එකක් කඩන් වැටුනා. ඒකෙත් 183 දෙනෙක් මැරුණා. 1974 සප්ත කන්‍යා එකට පස්සේ ලංකාවේ සිද්ද උන දෙවනි දරුණු අනතුර. ඒක උනේ කටුනායක එයාර්පෝට් එක කිට්ටුවම. කිඹුලාපිටියේ


    10959582_810870692293772_2647864672909128170_n.jpg


    1513760_810870358960472_7829858285354764676_n.jpg


    1660226_810870462293795_7234058669488106570_n.jpg


    10013255_810870645627110_4614065417675492595_n.jpg


    10941118_810870788960429_7919825007470623972_n.jpg


    10885144_810870838960424_934344935399906523_n.jpg


    10955740_810870865627088_720815374651141843_n.jpg
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    1978 තවත් DC-8 එකක් කඩන් වැටුනා. ඒකෙත් 183 දෙනෙක් මැරුණා. 1974 සප්ත කන්‍යා එකට පස්සේ ලංකාවේ සිද්ද උන දෙවනි දරුණු අනතුර. ඒක උනේ කටුනායක එයාර්පෝට් එක කිට්ටුවම. කිඹුලාපිටියේ


    10959582_810870692293772_2647864672909128170_n.jpg


    1513760_810870358960472_7829858285354764676_n.jpg


    1660226_810870462293795_7234058669488106570_n.jpg


    10013255_810870645627110_4614065417675492595_n.jpg


    10941118_810870788960429_7919825007470623972_n.jpg


    10885144_810870838960424_934344935399906523_n.jpg


    10955740_810870865627088_720815374651141843_n.jpg

    Info walata thanks machooo.... +7
     
    • Like
    Reactions: ransing

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් මගේ Dream ට්‍රිප් එකක් සප්තකන්‍යා කදු සෙට් එක නගින එක.. දැන් අවුරුදු 2ක් විතර තිස්සේ ඉදන් සෙට් එකක් හොයනවා යන්න තාම සෙට් උනේ නැ.. Good post machan
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ප්ලේන් එක හැපුන වෙලාවේ කන්‍යාවන්ගේ පෙට්ටි කැඩෙන්න ඇති නේ බන් :rofl: