රට තුල පැතිර යන කෙරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හැමෝම මාස්ක් දාන්න පටන් ගත්තා... Surgical Mask, N95 වර්ග වල මාස්ක් වලට සෑහෙන ඉල්ලුමක් ආවා.. මාර්තු මාසෙ ගියපු පළමු කෙරෝනා රැල්ල කාලෙ මට මතකයි මම Surgical Mask එකක් ගත්තෙ රු. 72 ගාණේ... ඒ තරම් මාස්ක් වල මිල ඉහල ගියා.. හරි විදියට ගත්තොත් අපේ මරණ භය විකුණලා මාස්ක් වෙලෙන්දො අධික ලාභ ලැබුවා..
ඒත් මම අද කියන්න යන්නෙ ලංකාවෙ අති මහත් බහුතරයක් අවධානය යොමු නොකරපු කාරණයක් ගැන..
මේ මාස්ක් නිෂ්පාදකයො කාරණා දෙකක් ප්‍රධානකරගෙන මාස්ක් නිෂ්පාදනය කරනවා.. ඒ තමයි,
01. කර්මාන්තශාලා, අධික වායු දූෂණය වගේ දේවල් වලට සුදුසු විදියෙ මාස්ක් නිෂ්පාදනය කරන එක
02. වෛද්‍ය කර්මයට අදාල කාරණා වලට මාස්ක් නිෂ්පාදනය කරන එක
මේ වර්ග දෙක වෙළඳපලට නිකුත් කරන්නෙ Medical Mask සහ Non-Medical Mask කියන Category දෙක යටතේ... මේ මාස්ක් වර්ග දෙකේ වෙනස්කම් තියෙනවා... උදාහරණයක් විදියට හැමෝම ගන්න කැමැත්තෙන් ඉන්න KN95 මාස්ක් එක හිතමු.. ලොව පුරාම දන්න N95 මාස්ක් එකේ Chinese Version එක තමයි KN95 කියන්නෙ.. බලන්න ඔයාලා ගාව පැකින් පිටින් තියෙන මාස්ක් එකක් තියෙනව නම් 100%ක් ෂුවර් ඒකෙ ගහල තියෙන්නෙ Non-Medical Mask කියල.. Original Medical Grade KN95 (හෝ N95 මාස්ක් එකක ලංකාවෙ ගාණ මේ වෙනකොට රු. 600.00 පනිනවා.. රු. 150ට වගේ විකුණන්න බෑ..) Surgical Mask වල තත්ත්වෙත් ඔකමයි... ඉතිං හිතල බලන්න අපි හරි උජාරුවෙන් KN95 මාස්ක් එකකුත් දාගෙන දැන් මට කොරෝනා හැදෙන්නෙ නෑ කියන විශ්වාසෙන් වැඩ කරොත් මොකද වෙන්නෙ කියල.. Medical වේවා Non-Medical වේවා මේ වසංගත අවස්ථාවෙ මාස්ක් දාන එකෙන් වෛරසය ඈතට විසිරී යන එක නවතිනවා.. මොකද මාස්ක් එක බැරියර් එකක් විදියට වැඩ කරන නිසා.. ඒත් පිටත වායුගෝලයේ තියෙන වෛරසය නවත්වන්න Non-Medical Mask එකකට බෑ.. ඒක නිසා Over Confident වෙන්න එපා.. පරිස්සමින් ඉන්න බලන්න.. (මම වෛද්‍යවරයෙක් එහෙම නෙවෙයි.. ඒත් මම කියන දේ හිතල බලන්න ඇත්තද කියලා...)
හැමෝම පරිස්සමින් ඉන්න.. ජයවේවා!!