ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දින

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දින

    30339_414617571941228_1069643876_n.jpg

    ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු රස්සාවට කළේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. ලද ඉසිඹුවකදී තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද්දී එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට ගනිමින් සිටියහ.
    ”දිනුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් හම්බ වෙන්නෙ.”
    ස්වීප් මිලට ගත් කෙනෙක් කීවේය….
    කිරිඅප්පු ස්වීප් වෙළෙන්දාට කිට්ටු වී එක ලොතරැයියක මිල ඇසුවේය.
    ”ශත පනහයි” ඔහු කීවේය.
    රුපියල් ලක්ෂයේ මුදලකට ආශා කළ කිරිඅප්පු අතේ තිබූ ශත පනහක් දී එක ලොතරැයි පතක් මිලට ගත්තේය.
    ඒ ලොතරැයිය ගෙදර ගෙනගොස් සාලයේ එල්ලා තිබූ ගෝන අං තට්ටුව අස්සේ ගැසූ කිරිඅප්පු තේ කොප්පයක් බී පුරුදු විදිහටම කල් ගෙව්වේය.
    මේ සිද්ධිය වූයේ 1955 සැප්තැම්බර් මාසයේ එක්තරා දවසකය.
    යාම්තම් තුනේ පන්තියට පමණක් ඉගෙන තිබූ කිරිඅප්පු පුංචි සන්දියේම කුලියක් මලියක් කරගෙන ජීවත්වූයේ ඔහුට බාල සහෝදර සහෝදරියන් දහ දෙනකුගේ බඩගින්දර සමග සටන් කරන්නටය. පුරා මාසයක් මහන්සි වූ විට ඔහුට ලැබුණේ රුපියල් සීයක පඩියකි. ඒ පඩිය ඔහුට මහමෙරක් තරම් වටිනාකමකින් යුතු විය.
    කාලය ගෙවී ගියේය.
    ”ස්වීප් එකේ මුල් තෑග්ග ලැබිල තියෙන්නෙ ගලිගමුවට…” තේ ස්ටෝරුවේ කෙනෙක් කිරිඅප්පුට කීවේය.
    ”ඇත්තට කවුද දන්නෙ නෑ වාසනාවන්තයා” කිරිඅප්පු ඇසුවේ ඔහුත් ලොතරැයියක් ගත් බව සිහිපත් කරමිනි.
    එහෙත් ඒ වනවිටත් ජයග‍්‍රාහකයා ඉදිරිපත්ව සිටියේ නැත.
    එදා හවස ගෙදර ගිය කිරිඅප්පු ගෙදර අස්සක් මුල්ලක් නෑර ලොතරැයිය සෙවුවත් කිසිතැනකින් එය හමුනොවිණි.
    ඒ වනවිට ලොතරැයිය තැබූ තැන ඔහුට අමතකව තිබිණි. මිලට ගත් ලොතරැයිය ගැන සිතමින් නින්දට ගිය ඔහුට රාත‍්‍රියේදී සිහිපත් වූයේ ලොතරැයිය තැබුවේ ගෝන අඟ අස්සේ බවය.
    ඒ රාත‍්‍රියේම ලොතරැයිය අතට ගත් ඔහු පසුදාම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ලොතරැයියේ ජය අංක සොයා බැලූවේය. කිරිඅප්පුට අදහාගත නොහැකි විය. මුල් දිනුම ඔහුටය.
    එය ලංකාවේ පළමුවැනි ලොතරැයියේ මුල් දිනුම වූ නිසා එය ඉතිහාසයට එකතු වන අන්දමේ අපූරු ප‍්‍රවෘත්තියකි. මේ ප‍්‍රවෘත්තිය එකල ලංකාදීප පත‍්‍රයේ පළව තිබුණේ කිරි අප්පුගේ පින්තූරයක්ද සමගය.
    ”ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.
    රුපියල් 97,343.50ක පළමු දිනුම ගල්ගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ.”
    එදා ලංකාදීපයේ එසේ පළව තිබිණි.
    රුපියල් 97,000ක් යනු එදා හැටියට අති දැවැන්ත මුදලකි. මේ මුදල වියදම් කරන්නේ කෙසේදැයි ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් කිරිඅප්පුගෙන් අසා ඇත.
    කෙසේ හෝ වේවා ඔහු තම ලොතරැයි දිනුම නැති නාස්ති කළේ නැත. බිසෝවෙලින් මෙන්ම ලෝල්ලේගොඩෙන්ද ඉඩම් කුඹුරු මිලට ගත් ඔහු ඉන් වැඩිහරියක් ඔහුගේ බාල සහෝදරයන්ට නොමිලයේම ලබා දුන්නේය. ලෝල්ලේගොඩෙන් ඔහු මිලට ගත්තේ අක්කර විස්සක ඉඩමකි. රුපියල් හතළිස් පන්දහසකට ලබාගත් මේ ඉඩමත් කුඹුරු යායත් ඔහු තමා සන්තකයේ තබා ගත්තේය.
    ඊළඟට ඔහුට අවශ්‍ය වූයේ මනාලියකි. මේ ලොතරැයි දිනුම ගැන දැනගත් දූවරු සිටි මිනිස්සු කිරිඅප්පුට මංගල යෝජනා ගෙන ආහ. ගමේ ගොඬේ තරුණියන්ද මේ අලූත් සල්ලිකාරයා දෙස බැලූවේ ගෞරවනීය හැඟීමකිනි. ඔහුගේ හිත දිනාගැනීමට එදා බොහෝ තරුණියන් උත්සාහ කළේලූ!.
    එහෙත් කිරිඅප්පුගේ හිත ගියේ හෙම්මාතගම පැත්තේ තරුණියකටය. ඇය පුංචිඑතනා රාජකරුණාය. රාජකරුණා දම්පතීන්ට සිටි එකම දියණිය වූ ඇය ඒ වනවිට ඉංග‍්‍රීසි භාෂාවෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගය උසස් ලෙස සමත්ව සිටියාය.
    ”මම එච්.එස්.සී. විභාගෙට ඉගෙන ගන්නයි සිටියෙ. ඒත් අම්මල තාත්තලා බලකළා කිරිඅප්පුව බඳින්නම කියලා. එයාගේ උගත්කම මදිකම තමා මට ප‍්‍රශ්නෙකට තිබුණෙ. ඒත් ඉතින් අක්කර විස්සක ඉඩමක් මොරිස් 8 කාර් එකක් එහෙම තිබුණු මේ මනුස්සයට මාව දෙන්න අම්මල තාත්තලා හුඟාක් සතුටුවුණා.
    අපේ මංගල්ලෙ කෙරුණේ බොහොම ජයට. දවස් හතරක් මඟුල් කෑවා. පහතරට සාරිය ඇඳල වේල් එක දාලයි මම මනමාලිට ඇන්දෙ. අපේ මඟුල් ගෙදර ලස්සන බලන්න මුළු ගමම වටවෙලා හිටියා. එහෙම මඟුලක් උපන්තේකට ඒ කට්ටිය දැකල තිබුණෙ නැහැ.”
    පුංචි එතනා ඇගේ විවාහයේ තොරතුරු සිහිපත් කළේ ප‍්‍රීතියෙනි.
    කිරිඅප්පු ඇය කැන්දාගෙන ගියේ බිසෝවෙලටය. එහෙත් කෙටි කලක් තුළ ලෝල්ලේගොඩ වත්තේ නිවෙසක් තනාගෙන ඔවුහු එහි පදිංචියට ගියහ.
    ”මේ ගේ හදන්න මගේ අම්මා තාත්තා එහෙමත් උදව් කළා. ගස් ඔක්කොම වත්තෙන්. වැලි ඔයෙන්. මම හිතන්නෙ මුළු ගේම හදන්න වියදම රුපියල් පන්දාහක් වෙන්න ඇති…” පුංචි එතනා කීවාය.
    අහල පහළ ගැමියන් අතර මේ වත්ත ප‍්‍රසිද්ධ වූයේ ස්වීප් වත්ත යනුවෙනි. එහි හිමිකරුවා ස්වීප් මුදලාලි බවට නිකම්ම පරිවර්තනය විය.
    කාර් වෑන්වලින් ලස්සන වුණ මේ ගෙදර මාවනැල්ල ප‍්‍රදේශයේ මොනවට කැපී පෙනුණි. ඒ අතරතුර පුංචි එතනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රැකියාවක් ලැබුණත් ස්වීප් මුදලාලි ඇය රැකියාවකට යවන්නට කැමැති වූයේ නැත. පුංචි එතනා ගෙදර බලාගෙන සිටිද්දී කිරිඅප්පු ඉඩකඩම් කුඹුරු බලාගෙන ඉඳහිට පැමිණි හයර් එකකුත් කරගෙන පාඩුවේ සිටියේය.
    ”එයාට ලැයිසන් තුවක්කුවක් තිබුණා. ඒකත් අරන් කැලේට යන කිරිඅප්පු ඉත්තෑවෙක්, හාවෙක්, මී මින්නෙක් දඩයම් කරගෙන එනවා. කොසුයි මසුයි එයාගෙ ප‍්‍රියතම ආහාරෙ. හැබැයි එයා සත්තුන්ට හරි ආදරෙයි. අපේ ගෙදර ඒ කාලෙ හරක්, එළුවො, කුකුලො වගේ සත්තු මහ ගොඩක් හිටියා. එයාගෙ හුරතල් මුගටියෙකුත් හිටියා ටින්කා කියලා. එයා බත් කනකොට ඌ කිරිඅප්පුගෙ කරට නැගල නිදාගන්නවා. ගිරව් සැලලිහිනි එයාගෙ ප‍්‍රියතම සත්තු.”
    පුංචි එතනා කියන්නේ ස්වීප් මුදලාලිගේ රුචි අරුචිකම් ගැනය.
    කිරිඅප්පුගේ තාත්තා සර්ප වෙදකමේ කෙළ පැමිණියෙකි. ඒ වෙදකමත් යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාන්ත‍්‍රයත් ඔහු කිරිඅප්පුටද දී තිබිණි. මේ නිසා ඔහු සමහරෙකුට සර්ප වෙද මහත්තයාද විය.
    කිරිඅප්පුගේ දුවා දරුවන්ද හොඳට ඉගෙන ගත්හ. ඔහුගේ වැඩිමල් දියණිය අදටත් මහනුවර ප‍්‍රදේශයේ රජයේ රැකියාවක් කරයි. බාල දියණිය පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළත් භීෂණ සමයේ තිබූ වැඩ තර්ජන හේතුවෙන් ඇය රැකියාවෙන් ඉවත්වූවාය. ස්වීප් මුදලාලිගේ පුතා අද ජීවතුන් අතර නැත.
    ”තාත්තා ජීවත්ව ඉන්දැද්දි අපිට ඉඩම් ලිව්වා. එක්කෙනෙකුට අක්කර තුන ගානෙ. අම්මටත් අක්කර දෙකක් ලිව්වා. ඉතුරු ඉඩම් ටික වික්කා. එහෙම කරන්න හේතුවුණේ තාත්තාට තාත්තගෙ ඉඩම්වලට ගෙවන්න තිබුණ බදු බර තාත්තට දරාගන්න බැරිවුණ හින්දා. ආදායම් බද්දට අමතරව මාසෙට රුපියල් 800ක ධන බද්දකුත් ඒ කාලෙ ගෙවන්න වුණා. ඉතින් තාත්තා කළේ ඉඩම් ටික විකුණන එක.”
    ස්වීප් මුදලාලිගේ බාල දියණිය වන කල්‍යාණි කුසුම්ලතා කීවාය.
    තාත්තාගේ පින්තූර ලිපි ලේඛන සියල්ල පරිස්සම් කරගෙන සිටින්නේද ඇයයි.
    ස්වීප් මුදලාලි මියගියේ 1973.04.29දාය. මියයන විට වසර 72ක් ගතකර තිබූ ඔහු මියගියේ අංශභාග රෝගය වැළඳීමෙනි. ඔහුගේ දේහය පවුලේ සුසාන භූමියේදීම මිහිදන් කළේ ස්වීප් වත්ත ස්වීප් මුදලාලිගේම බව පසක් කරමිනි.
    ලංකාවේ පළමුවැනි ලොතරැයිය ආරෝග්‍යශාලා ලොතරැයියයි
    අරෝග්‍යශාලා ලොතරැයිය ලංකාවේ පළමුවැනි ලොතරැයියදැයි තහවුරු කර ගැනීම සඳහා අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම් කළමනාකාර ගාමිණී අබේවික‍්‍රම මහතා ඇමතුවෙමු. ඔහු මෙසේ කීවේය.
    ”1955 සැප්තැම්බර් 15 වෙනිදා කොළඹ නගර ශාලාවේදී දිනුම් ඇදපු ආරෝග්‍යශාලා ලොතරැයිය ලංකාවේ පළමුවැනි ලොතරැයියයි. අපේ රටේ ආරෝග්‍යශාලා දියුණු කරන්න අවශ්‍ය අරමුදල් හොයාගන්නයි මේ ලොතරැයිය පවත්වල තියෙන්නෙ. ඒකෙ පළමු දිනුම ලැබිල තියෙන්නෙ ගලිගමුවෙ කෙනෙකුට.”


    :D:yes:අඩුමතරමේ ඔයාලගෙන් REP නැත්තන් BUMPඑකක් වත් ඔනේ :yes::D;)

    ( උපුටා ගත්තෙ = https://www.facebook.com/photo.php?...49491995.59124.272350709501249&type=1&theater )
     
    • Like
    Reactions: vishu

    OOH

    Member
    Nov 16, 2012
    243
    84
    0
    ADAI DANA GATHTHE MACHAN...REP BAHALU...You have given out too much Reputation in the last 24 hours, try again later.