ලංකාවේ මුස්ලිම් විවාහ නිතිය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි.

    වලංගු විවාහයක් සඳහා
    • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.
    • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.
    • මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).
    • මුස්ලිම් විවාහ නීතිය යට‍තේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.
    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලියාපදිංචිය
    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් නොවේ.ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති.පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි.ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි.මුස්ලිම් විවාහ නීතිය යට‍තේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලි වරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය).නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).

    සියවස් ගණනාවක සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ නීති පද්ධති තුනක් යට‍තේ විවාහය යන්න පෝෂණය වී ඇති ආකාරය මෙහිදී සැකෙවින් සඳහන් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ විවාහයට බලපාන නීති පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය උපකාරී වනු ඇත.

    _______________________________________________________________________________________________________________________________________________________________________-



    මුස්ලිම් විවාහ නිතිය අහෝසි කරන්න නම් සිංහලු, දැනට බලපැවැත්ත්වන 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන්න ඕනේ. එහෙම නැතුව යල්පැනගියපු පනතක් වෙනස් කරන්න බෑනේ. ශෝටාබය නෙවෙයි ද මේ ?
    ශෝටාභය කරන්නේ උඹලව අන්දන එක නෙවෙයිද ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    සිංහල අයට මුස්ලිම් අය එක්ක විවාහ වෙලා සහජීවනයෙන් ජීවත් වෙන්න පුලුවන් නීතීයක් නැද්ද ? :lol:
    මුස්ලිම් කෙල්ලෙක් දැක්කා හිත පිරිලා ගියා ඕයි. :love2:
     
    • Like
    Reactions: dan chooti

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මුස්ලිම් විතරද විවාහ 4 කරගන්න පුලුවන්? කාන්තා අයිතිවාසිකම් කොහෙද?