2014 කියන්නේ දැන් අවුරුදු දහයකටත් වඩා පැදලා ඔය වැගන් ආර් වල අඩු එන්ජින් කැපෑසිටි එන නිසා හයි ආර් පී එම් වල තමයි හැමතිස්සෙම දුවන්නෙ. එහෙම වාහන වල එන්ජින් වැඩිකල් පාවිච්චි කරන්න බෑ. ලංකාවේ මිනිස්සු wagon r වගේ වාහන ගන්නේ ගෙවල්වල තියන්න නෙමෙයි. මේක මේ වෙනකොටත් භාවිතයට ගන්න සුදුසු තත්ත්වයක නෑ. පිටින් පේන්න වැක්ස් පාර ගාලා පේන්ට් කරලා තිබ්බට ඇතුලෙ ඔක්කොම ලෙඩ. ඔය ලඩි 45ක් දීලා ගන්නවා කියන්නේ සල්ලි වතුර දැම්මා වගේ වැඩක්. අලුත් වාහන ගෙන්නන්න ගත්තම ඔය වාහන වලට තියෙන ඉල්ලුම නිකම්ම නැති වෙනවා. 2018 වැගන් ආර් එකක් හතළිස් පහකට ගන්න එක නම් තාමත් පාඩු නෑ කියන්න පුළුවන්.ඉතින් එක තමයි ඔය කියන්නේ... 2014 ඒවා 45 ක් වගේ වෙයි කියලා...
2022 එකක් 55 ට එයිද කියාල ෂුවර් නෑ... අවෝත් හොදයි...
මමත් ආසයි 35 ට ගන්න... මාත් පොඩි කාර් එකක් ගන්න බල බලා ඉන්නේ...
ඔය 70 යි කියලා දාලා තියන ඒවා ඒ ගානට යනවා කියලද හිතන්නේ... ඒවා යන්නේ 60 ට වගේ... අනිත් උන් ඉතින් ගණන් දාලා නිකන් ඉඩ බලාගෙන ඉන්නවා...
